8. 2.
මුනීන්ද්රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනැව.
ත්වං ච මෙ ධම්මමක්ඛාහි- ‘ත්වං’යි භාග්යවතුන් අමතයි. ධම්මමක්ඛාහි- ‘ධම්මං’ යනු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ (අර්ත්ථ සම්පත්ති ආදීන්) සාර්ත්ථ වූ (ව්යඤ්ජන සම්පත්ති ආදීන්) සව්යඤ්ජන වූ සියල්ල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්යය, සතර සතිපට්ඨානයන් සතර සම්යක්ප්රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්ද්රියයන් පඤ්චබලයන් සප්ත බෝධ්යඞ්ගයන් ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය, නිර්වාණය හා නිර්වාණගාමිනී ප්රතිපදාව හා, අක්ඛාහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්රකට කළ මැනැව ප්රකාශ කළ මැනැව නුයි ‘ත්වං ච මෙ ධම්මමක්ඛාහි’ යනු වේ.
තණ්හානිග්ඝාතනං මුනි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්ම තෘෂ්ණා යි. තණ්හා නිග්ඝාතනං- තෘෂ්ණාවගේ ප්රහාණය තෘෂ්ණාවගේ සන්හිඳීම තෘෂ්ණාවගේ දුරැලීම තෘෂ්ණාවගේ ප්රතිප්රශ්රබ්ධිය අමාමහනිවන මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... රාගාදි සඞ්ගය හා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හේ මුනි වේ නුයි ‘තණ්හා නිග්ඝාතනං මුනි’ යනු වේ.
යං විදිත්වා සතෝ චරං යනු: යමක් දන්නා ලද කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්මයෝ අනාත්මහ’යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හේ ‘සිහි ඇතියේ’යි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ වැටෙනුයේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක්... බලවත් රාගයෙක් අභිධ්යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතින් විසත්තිකා නම් වූ යැ යත්... පතළා යැ විස්තෘත යැ නුයි ‘විසත්තිකා’ නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි යැ මනුෂ්යලෝකයෙහි යැ දිව්යලෝකයෙහි යැ ස්කන්ධ ලෝකයෙහි යැ ධාතුලෝකයෙහි යැ ආයතනලෝකයෙහි යි. තරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇති වැ තරණය කරන්නේ යැ උත්තරණ-ප්රතරණ-සමතික්රමණය කරන්නේ යැ ඉක්ම සිටුනේ යැ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ත්වං ච මෙ -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යි.
8. 3.
හේමක මාණවකය, මෙලොවැ රූපායතන ශබ්දායතන ගන්ධ- රස-ස්ප්රෂ්ටව්යායතන ධර්මායතන සඞ්ඛ්යාත වූ ප්රිය ස්වභාවයන්හි ඡන්දරාගය දුරු කිරීම ච්යුති රහිත වූ නිර්වාණපදය වෙයි.
ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු- ‘දිට්ඨං’ යනු: ඇසින් දක්නාලද, සුතං යනු: කනින් අසන ලද, මුතං යනු: නැහැයෙන් ආඝ්රාණය කරන ලද, දිවින් රස විඳුනා ලද, කයින් පහස්නාලද, විඤ්ඤාතං යනු: මනසින් දන්නා ලද නුයි ‘ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු’ යනු වේ.
පියරූපෙසු හේමක යනු: ලෝකයෙහි ප්රියස්වභාවය මධුරස්වභාවය කවරැ යත්: ඇස ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කන ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, නැහැය ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, දිව ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කය ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, මනස ලෝකයෙහි ප්රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යි, රූපයෝ ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දයෝ ලෝකයෙහි-ගන්ධයෝ ලෝකයෙහි- රසයෝ ලෝකයෙහි- ස්ප්රෂ්ටව්යයෝ ලෝකයෙහි ධර්මයෝ ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්ෂුර්විඥානය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශ්රොත්රවිඥානය ලෝකයෙහි-ඝ්රාණවිඥානය ලෝකයෙහි- ජිහ්වා විඥානය ලෝකයෙහි- කායවිඥානය ලෝකයෙහි- මනෝවිඥානය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්රියස්වභාව යැ මධුර ස්වභාව යැ