3. 1. 3.
යුත්තිහාරවිභඞ්ගය
එහි යුක්තිහාරය කවරෙ යැ: “සබ්බේසං හාරානං” යන මේ යුක්තිහාර යි. කුමක් යොදා යැ යත්: සතර මහාඅපදේසයෝ යි: බුද්ධාපදේස යැ සඞ්ඝාපදේස යැ සම්බහුලත්‍ථේරාපදේස යැ එකත්‍ථේරාපදේස යි. මොහු සතර මහා - අපදේසයෝ යි. (කිසිවක්හු විසින් එළවනලද සූත්‍රයක හෝ සංවර්‍ණකයා විසින් සංවර්‍ණනාවශයෙන් ලබන සූත්‍රයාගේ හෝ) ඒ අර්‍ත්‍ථපද ව්‍යඤ්ජනපදයෝ සූත්‍රයෙහි බහාලියැයුත්තාහ විනයෙහි ලා සසඳාලියැයුත්තාහ, ධර්‍මතායෙහි බස්වාලියැයුත්තාහ. කවර ස්‍රූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්‍ය්‍යසත්‍යසූත්‍රයෙහි යැ. කවර විනයෙක සසඳාලියැ යුත්තාහ යත්: රාගවිනයෙහි දෝසවිනයෙහි මෝහවිනයෙහි යැ. කවර ධර්‍මතායෙක බස්වාලියැයුත්තාහ යත්: ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මතායෙහි යි. ඉදින් චතුරාර්‍ය්‍යසත්‍යයෙහි බැසැගනී නම්, ක්ලේශවිනයෙහි ලා සැසැඳේ නම්, ධර්‍මතාවට ද විරුද්ධ නොවේ නම් මෙසේ කාමාදි ආස්‍රවයන් නූපදවා නම්, සතර මහාපදේසයන් හා යම් යම් අර්‍ත්‍ථධර්‍ම, ජාතයෙක් යෙදේද, යම් යම් කරුණෙකින් යෙදේ ද, යම් යම් ප්‍රකාරයෙකින් යෙදේ ද ඒ ඒ අර්‍ත්‍ථධර්‍මජාතය( සූත්‍රයෙන් නඟා සංවර්‍ණනාවශයෙන්) ගතයුත්තේ යි.
(යුක්ති නිර්ධාරණය දක්වති: )
ප්‍රශ්නයක් පුළුවුස්නාලද කල්හි ඒ ප්‍රශ්නයෙහි කෙතෙක් පද ඇද්දැ’ යි පදවශයෙන් පර්‍ය්‍යවගාහනය කළයුතු යැ, විමසිය යුතු යැ: ඉදින් සියලු පදයෝ එක් අර්‍ත්‍ථයක් ප්‍රකාශ කෙරෙත් නම් එක් ප්‍රශ්නයෙකි. තවද සතර පද කෙනෙක් එක අර්‍ත්‍ථයක් කියත් නම්, එක ප්‍රශ්නයෙකි. පද තුනක් එක අර්‍ත්‍ථයක් කියත් නම් එක ප්‍රශ්නයෙකි. පද දෙකක් එක අර්‍ත්‍ථයක් කියත් නම් එක ප්‍රශ්නයෙකි. එක පදයෙක් එක අර්‍ත්‍ථයක් කියා නම් එක ප්‍රශ්නයෙකි. ඒ ප්‍රශ්නය විමසනුවහු විසින් මෙසේ දතයුතු යැ: කිමැ මේ පාළිධර්‍මයෝ නානාර්‍ත්‍ථ වූවාහු නානාබ්‍යඤ්ජන වූවාහු ද, නොහොත් මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය එකෙක්ද, බ්‍යඤ්ජන මතුයෙක් නානා (වෙනස්) වී දැ’ යි දතයුතු, ඒ කෙබඳු ද යත්: ඒ දෙවි මෙසේ භාග්‍යවතුන් පැන පුළුවුස්සි.
1. ලෝවැසි කවරක්හු විසින් හැමකල්හි අභිහත (නසනුලැබේ) ද? කුමකින් පරිවෘත (වතුරනුලැබේ) ද? කවර ශල්‍යයෙකින් අවතීර්‍ණ (ඇතුළත පිවිසෙනලද) ද? කිමෙකින් දවනලද දැ? යි.
මේ පුළුවුස්නාලද පද සතරෙකි. ඔහු ප්‍රශ්න තුනෙකි. කෙසේ දන්නා ලැබෙයි යත්: මෙසේ යැ - බුදුහු ඒ දෙවිහට මෙසේ විසඳන සේක:
2. මරහු විසින් සත්ලොව හැම කල්හි නසනලද, ජරායෙන් හාත්පසින් වතුරන ලද තෘෂ්ණාශල්‍යයෙන් පිවිසෙනලද, ආශායෙන් දවනලදැ’ යි.
එහි ජරාව ද මරණය ද යන මේ දෙක සංඛත (පඤ්චස්කන්‍ධ)යාගේ සංඛත ලක්‍ෂණයෝ යැ, ජරායෙහි සිටියහුගේ අන්‍යථාත්‍ව වූ මරණය ව්‍යය වෙයි. එහි ජරාව ද මරණය ද අර්‍ත්‍ථ හෙයින් නානාත්‍ව වෙයි, කවර කරුණෙන යත්: යම්හෙයෙකින් ගැබැ හොත්තාහු ද මියයෙති, ඔහු ජීර්‍ණ වූවාහු නො ද වෙත්. තවද දෙවියනට මරණ ඇත, ඔවුන්ගේ සිරුරු නො ද දිරති. ජරාවට පිළියම් කරන්නට ශක්‍ය මැ ය. එතෙකුදුවත් ඍද්ධිමතුන්ගේ සෘද්ධිවිෂය තබා මරණයට පිළියම් කරන්නට නො හැකි වේ.
යළි “තණ්හාසල්ලෙන ඔතිණ්ණො” යී වදාළහ. වීතරාගයෝ දිරන්නාහු ද මියන්නාහු ද පැනෙති. ඉදින් ජරාමරණය යම් සේ ද තණ්හාවත් එබඳු වී නම්, එසේ ඇති කල හැම යොවුන්වියෙහි සිටියාහු මැ විගතතෘෂ්ණ වන්නාහ, යම් සේ තණ්හාව දුක්ඛ සමුදය වේ ද, එපරිදි ජරාමරණ ද දුක්ඛසමුදය වන්නේය, තණ්හාව දුක්ඛසමුදය නො ද වේ නම්, ජරාමරණ දුක්ඛසමුදය නො මැ වේ, තණ්හාව දුකට සමුදය වෙයි. යම් සේ තණ්හාව මාර්‍ගවධ්‍ය වී නම්, එපරිදි ජරාමරණ ද මාර්‍ගවධ්‍ය වන්නේය. (මෙසෙයින් ජරාමරණ හා තණ්හාව අනන්‍ය නොවේ.) මේ යුක්තියෙන් අන්‍යාන්‍ය කාරණයෙන් විමසිය යුතු යි.
තවද ඉදින් යුක්තිසමාරූඪ වූයේ අර්‍ත්‍ථහෙයිනුදු අන්‍යත්‍වය දක්නාලැබේ නම්, බ්‍යඤ්ජන වශයෙනුදු (අන්‍යත්‍වය) විමසියැ යුතු ය: ‘සල්ල’ යී ද ‘ධූපායන’ යී ද (තෘෂ්ණ ඉච්ඡා යන) මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ හෙයින් ඒකත්‍වය වෙයි. ‘ඉච්ඡා’ වගේ ද ‘තණ්හා’ වගේ ද අර්‍ත්‍ථ හෙයින් අන්‍යත්‍වය නො යෙදේ මැයි. තෘෂ්ණායෙන් අදහස නො පිරෙන කල්හි නවවැදැරුම් ආඝාතවස්තු විෂයෙහි ක්‍රෝධයත් උපනාහයත් උපදී. (ජරා මරණ විපර්‍ය්‍යාසයෙහි ක්‍රෝධය නූපදී.) මේ යුක්තියෙන් ජරාවගේ ද මරණයාගේ ද තණ්හාවගේ ද අර්‍ත්‍ථහෙයින් අන්‍යත්‍වය වේ.
තවද භාග්‍යවතුන් විසින් ‘ඉච්ඡා’ යයි ද ‘තණ්හා’ යයි ද නම් දෙකකින් යම් අභිලපනයක් කරනලද ද, මෙය භාග්‍යවතුන් විසින් බාහිර වූ රූපාදි වස්තූන් අරමුණු කිරීම් වශයෙන් ඉච්ඡා යී ද තණ්හා යී ද නම් දෙකකින් අභිලපිත විය. (වදාරනලද.) ඒ එසේ මැ ය. (නම් වශයෙන් ප්‍රභේද වූ) සියලු තෘෂ්ණාව අධ්‍යවසාන (අරමුණෙහි බැස ගැනීම්) ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ ඇත්තීය. යම්සේ සියලු ගින්න උෂ්ණත්‍ව ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ වේ ද, එතෙකුදු වත් (ඇවිළැගන්නා කාෂ්ටාදි) උපාදානයන්ගේ වශයෙන් ‘කටඨග්ගි’ යැ ‘තිණග්ගි’ යැ ‘සකලිකග්ගි’ යැ ‘ගොමයග්ගි’ යැ ‘ථුසග්ගී’ යැ ‘සඞ්කාරග්ගි’ යැයි ද අන්‍යාන්‍ය වූ නම් ලබා නමුදු සියලු මැ ගින්න උෂ්ණත්‍වලක්‍ෂණ වේ මැ ය. එසෙයින් සියලු තෘෂ්ණාව අධ්‍යවසාන (ගැලීසිටීම්) ලක්‍ෂණයෙන් සමානලක්‍ෂණ ඇත්තීය. එතෙකුදු වත් (අරමුණු කැමැති වේ නුයි) ‘ඉච්ඡා’ යී ද (තෘෂ්ණා කෙරේ නුයි) ‘තණ්හා’ යී ද (විෂ පෙවූ ශල්‍යයක් වැනි නුයි) ‘සල්ල’ යී ද (සන්තාපනාර්‍ත්‍ථයෙන්) ‘ධූපායනා’ යී ද (ශීඝ්‍රශ්‍රෝතස් ඇති නදියක් වැනි නුයි) ‘සරිතා’යී ද (පැතිරීම් ආදි අර්‍ත්‍ථයෙන්) ‘විසත්තිකා’ යී ද (ස්නෙහ කිරීම් වශයෙන්) ‘සිනෙහ’ යී ද (නානාගතියෙහි ක්ලමථු උපදවනුයෙන්) ‘කිලමථ’ යී ද