3.
කායිකසුවය ද දුක ද පිටු දැක පළමු මැ සොම්නස් දොම්නස් ද දුරු කොට චතුර්ත්ථධ්යාන උපෙක්ෂාවද (නීවරණයෙන්) විශුද්ධ වූ ශමථයද ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සොමනස්සදොමනස්සං යනු: ඒ පසේබුදුහු කායික සුවය ද දුරු කිරීමෙන් කායික දුක ද දුරු කිරීමෙන් පළමු (ප්රථමධ්යාන උපචාරයෙහි) මැ සොම්නස් දොම්නසුන් දුරු කිරීමෙන් දුක් නො වූ සුව නො වූ උපේක්ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති සතර වැනි දැහැනට එළැඹ වෙසේ නුයි ‘විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සෝමනස්ස දොමනස්සයං”යනු වේ.
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං - “උපෙක්ඛා”යනු: “චතුර්ත්ථ ධ්යානයෙහි යම් උපේක්ෂාවක් උපේක්ෂාකාරයෙක් අධ්යුපෙක්ෂාවක් චිත්තයාගේ ශමථයෙක් චිත්තයාගේ නො තද බවෙක් චිත්තයාගේ මධ්යස්ථ බවෙක් වේ ද එය”යි. සමථො යනු: “චිත්තයාගේ යම් (අරමුණෙහි නිසල වැ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් (උද්ධච්ච විචිකිච්ඡා විසින්) චිත්තයාගේ නො පැතිරීමෙක් නො විසිරීමෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධින්ද්රියයෙක් සමාධිබලයෙක් සම්යක් සමාධියෙක් වේ ද එය” යි. චතුර්ත්ථධ්යානයෙහි උපේක්ෂාව ද ශමථය ද ශුද්ධ වූවාහු වෙති, විශුද්ධ වූවාහු හාත්පසින් පිරිසිදු වූවාහු කෙලෙස් රහිත වූවාහු පහ වූ උපක්ලේශ ඇත්තාහු මෘදු වූවාහු කර්මක්ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත්. ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං යනු: චතුර්ත්ථධ්යානෝපේක්ෂාව ද ශමථය ද ලැබ ලබාගෙන විඳ ප්රතිලාභ කොට නුයි “ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
4.
පරමාර්ත්ථ සංඛ්යාත නිවනට පැමිණීම පිණිස රුකුළුවැර ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ප්රධන්වීර්ය්ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
ආරද්ධවිරියෝ පරමත්ථපත්තියා - “පරමත්ථ”යි අමාමහ නිවන කියනු ලැබෙයි; යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්ෂය වීමෙක් ක්ලෙශවිරාගයෙක් දුක්ඛනිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. පරමාර්ථයාගේ ප්රාප්තිය පිණිස ලාභය පිණිස ප්රතිලාභය පිණිස අධිගමය පිණිස ස්පර්ශය පිණිස ප්රත්යක්ෂ කිරීම පිණිස රුකුළුවැර ඇති වැ වාස කෙරෙයි, අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශල ධර්මයන්ට පැමිණීම පිණිස බල ඇතියේ දැඩිපරාක්රම ඇතියේ කුශලධර්මයන් හි නො තැබූ ධූර ඇතියේ නුයි “ආරද්ධවිරියෝ පරමත්ථ පත්තියා”යනු වේ.
අලීනචිත්තො අකුසීතවුත්ති - ඒ පසේ බුදුහු නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ අනුත්පාදය පිණිස කුශලච්ඡන්දය උපදවති. වෑයම් කෙරෙති වීර්ය්යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති උපන් ලාමක අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස . . . නූපන් කුශලධර්මයන්ගේ උත්පාදය පිණිස . . . උපන් කුශලධර්මයන්ගේ ස්තිථිය පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ බව පිණිස කුශලච්ඡන්දය උපදවති වෑයම් කෙරෙති වීර්ය්යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ. නොහොත් “ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස්ලේ වියළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂ වීර්ය්යයෙන් පුරුෂපරාක්රමයෙන් පැමිණිය යුතු ඒ උත්තමාර්ත්ථයට නො පැමිණ වීර්ය්යයාගේ ශිථිල බවෙක් නො වන්නේ යයි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ.
1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්යාදිය) නො කමි (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යෙමි. (ඇඳ පුටු ආදියෙහි) ඇළය නො තබමි.”
සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලින චිත්තෝ අකුසීත චුත්ති’යනු වේ. මාගේ සිත උපාදාන ග්රහණය නොකොට (කාමාදි) ආස්රවයන්ගෙන් සමුච්ඡේද විමුක්තියෙන් නො මිදෙන තාක් මෙපලග නො බිඳිමි සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලීන චිත්තෝ අකුසීත වුත්ති’ යනු වේ.