8.
මෘගයනට රජ වූ කේශරසිංහ තෙමේ දළ බල කොට ඇතියේ යම් සේ (කායබලයෙන්) ලාහෙලා හැසිරේද (තේජසින්) අභිභවා හැසිරේ ද, එසෙයින් වනයෙහි දුර සෙනසුන් සෙවුනේ යැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සිහො යථා දඨාබලී පසය්හ රාජා මිගානං අභිභූය්‍ය චාරි යනු: යම්සේ සිංහ මෘගරාජ දළ බල කොට ඇතියේ දළ අවි කොට ඇතියේ හැම තිරිසන් ගිය සතුන් මැඩ අභිභවා යටපත් කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේ බුදුහු ද නුවණ බල කොට ඇතියාහු නුවණ අවි කොට ඇතියාහු සියලු ප්‍රාණීන් සියලු පුද්ගලයන් ප්‍රඥායෙන් මැඩ අභිභවා යට කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්නු යි ‘සීහො යථා දඨාබලී පසස්හ රාජා මිගානං අභිභූය්‍ය චාරී” යනු වේ.
සෙවෙථ පන්තානි සේනාසනානි යනු; යම්සේ සිංහරාජ අරණ්‍යයෙහි වල් වැද හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේබුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්‍ය කාරණයට නිසි වූ විවේකයට නිසි වූ වනසෙනසුන් ද වෙනෙහි දුර සෙනසුන් ද වනකෙළවර සෙනසුන් ද ඇසුරු කෙරෙති. ඒ පසේබුදුහු එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හිඳුති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැපෙරළා යෙති, එකලාවැ රහසැ හිඳුති, එකලාවැ සක්මනට බසිති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, යපනය කෙරෙත් නුයි ‘සෙවෙථ පන්තානි සේනාසනානි ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“සීහො යථා දාඨාඛලී පසය්හ -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො” යි.
9.
යුක්තප්‍රාප්තකාලයෙහි මෛත්‍රිය ද උපේක්‍ෂාව ද කරුණාව ද මෘදුතාව ද යන චතුර්විධ විමුක්තිය සෙවුනේ සියලු ලෝකයා හා සමඟ අවිරොධ වෙමින් කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේයි.
මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමාතො මුදිතඤ්ච කාලෙ යනු: ඒ පසේබුදුහු මෛත්‍රි සහගත සිතින් එක් දෙසක් ස්පර්‍ශ කොට වෙසෙති, එසෙයින් දෙ වැනි දෙස ද එසෙයින් තෙ වැනි දෙස ද එසෙයින් සිව් වැනි දෙස ද ස්පර්‍ශ කොට වෙසෙති, මෙසේ උඩ යැ යට යැ සරස යැ යන සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව මෛත්‍රී සහගත වූ විපුල වූ මහද්ගතවූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක වූ සිතින් ස්පර්‍ශ කොට වෙසෙත් නුයි “මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආදෙසව මානො මුදිතඤ්ච කාලෙ”යනු වේ.
සබ්බේන ලොකෙන අවිරුද්ධමානො යනු: මෙත් වැඩු බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, අවරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - උතුරු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - දකුණු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - පෙර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - අවර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද උතුරු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත්ද දකුණු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද යටදිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- උඩ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- දශ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, කරුණා වැඩු බැවින් මෘදුතා වැඩු බැවින් - උපෙක්ෂා වැඩූ බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද . . . දශදිශායෛහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙත්.