8. 3.
හේමක මාණවකය, මෙලොවැ රූපායතන ශබ්දායතන ගන්ධ- රස-ස්ප්රෂ්ටව්යායතන ධර්මායතන සඞ්ඛ්යාත වූ ප්රිය ස්වභාවයන්හි ඡන්දරාගය දුරු කිරීම ච්යුති රහිත වූ නිර්වාණපදය වෙයි.
ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු- ‘දිට්ඨං’ යනු: ඇසින් දක්නාලද, සුතං යනු: කනින් අසන ලද, මුතං යනු: නැහැයෙන් ආඝ්රාණය කරන ලද, දිවින් රස විඳුනා ලද, කයින් පහස්නාලද, විඤ්ඤාතං යනු: මනසින් දන්නා ලද නුයි ‘ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු’ යනු වේ.
පියරූපෙසු හේමක යනු: ලෝකයෙහි ප්රියස්වභාවය මධුරස්වභාවය කවරැ යත්: ඇස ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කන ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, නැහැය ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, දිව ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කය ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, මනස ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යි, රූපයෝ ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දයෝ ලෝකයෙහි-ගන්ධයෝ ලෝකයෙහි- රසයෝ ලෝකයෙහි- ස්ප්රෂ්ටව්යයෝ ලෝකයෙහි ධර්මයෝ ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්ෂුර්විඥානය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශ්රොත්රවිඥානය ලෝකයෙහි-ඝ්රාණවිඥානය ලෝකයෙහි- ජිහ්වා විඥානය ලෝකයෙහි- කායවිඥානය ලෝකයෙහි- මනෝවිඥානය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව යැ
සෝත - ඝාන - ජිව්හා.. කායසම්ඵස්සය ලෝකයෙහි- මනෝසම්ඵස්සය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි... සෝත-ඝාන...ජිව්හා- කාය- මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසංඥාව ලෝකයෙහි- ශබ්දසංඥාව ලෝකයෙහි-...ගන්ධ-රස, ස්ප්රෂ්ටව්ය-ධර්මසංඥාව ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසඤ්චේතනාව ලෝකයෙහි,... ශබ්ද-ගන්ධ-රස-ස්ප්රෂ්ටව්ය-ධර්මසඤ්චෙතනාව ලෝකයෙහි ප්රිය ස්වභාව යැ මධුරස්වභාව යි, රූපතෘෂ්ණාව ලෝකයෙහි- ශබ්දතෘෂ්ණාව ලෝකයෙහි- ...ගන්ධ-රස-ස්ප්රෂ්ටව්ය- ධර්මතෘෂ්ණාව ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව යි, රූපවිතර්කය ලෝකයෙහි... ශබ්ද-ගන්ධ-රස-ස්ප්රෂ්ටව්ය ධර්මවිතර්කය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපවිචාරය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දවිචාරය ලෝකයෙහි... ගන්ධ-රස-ස්ප්රෂ්ටව්ය-ධර්මවිචාරය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව ඇත් නුයි ‘පියරූපෙසු හේමක’ යනු වේ.
ඡන්දරාගවිනොදනං- ‘ඡන්දරාගො’යනු: කාමයෙහි යම් කාමච්ඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්දියක් කාමතෘෂ්ණාවක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාම විසින් ගිල අවසන් කොට ගැනීමෙක් කාම (සඞ්ඛ්යාත) ඕඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් කාමච්ඡන්දනීවරණයෙක් වේ ද, එය ය
ඡන්දරාගවිනොදනං යනු: ඡන්දරාග ප්රහාණ යැ ඡන්දරාගය සන්හිඳුවීම යැ ඡන්දරාගය දුරු කිරීම යැ ඡන්දරාගයා ගේ ප්රතිප්රශ්රබ්ධි යැ අමාමහනිවන නුයි ‘ඡන්දරාගවිනොදනං’ යනු ව
නිබ්බානපදමච්චුතං යනු: නිර්වාණපද යැ ත්රාණපද යැ ලෙන (නිලීනස්ථාන) පද යැ සරණ පද යැ අභය පද යි. අච්චුතං යනු: නිත්ය යැ ධ්රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව නුයි ‘නිබ්බානපදමච්චූතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඉධ දිට්ඨසුතමුත -පෙ- නිබ්බානපදමච්චුතං” යී.