9.
යුක්තප්‍රාප්තකාලයෙහි මෛත්‍රිය ද උපේක්‍ෂාව ද කරුණාව ද මෘදුතාව ද යන චතුර්විධ විමුක්තිය සෙවුනේ සියලු ලෝකයා හා සමඟ අවිරොධ වෙමින් කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේයි.
මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමාතො මුදිතඤ්ච කාලෙ යනු: ඒ පසේබුදුහු මෛත්‍රි සහගත සිතින් එක් දෙසක් ස්පර්‍ශ කොට වෙසෙති, එසෙයින් දෙ වැනි දෙස ද එසෙයින් තෙ වැනි දෙස ද එසෙයින් සිව් වැනි දෙස ද ස්පර්‍ශ කොට වෙසෙති, මෙසේ උඩ යැ යට යැ සරස යැ යන සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව මෛත්‍රී සහගත වූ විපුල වූ මහද්ගතවූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක වූ සිතින් ස්පර්‍ශ කොට වෙසෙත් නුයි “මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආදෙසව මානො මුදිතඤ්ච කාලෙ”යනු වේ.
සබ්බේන ලොකෙන අවිරුද්ධමානො යනු: මෙත් වැඩු බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, අවරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - උතුරු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - දකුණු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - පෙර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - අවර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද උතුරු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත්ද දකුණු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද යටදිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- උඩ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- දශ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, කරුණා වැඩු බැවින් මෘදුතා වැඩු බැවින් - උපෙක්ෂා වැඩූ බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද . . . දශදිශායෛහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙත්.
සබ්බේන ලොකෙන අවිරුජ්ඣමානො යනු: සියලු ලො වැ සතුන් හා සමග අවිරුද්ධ වන්නාහු අප්‍රතිවිරුද්ධ වන්නාහු නො ගටනු ලබන්නාහු නො නසනු ලබන්නාහු නුයි “සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
10.
රාගය ද ද්වේෂය ද මෝහය ද දුරු කොට දස සංයෝජනයන් ප්‍රදාලනය කොට ජීවිතක්ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං - “රාගො” යනු: “යම් රාගයෙක් සංරාගයෙක් . . අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. දෝසෝ යනු: “චිත්තයා ගේ යම් ආඝාතයෙක් ... සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයා ගේ නො සතුටු බවෙක් වේ ද එය යි. මොහො යනු: “දුඃඛසත්‍යයෙහි නො දැනීම යැ ... අවිද්‍යා ලඞ්ගියක් මෝහ අකුශල මූලයෙක් වේ ද එය යි. රාගඤ්ච දොසඤ්ච පහාය මොහං යනු: ඒ පසේබුදුහු රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි “රාගඤ්ච දෝසඤ්ච පහාය මොහං”යනු වේ.
සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි - සංයෝජන දශයෙකි: කාම රාගසංයොජන යැ ප්‍රතිඝසංයෝජන යැ. . . අවිද්‍යා සංයෝජන යි. සන්‍දාලයිත්‍වාන සංයොජනානි යනු: සංයෝජනයන් සන්‍දාලනය කොට ප්‍රදාලනය කොට සම්ප්‍රදාලනය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්‍වාන සඤ්ඤොජනාති”යනු වේ.
අසන්තසං ජීවිතසඞ්ඛයම්හි යනු: ඒ පසේ බුදුහු දිවි කෙළවර ත්‍රස්ත නො වන සුල්ලහ උත්‍රස්ත නො වනුවහ උද්වේග නො වනුවහ නො සැක වනුවහ නො තැතිගනුවහ නො බිය සුල්ලහ නො සැලෙනුවහ උත්‍රාස නො වනුවහ නො පලායන සුල්ලෙහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇති වැ වෙසෙත් නුයි. “අසන්තසං ජීවිතසඩ්ඛයම්හි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“රාගඤව දොසඤච පහාය මොහං -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.