4.
පරමාර්ත්ථ සංඛ්යාත නිවනට පැමිණීම පිණිස රුකුළුවැර ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ප්රධන්වීර්ය්ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
ආරද්ධවිරියෝ පරමත්ථපත්තියා - “පරමත්ථ”යි අමාමහ නිවන කියනු ලැබෙයි; යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්ෂය වීමෙක් ක්ලෙශවිරාගයෙක් දුක්ඛනිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. පරමාර්ථයාගේ ප්රාප්තිය පිණිස ලාභය පිණිස ප්රතිලාභය පිණිස අධිගමය පිණිස ස්පර්ශය පිණිස ප්රත්යක්ෂ කිරීම පිණිස රුකුළුවැර ඇති වැ වාස කෙරෙයි, අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශල ධර්මයන්ට පැමිණීම පිණිස බල ඇතියේ දැඩිපරාක්රම ඇතියේ කුශලධර්මයන් හි නො තැබූ ධූර ඇතියේ නුයි “ආරද්ධවිරියෝ පරමත්ථ පත්තියා”යනු වේ.
අලීනචිත්තො අකුසීතවුත්ති - ඒ පසේ බුදුහු නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ අනුත්පාදය පිණිස කුශලච්ඡන්දය උපදවති. වෑයම් කෙරෙති වීර්ය්යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති උපන් ලාමක අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස . . . නූපන් කුශලධර්මයන්ගේ උත්පාදය පිණිස . . . උපන් කුශලධර්මයන්ගේ ස්තිථිය පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ බව පිණිස කුශලච්ඡන්දය උපදවති වෑයම් කෙරෙති වීර්ය්යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ. නොහොත් “ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස්ලේ වියළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂ වීර්ය්යයෙන් පුරුෂපරාක්රමයෙන් පැමිණිය යුතු ඒ උත්තමාර්ත්ථයට නො පැමිණ වීර්ය්යයාගේ ශිථිල බවෙක් නො වන්නේ යයි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ.
1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්යාදිය) නො කමි (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යෙමි. (ඇඳ පුටු ආදියෙහි) ඇළය නො තබමි.”
සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලින චිත්තෝ අකුසීත චුත්ති’යනු වේ. මාගේ සිත උපාදාන ග්රහණය නොකොට (කාමාදි) ආස්රවයන්ගෙන් සමුච්ඡේද විමුක්තියෙන් නො මිදෙන තාක් මෙපලග නො බිඳිමි සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලීන චිත්තෝ අකුසීත වුත්ති’ යනු වේ.
“මාගේ සිත උපාදානග්රහණය නො කොට ආශ්රවයන් කෙරෙන් නො මිදෙන තාක් මෙ ආසනයෙන් නො නැඟී සිටිමි-සක්මනින් නො බස්මි - ගුරුළුවක් ගෙයින් - ප්රාසාදයෙන් - හර්ම්යයෙන් - ගුහායෙන් - ලෙනින් - කිළියෙන් - කුළුගෙයින් - අටල්ලෙන් - වටගෙයින් - උද්දණ්ඩයෙන් උවැටැන්හලින් - මඩුයෙන් - රුක්මුලින් - නො නික්මෙමි” සිතට වැර ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති”යනු වේ.
මෙදවස් පෙරවරුයෙහි මැ ආර්ය්යධර්මය (මාගේ සිතට) එළවමි මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්ශ කෙරෙමි, ප්රත්යක්ෂ කෙරෙමි, සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීත චුත්ති” යනු වේ. “මෙ මැදි දහවල්හි මැ . . . පස්වරුයෙහි - පෙරබත්හි - පසුබත්හි - පෙරයමැ - මැදියමැ - අලුයමැ - අවපසැ - පුරපසැ - වැසි කලැ - ගිම්කලැ - හිමත්කලැ - ප්රථම වයස්හි - මධ්යම වයස්හි - පශ්චිම වයස්හි අරීදහම් එළවමි, මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්ශ කෙරෙමි, ප්රත්යක්ෂ කෙරෙමි. සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති’යනු වේ.
දළ්හනික්කමො ථාමබලුප්පන්නො යනු: ඒ පසේබුදුහු කුශලධර්මයන්හි දැඩි වූ වීර්ය්යසමාදාන ඇති වූහ, සනිටුහන් කළ සමාදාන ඇති වූහ. කායසුචරිතයෙහි වාක්සුචරිතයෙහි මනස්සුචරිතයෙහි දානසංවිභාගයෙහි සීලසමාදානයෙහි පෙහෙවස් විසීමෙහි මවුන් වැටුමෙහි පියන් වැටුමෙහි මහණුන් වැටුමෙහි (බාහිතපාපී) බ්රාහ්මණයන් වැටුමෙහි කුලදෙටුවන් පිදීමෙහි අන්යාතරන්යාතර අධිකුශල ධර්මයන්හි දැඩි වූ වීර්ය්ය ඇති වූවාහු සනිටුහන් කළ සමාදාන ඇති වූවාහු නුයි ‘දළ්හානික්කමො’යනු වේ. ථාමබලුප්පන්නො යනු: ඒ පසේ බුදුහු ථාමයෙන් ද බලයෙන් ද වීර්ය්යයෙන් ද පරාක්රමයෙන් ද ප්රඥායෙන් ද යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්ණ වූවාහු සමන්වාගත වූවාහු නු යි ‘දළ්හනික්කමො ථාමබලුප්පන්නො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“ආරද්ධවිරියො පරමත්ථපත්තියා - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.