5.
කායවිවේකය ද ධ්යාන සංඛ්යාත චිත්තවිවේකය ද නො හරනුයේ නිරතුරු (විදර්ශනොපග වූ) පඤ්චස්කන්ධාදි ධර්මයන්හි අනුධම්මචාරී වූයේ භවත්රයෙහි ආදීනව දක්නේ කගවෙහෙණ හඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
පටිසල්ලානං ඣානමරිඤචමානො යනු: ඒ පසේබුදුහු කායවිවේකයෙහි ඇලුණාහු විවේකයෙහි සතුටු වූවාහු වෙති. අධ්යාත්මයෙහි වූ චිත්තසමාධියෙහි යෙදුණාහු බැහැර නො කළ ධ්යාන ඇත්තාහු විදර්ශනායෙන් සමන්විත වූවාහු ශුන්යාගාරයෙහි කරන භාවනා වඩන්නාහු යැ, ධ්යාන කරන්නාහු ධ්යානයෙහි ඇලුණාහු ඒකාග්රතායෙහි යෙදුණාහු ස්වාර්ථගරුක වූවාහු නුයි ‘පටිසල්ලානං’යනු වෙයි. ඣානමරිඤ්චමානො යනු: ඒ පසේ බුදුහු දෙකරුණෙකින් ධ්යානය නො හරිති; නූපන් ප්රථමධ්යානයාගේ හෝ ඉපදීම පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු, නූපන් ද්විතීයධ්යානයාගේ හෝ නූපන් තෘතීයධ්යානයාගේ හෝ - නූපන් චතුර්ත්ථධ්යානයාගේ හෝ උත්පාදය පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු නුයි මෙසේත් ධ්යානය නො හරිති. නොහොත් උපන් ප්රථමධ්යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති, උපන් ද්විතීයධ්යානය හෝ- උපන් තෘතීයධ්යානය හෝ - උපන් චතුර්ත්ථ ධ්යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති. මෙසේත් ධ්යානය නො හරිත් නු යි. “පටිසල්ලානං ඣානමරිඤ්චමානො ”යනු වේ.
ධම්මේසු නිච්චං අනුධම්මචාරි - “ධම්මා”යී සතර සතිපට්ඨානයෝ ... ආර්ය අෂ්ටාඞ්ගිකමාර්ගය කියනු ලැබෙති. අනුධර්මයෝ කවරහ: සම්යක්ප්රතිපදාව අනුලොමප්රතිපදාව අවිරුද්ධප්රතිපදාව අර්ථානුගතප්රතිපදාව ධර්මානුධර්මප්රතිපදාව ශීලයෙහි පරිපූරකාරිත්වය ඉන්ද්රියයන්හි පියූ දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව යන මොහු අනුධර්මයෝ යයි කියනු ලැබෙත්. ධම්මේසු නිච්චං අනුධම්මචාරී යනු: ධර්මයන්හි දවසක් පාසා අවිච්ජින්න වැ නිරතුරු එක්වන් අව්යාකීර්ණ වැ පිළිවෙළින් එක් වැ රළ වැළක් මෙන් අවිරල වැ නො සිඳ එක් වැ පැහැසි වැ පෙරබතැ පසුබතැ පෙරයමැ මැදියමැ, පසුයම, අවපසැ පුරපසළ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවීයෙහි හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය කෙරේ නුයි “ධම්මේසු නිච්චං අනුධම්මචාරී” යනු වේ.
ආදීනචං සම්මසිතා භවෙසු යනු: “සියලු සංස්කාරයෝ අනිත්යහ”යි භවයෙහි ආදීනව සලකනුයේ “සියලු සංස්කාරයෝ දුක්හ” යි . . . “සියලු දහම්හු අනාත්මහ”යි ...... ‘යම් කිසි ප්රත්යයෝත්පන්න ධර්මයෙක් වේ ද එ හැම නැසෙන පියවි ඇතැ’යි භවයෙහි ආදීනව සලකනුයේ නුයි ‘ආදීනවං’ සම්මසිතා භවෙසු ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු :
“පටිසල්ලානං ඣානමරිඤ්චමානො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
6.
තෘෂ්ණාක්ෂය සංඛ්යාත නිවන පතනුයේ නො පමා වූයේ කෙළ තොලු නො වූයේ නොහොත් පණ්ඩිත වූයේ ශ්රැතවත් වූයේ ස්මෘතිමත් වූයේ පරිඥානය කළ දහම් ඇතියේ ආර්ය්යමාර්ගයෙන් නියාමයට පැමිණියේ සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්ත වූයේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
තණ්හක්ඛයං පත්ථයමප්පමත්තො - “තණ්හා”යනු: රූපතෘෂ්ණායැ . . ධර්මතෘෂ්ණා යි. තණ්හක්ඛයං පත්ථයං යනු: රාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය ගතික්ෂය උප්ප්රාප්තික්ෂය ප්රතිසන්ධික්ෂය භවක්ෂය සංසාරක්ෂය වෘත්තක්ෂය පතනුයේ ඉස්නේ ඉවසනුයේ රුචි කරනුයේ අභිජල්පනය කරනුයේ නුයි ‘තණ්හක්ඛයං පත්ථයෙ”යනු වෙයි. අප්පමත්තො යනු: ඒ පසේ බුදුහු සත්කෘත්යකාරී වූවාහු සාතත්යකාරී වූවාහු.. කුශලධර්මයන්හි අප්රමත්ත වූවාහු නුයි ‘තණ්හක්ඛයං පත්ථයමප්පමත්තො” යනු වේ.
අනෙළමූගො සුතවා සතීමා - “අනෙළමූගො”යනු: ඒ පසේ බුදුහු පණ්ඩිතයහ ප්රඥාවත්හ. බුද්ධිමත්හ ඥානවත්හ. විමංසනප්රඥා ඇත්තාහ තුලනය කරන ලද ප්රඥා ඇතියහ සුතවා යනු; ඒපසේ බුදුහු බහුශ්රුත වෙති ශ්රැතධරයහ ශ්රැතසන්නිවයහ, යම් ධර්ම කෙනෙක් ආදිකල්යාණ වූවාහු මධ්යකල්යාණවූවාහු පර්ය්යවසාන කල්යාණවූවාහු සාර්ත්ථ සව්යඤ්ජනවූවාහු කේවලපරිපූර්ණ වූ පරිශුද්ධ වූ මාර්ගබ්රහ්මචර්ය්ය ප්රකාශ කෙරෙත් ද ඔවුන් විසින් එබඳු වූ ධර්මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් ප්රගුණ කරනලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්රතිවේධ කරන ලද්දාහු වෙති. සතිමා යනු: ඒ පසේ බුදුහු ස්මෘතිමත් වූවාහු වෙති. උත්තම වූ ස්මෘතිනිපකභාවයෙන් සමන්විත බැවින් චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරන්නාහු පුන පුනා සිහි කරන්නාහු වෙත් නුයි “අනෙළමූගො සුතවා සතීමා”යනු වේ.