3. 1. 12.
ඕතරණහාරවිභඞ්ගය
එහි ඕතරණහාරය කවරෙ යැ: “යො ච පටිච්චුප්පාදො” යනාදි නිද්දේසගාථා යැ.
1. උඩ රූපාරූපධාතුවයෙහි ද යට, කාමධාතුයෙහි ද යන සියලු ත්රෛධාතුක ලෝකයෙහි අශෛක්ෂවිමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ මම් වෙමි’ නො දක්නා සුලු වූයේ මෙසේ සේඛාසේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්භවය නොවුනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යයි.
‘උද්ධං’ යනු රූපධාතුව ද අරූපධාතුව ද යන දෙක යැ, ‘අධෝ’ යනු කාමධාතු යැ, ‘සබ්බධි විප්පමුත්තො’ යනු ත්රෛධාතුක ලෝකයෙහි මේ (විරාගතා සංඛ්යාත) අශෛක්ෂ ඵලවිමුක්ති යැ, ඒ අශෛක්ෂවිමුක්තියෙහි යෙදුණු ශ්රද්ධාදි ඉන්ද්රියයෝ යැ අශෛක්ෂ පඤ්චේන්ද්රියයෝ යැ, මේ (අශෛක්ෂවිමුක්තියෙන් නිර්ධාරණ කළ) ශ්රද්ධාදි ඉන්ද්රියයන්ගෙන් (සූත්රසංවර්ණනාවට) අවතරණ (බැසගැනීම) යි. ඒ අශෛක්ෂ පඤ්චේන්ද්රියයෝ මැ ‘විද්යා’ නම් වෙයි, මාර්ගඥානවිද්යාව ඉපදීමෙන් අවිද්යානිරෝධය වෙයි, අවිද්යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වෙයි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධය වෙයි, ස්පර්ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි, වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙති. මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මේ පටිච්චසමුප්පාදයෙන් සූත්රවර්ණනාවට බැසගැනීම යි. ඒ අශෛක්ෂ පඤ්චේන්ද්රියයෝ මැ ශීලස්කන්ධයෙන් සමාධිස්කන්ධයෙන් ප්රඥාස්කන්ධයෙන් යන ත්රිවිධ ස්කන්ධයෙන් සංගෘහීත වූවාහු ය, මේ ස්කන්ධයන්ගෙන් අවතරණ යි. ඒ අශෛක්ෂ පඤ්චේන්ද්රියයෝ මැ සංස්කාරස්කන්ධයෙහි ඇතුළුවු අනාස්රව වූ නො ද භවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෝ ධර්මධාතුයෙන් සංගෘහීතයහ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්මධාතුව අනාස්ර වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද එය ධර්මායතන පර්ය්යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් (සූත්රවර්ණනාවට) අවතරණ යි.
‘අයමහමස්මීති අනානුපස්සී’ යනු මේ සත්කායදෘෂ්ටිහුගේ සමුද්ඝාත යැ, ඒ ශෛක්ෂ ඵලවිමුක්ති යි. ඒ ශ්රද්ධාදි ඉන්ද්රියයෝ මැ ශෛක්ෂ පඤ්චේන්ද්රියයෝ යැ, මේ ඉන්ද්රියයන්ගෙන් සූත්රවර්ණනාවට අවතරණ යි. ඒ ශෛක්ෂ පඤ්චේන්ද්රියයෝ මැ මාර්ගඥාන විද්යා යැ, විද්යොත්පාදය ප්රත්යය කොටගෙන අවිද්යානිරෝධය වෙයි, අවිද්යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. (මෙසේ සියලු මැ පටිච්චසමුප්පාදය වෙයි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එ මැ විද්යාව ප්රඥාස්කන්ධ යැ, මේ ස්කන්ධයන්ගෙන් අවතරණ යි. එ මැ විද්යාව සංස්කාරස්කන්ධපර්ය්යාපන්න යැ, යම් සංස්කාර කෙනෙක් අනාස්රව වූවාහු නො ද භවාඞ්ග වෙත් ද ඒ සංස්කාරයෝ ධර්මධාතුයෙන් සංගෘහීතයහ. මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්මධාතුව අනාස්රව වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්මායතනයෙහි පර්ය්යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. ශෛක්ෂවිමුක්තියෙන් ද අශෛක්ෂවිමුක්තියෙන් ද කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූයේ පුනර්භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යි. එයින් වදාළහ, බුදුහු: “උද්ධං අධෝ” යනාදිය.
“තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නිශ්රිත වූවහුට විෂ්පන්දන (පොපියනු) වෙයි, නිශ්රය රහිත වු ක්ෂීණාස්රව හට චලිත (විෂ්පන්දිත) යෙක් නැති. චලිතය නැති කල්හි කාය චිත්තදරථයන්ගේ සන්හිඳීම වෙයි, පස්සද්ධිය ඇති කල්හි රූපාදි ආලම්බනයෙහි නැමීම නොවෙයි, නතිය නැති කල්හි පටිසන්ධි විසින් ආගමනය ද චුති විසින් ගමනය ද නොවෙයි. ආගති ගති නැති කල්හි ච්යුති උපප්රාප්ති නොවෙයි. චුති උපපාත නැති කල්හි මෙලොවැ නො මැ වෙයි, පරලොවැ නො වෙයි, උභයලෝකයෙහි මැ නොවැයි, මෙය මැ වට්ටදුක්ඛයාගේ අන්තය වේ” යයි.
‘නිස්සිතස්ස චලිතං’ යනු නිස්සය නම්: තණ්හානිස්සය ද දිට්ඨිනිස්සය දැ’ යි ද්විවිධ යැ, එහි රූපාදියෙහි ඇලුණහුගේ යම් තෘෂ්ණාචේතනාවක් ඇද්ද මේ තෘෂ්ණානිශ්රය (අභිනිවේශය) යැ, අරමුණෙහි මූඪවූවහුගේ යම් චේතනාවක් ඇද්ද මේ දෘෂ්ටිනිශ්රය යැ, චේතනා වූ කලි සංස්කාරයෝ යි. සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි, විඥානප්රත්යයෙන් නාමරූපය වෙයි. (මෙසේ සියලු පටිච්චසමුප්පාදය යි) මේ පටිච්චසමුප්පාදයෙන් (සූත්රවර්ණනාවට) බැසගැනීම යි. එහි අනුරක්තයාගේ යම් වේදනාවක් ඇද්ද මේ සුඛවේදනා යැ, සම්මූඪ වූවහුගේ යම් වේදනාවක් ඇද්ද මේ අදුක්ඛමසුඛවෙදනා යැ, මේ වේදනාවෝ වේදනාස්කන්ධ යැ, මේ ස්කන්ධයන්ගේ අවතරණයි. එහි සුඛවේදනාව සුඛින්ද්රිය ද සෝමනස්සින්ද්රිය දැයි ඉන්ද්රිය දෙකෙකි. අදුක්ඛමසුඛවේදනාව උපෙක්ඛින්ද්රිය යැ, මේ ඉන්ද්රියයන්ගෙන් අවතරණ යි. ඒ ඉන්ද්රියයෝ මැ සාස්රව වූ හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි ඇතුළු වූවාහුය, ඒ සංස්කාරයෝ ධර්මධාතුයෙහි සංගෘහිතයහ, මේ ධාතුන්ගෙන් අවතරණයයි. ඒ ධර්මධාතුව ස්රාසව හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්මායතනයෙහි පර්ය්යාපන්න යැ. මේ ආයතනයන් ගෙන් අවතරණ යි.
‘අනිස්සිතස්ස චලිතං නත්ථි’ යනු සමථවශයෙන් හෝ තෘෂ්ණායෙන් අනිශ්රිත වූයේ විදර්ශනාවශයෙන් හෝ දෘෂ්ටියෙන් අනිශ්රිත වූයේ වෙයි. යම් විදර්ශනාවක් ඇද්ද මේ විද්යා යැ, විද්යොත්පාදයෙන් අවිද්යානිරෝධය වෙයි, අවිද්යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, (මෙසේ සියලු පටිච්චසමුප්පාදය වෙයි) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. ඒ විදර්ශනාව මැ ප්රඥාස්කන්ධ යැ, මේ ස්කන්ධයන්ගෙන් අවතරණ යි. ඒ විදර්ශනාව මැ විරියින්ද්රිය ද පඤ්ඤින්ද්රිය ද යන ඉන්ද්රිය දෙක වෙයි, මේ ඉන්ද්රියයන්ගෙන් අවතරණ යි. එ මැ විදර්ශනාව අනාස්රව වු නො ද හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්ය්යාපන්න යැ, ඒ සංස්කාරයෝ ධර්මධාතුයෙහි සංගෘහිතයහ, මේ ධාතුන්ගෙන් අවතරණ යි. ඒ ධර්මධාතුව අනාස්රව වූ නො ද හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්මායතනයෙහි පර්ය්යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
‘පස්සද්ධියා සති’ යනු කායිකපස්සද්ධිය ද චේතසිකපස්සද්ධිය දැයි පස්සද්ධි දෙවැදෑරුම් වෙයි, කරජකය ඇසිරිකළ යම් සුවයෙක් ඇද්ද මේ කායිකපස්සද්ධිය යැ, සිත ඇසිරිකළ යම් සුවයෙක් ඇද්ද මේ චෙතසිකපස්සද්ධි යි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුවය ලබයි, සුව ඇතියහුගේ සිත සමාධියට පැමිණෙයි, සමාහිත වූයේ යථාභූතව (තතුසේ) දැනගනී, යථාභූතව දන්නේ (සංස්කාරයන්හි) උකටලි වෙයි, උකටලිවනුයේ නොඇලෙයි, විරාගයෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි, විමුක්ත කල්හි ‘මිදිණැ’ යි ප්රත්යවේක්ෂාඥානය වෙයි, ජාතිය ක්ෂය වූයැ, බඹසර වැස නිමවනලද, සිවුමග කරණී කරන ලද, මාර්ගකෘත්යය පිණිස හෝ ක්ලේශක්ෂය පිණිස අන් කටයුත්තෙක් නැති’ යි දැනගනී, ඒ ක්ෂීණාස්රව රූපවිෂයෙහි නො නැමෙයි, ශබ්ද - ගන්ධ - රස - ස්ප්රෂ්ටව්ය - ධර්මවිෂයෙහි නො නැමෙයි. රාගය ක්ෂය කළ හෙයින් ද්වේෂය ක්ෂය කළ හෙයින් මෝහය ක්ෂය කළ හෙයිනි. යම් රූපූපාදානයකුත් හේතු කොටගෙන භවයෙහි සිටින්නාවු චුතිපටිසන්ධි විසින් හැසිරෙන්නාවූ සත්ත්වයා පනවනුයෙක් පනවා නම් ඒ රූපූපාදනය