8. හේමක සූත්ර නිර්දෙශය
8. 1.
(ආයුෂ්මත් හේමක මාණවක මෙසේ විචාරයි; ) භාග්යවතුන් වහන්ස, පෙර (බාවරි බ්රාහ්මණාදි) යම් කෙනෙක් ගෞතමශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් (ඉතිහීතිහ) කථායෙක. එ හැම (කාමවිතර්කාදි) තර්ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.
යෙ මෙ පුබ්බේ වියාකාංසු- ‘යෙ’යනු: යම් බාවරි නම් බමුණු කෙනෙක් වෙත් ද ඹවුන්ගේ ආචාර්ය්ය වූ අන්ය වූ යම් කෙනෙකුත් වූහු ද ඔහු ස්වකීය දෘෂ්ටිය ස්වකීය ක්ෂාන්තිය ස්වකීය රුචිය ස්වකීය ලබ්ධිය ස්වකීය අධ්යාශය ස්වකීය අභිප්රාය වියාකංසු- කීහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවරණය කළහ විභාග කළහ ප්රකට කළහ ප්රකාශ කළ හු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ. ඉච්චායස්මා හෙමකො යනු... හුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පූර්වයෙහි, ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි, ගෞතමශාසනයෙන් පෙර, ගෞතම ශාසනයෙන් පළමු, බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවදේව ශාසනයෙන් අර්හත්ශාසනයෙන් පළමු නුයි ‘හුරං ගොතමසාසනා’යනු වේ.
ඉච්චාසි ඉති භවිස්සති යනු: ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නෙ ල’ නුයි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.
සබ්බං තං ඉතිහීතිහා යනු: ඒ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථා (ඉතිහීතිහ) යෙන්, මෙසේ ල යන කථා (ඉතිකිරු) යෙන්, පරම්පරාකථායෙන්, පෙළ හා සම යැ යි ගන්නා පිටකසම්පදායෙන්, තර්කහේතුයෙන්, නය හේතුයෙන්, (මෙය සුන්දර යි) ආකාර සැලකීමෙන්, අප රුචි කොට ගත් දෘෂ්ටිය හා සම යි කීවාහු යැ නො ද තුමූ තමන් විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද්දක්, නො ද තමහට පසක් වූ දහමක් කීවාහු නුයි ‘සබ්බං ත ඉතිහීතිහං’ යනු වේ.
සබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්ක වඩනාසුලු යැ විතර්ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්ක වඩනාසුලු යැ ව්යාපාද විතර්ක වඩනාසුලු යැ විහිංසාවිතර්ක වඩනාසුලු යැ ඥාතිවිතර්ක වඩනාසුලු යැ ජනපදවිතර්ක වඩනාසුලු යැ අමරාවිතර්කදෘෂ්ටිය වඩනාසුලු යැ ගෙහසිත ප්රේමයෙන් යුක්ත විතර්ක වඩනාසුලු යැ ලාභ-සත්කාර-කීර්ති-ශබ්ද ප්රතිසංයුක්ත වූ විතර්ක වඩනාසුලු යැ අනවඤ්ඤත්ති (අවමන් නො ලබනු කැමැත්ත) ප්රතිසංයුක්ත වූ විතර්ක වඩනාසුලු නුයි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’යනු වේ.
නාහං තත්ථ අභිරමිං යනු: මම එහි නො ඇලුණෙමි (එය) නො වින්දෙමි (එයට) නො පැමිණියෙමි. (එය) නො ලැබීමි නුයි ‘නාහං තත්ථ අභිරමිං’යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“යෙ මෙ පුබ්බේ -පෙ- නාහං තත්ථ අභිරමිං” යි.
8. 2.
මුනීන්ද්රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනැව.
ත්වං ච මෙ ධම්මමක්ඛාහි- ‘ත්වං’යි භාග්යවතුන් අමතයි. ධම්මමක්ඛාහි- ‘ධම්මං’ යනු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ (අර්ත්ථ සම්පත්ති ආදීන්) සාර්ත්ථ වූ (ව්යඤ්ජන සම්පත්ති ආදීන්) සව්යඤ්ජන වූ සියල්ල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්යය, සතර සතිපට්ඨානයන් සතර සම්යක්ප්රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්ද්රියයන් පඤ්චබලයන් සප්ත බෝධ්යඞ්ගයන් ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය, නිර්වාණය හා නිර්වාණගාමිනී ප්රතිපදාව හා, අක්ඛාහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්රකට කළ මැනැව ප්රකාශ කළ මැනැව නුයි ‘ත්වං ච මෙ ධම්මමක්ඛාහි’ යනු වේ.
තණ්හානිග්ඝාතනං මුනි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්ම තෘෂ්ණා යි. තණ්හා නිග්ඝාතනං- තෘෂ්ණාවගේ ප්රහාණය තෘෂ්ණාවගේ සන්හිඳීම තෘෂ්ණාවගේ දුරැලීම තෘෂ්ණාවගේ ප්රතිප්රශ්රබ්ධිය අමාමහනිවන මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... රාගාදි සඞ්ගය හා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හේ මුනි වේ නුයි ‘තණ්හා නිග්ඝාතනං මුනි’ යනු වේ.
යං විදිත්වා සතෝ චරං යනු: යමක් දන්නා ලද කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්මයෝ අනාත්මහ’යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හේ ‘සිහි ඇතියේ’යි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ වැටෙනුයේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්වා සතෝ චරං’ යනු වේ.