6.
තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන පතනුයේ නො පමා වූයේ කෙළ තොලු නො වූයේ නොහොත් පණ්ඩිත වූයේ ශ්‍රැතවත් වූයේ ස්මෘතිමත් වූයේ පරිඥානය කළ දහම් ඇතියේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් නියාමයට පැමිණියේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
තණ්හක්ඛයං පත්‍ථයමප්පමත්තො - “තණ්හා”යනු: රූපතෘෂ්ණායැ . . ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං පත්‍ථයං යනු: රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය ගතික්ෂය උප්ප්‍රාප්තික්ෂය ප්‍රතිසන්ධික්ෂය භවක්ෂය සංසාරක්ෂය වෘත්තක්ෂය පතනුයේ ඉස්නේ ඉවසනුයේ රුචි කරනුයේ අභිජල්පනය කරනුයේ නුයි ‘තණ්හක්ඛයං පත්‍ථයෙ”යනු වෙයි. අප්පමත්තො යනු: ඒ පසේ බුදුහු සත්කෘත්‍යකාරී වූවාහු සාතත්‍යකාරී වූවාහු.. කුශලධර්‍මයන්හි අප්‍රමත්ත වූවාහු නුයි ‘තණ්හක්ඛයං පත්‍ථයමප්පමත්තො” යනු වේ.
අනෙළමූගො සුතවා සතීමා - “අනෙළමූගො”යනු: ඒ පසේ බුදුහු පණ්ඩිතයහ ප්‍රඥාවත්හ. බුද්ධිමත්හ ඥානවත්හ. විමංසනප්‍රඥා ඇත්තාහ තුලනය කරන ලද ප්‍රඥා ඇතියහ සුතවා යනු; ඒපසේ බුදුහු බහුශ්‍රුත වෙති ශ්‍රැතධරයහ ශ්‍රැතසන්නිවයහ, යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වූවාහු මධ්‍යකල්‍යාණවූවාහු පර්‍ය්‍යවසාන කල්‍යාණවූවාහු සාර්‍ත්‍ථ සව්‍යඤ්ජනවූවාහු කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කෙරෙත් ද ඔවුන් විසින් එබඳු වූ ධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරනලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. සතිමා යනු: ඒ පසේ බුදුහු ස්මෘතිමත් වූවාහු වෙති. උත්තම වූ ස්මෘතිනිපකභාවයෙන් සමන්‍විත බැවින් චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරන්නාහු පුන පුනා සිහි කරන්නාහු වෙත් නුයි “අනෙළමූගො සුතවා සතීමා”යනු වේ.
සඞ්ඛාතධම්මො නියතො පධානවා - “සංඛාතධම්ම”යී ඥානය කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් . . අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. සඞ්ඛ්‍යාත ධම්මෝ යනු: ඒ පසේ බුදුහු විමසන ලද දහම් ඇත්තාහු දන්නා ලද දහම් ඇත්තාහු තුලනය කළ දහම් ඇත්තාහු තීරණය කළ දහම් ඇත්තාහු විභාග කළ දහම් ඇත්තාහු ප්‍රකට කළ දහම් ඇත්තාහු වෙති. “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි විමසන ලද දහම් ඇත්තාහු . . . ‘යම් කිසි ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෙක් වේ ද එ හැම නැසෙන පියවි ඇතැ යි විමසන ලද දහම් ඇතියහ, ඥාතධර්මයහ, තුලිත ධර්‍මයහ, තීරිත ධර්‍මයහ, විභූත ධර්‍මයහ, විභාවිත ධර්‍මයහ, නොහොත් ඒ පසේබුදුහු විසින් ස්කන්‍ධයෝ සංක්‍ෂිප්තයහ, ධාතුහු සංක්‍ෂිප්තයහ, ආයතනයෝ සංක්‍ෂිප්තයහ, ගතීහු සංක්‍ෂිප්තයහ, උපප්‍රාප්තීහු සංක්‍ෂිප්තයහ, ප්‍රතිසන්ධිහු - භවයෝ සංසාරයෝ වෘත්තයෝ සංක්‍ෂිප්තයහ, නොහොත් ඒ පසේ බුදුහු ස්කන්‍ධයන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, උප්ප්‍රාප්ති පර්යන්තයෙහි සිටියහ, ප්‍රතිසන්ධිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, භවපර්යන්තයෙහි සිටියහ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියහ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියහ, අන්තිමභවයෙහි සිටියහ, අන්තිම ශරීරයෙහි සිටියහ, අන්තිමදේහධරයහ ප්‍රත්‍යෙක සම්බුද්ධ වූහ.
1. “මේ ඒ ප්‍රත්‍යෙකසම්බුද්ධයන්ගේ පශ්චිම කෙළවර යැ. මේ අවසාන ශරීරය වෙයි, උන්වහන්සේට ජාතිමරණ සංසාර සංඛ්‍යාත පුනර්‍භවය නැතැ”යි
ඒ කරුණින් පසේබුදුහු “සංඛාත ධම්ම”නම් වෙති. නියතො යනු: “නියාමයෝ” යි සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ කියනු ලැබෙති, සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සමන්‍වාගත වූවාහු නුයි නියතයහ, මාර්‍ගඥාන නියාමයට පැමිණියහ, සම්ප්‍රාප්තයහ, අධිගතයහ, ස්පර්‍ශ කරන ලදහ, ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු නුයි “නියතො” යනු වේ. පධානවා යනු: “පධාන”යි යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් කුසීතභාවයෙන් නික්ම යෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යෝගයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් කුශල සන්තානය ධැරීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යච්ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ධුරය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග් ව්‍යායාමයෙක් වේද එය යි. ඒ පසේ බුදුහු මේ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් උපේතයහ සමුපෙතයහ යුක්තයහ සංයුක්තයහ නො වෙන් වූවහ සම්පූර්ණයහ සමන්‍වාගතයහ, එයින් ඒ පසේබුදුහු ප්‍රධානවත් නුයි ‘සංඛාතධම්මො නියතො පධානවා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“තණ්හක්ඛයං පත්‍ථයං අප්පමත්තො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.