2.
සිතට ආවරණ වූ පඤ්ච නීවරණයන් හැරපියා හැම උපක්ලේශයන් විදසුන්මගින් දුරු කොට (දෘෂ්ටිනිඃශ්‍රයෙන්) අනිඃශ්‍රිත වූයේ ත්‍රෛධාතුක වූ ස්නේහදෝෂය සිඳපියා කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
පහාය පඤ්චාවරණානි චෙතසො - ඒ පසේබුදුහු කාමච්ඡන්‍දනීවරණය හැර හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා ව්‍යාපාද නීවරණය- ථීනමිද්ධ නීවරණය- උද්ධච්චකුක්කුච්චනීවරණය විචිකිච්ඡා නීවරණය හැර හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරේ නුයි ‘පහාය පඤ්චාවරණානි චෙතසො”යනු වේ.
උපක්කිලේසෙ බ්‍යපනුජ්ජ සබ්බේ - රාගය සිතට උපක්ලේශ යැ ද්වේෂය සිතට උපක්ලේශ යැ මෝහය සිතට උපක්ලේශ යැ ක්‍රෝධය - උපනාහය.... සියලු අකුශලාභිසංස්කාරයෝ සිතට උපක්ලේශයෝ යි. උපක්කිලෙසෙබ්‍යපනුපජ්ජ සබ්බේ යනු: සිතට උපක්ලේශ වූ හැම ධර්‍මයන්. ඛ්‍යපනුජ්ජ: බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘උපක්කිලේසෙ බ්‍යපනුපජ්ජ සබ්බේ”යනු වේ.
අනිස්සිතො ජෙත්‍ව සිනෙහදොසං- ‘අනිස්සිතො’ යනු: නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ යි ... මේ දෘෂ්ටි නිඃශ්‍රය යි. සිනෙහො යනු: ස්නෙහ දෙකෙකි: තෘෂ්ණාස්නෙහයද දෘෂ්ටිස්නෙහය දැයි... දෝසෝ යනු: “චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යකාරයෙක් දුෂිතබවෙක් ව්‍යාපාදයෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදයට පැමිණි බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඩ බවෙක් නො පිරි පුන් වචන ඇති බවෙක් සිතෙහි නො සතුටුබවෙක් වේද එය යි. අනිස්සිතොඡෙත්‍ව සිනෙහදොසං යනු: ඒ පසේබුදුහු තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටිස්නෙහයද ද්වේෂය ද සිඳ මුලින් සිඳ සමූලයෙන් සිඳ හැර හැර පියා දුරු කොට විගතාන්ත කොට. අනභාවයට පමුණුවා ඇස ඇසුරු නො කෙළේ කන ඇසුරු නො කෙළේ දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්මයන් ඇසුරු නො කෙළේ නො ඇලුණේ අනුපගත වූයේ අනධ්‍යවසිත වූයේ අනධිමුක්ත වූයේ නික්ම ගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරේ නුයි ‘අනිස්සිතො ඡෙත්ව සිනෙහදොසං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“පහාය පඤ්චාවරණානි චෙතසො - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.