8.
ඉතරීතර (කුදුමහත් ප්රත්යය) යෙන් සතුටු වනුයේ බඹවිහරණ පතළ සිව්දිග ඇතියේ ප්රතිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැති ගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
චාතුද්දිසො අප්පටිඝො ච හොති - “චාතුද්දිසො’ යනු: ඒ පසේබුදුහු මෛත්රිසහගත සිතින් එක් දෙසක් අරමුණු කොට වාස කෙරෙති. එසෙයින් දෙ වැනි දෙස එසෙයින් තෙ වැනි දෙස එසෙයින් සතර වැනි දෙස මෙසෙයින් උඩ යට සරස හැම තන්හි හැම දෙන ආත්මසම බැවින් (හෝ මුළු සිතින්) හැම සතුන් ඇති ලොව මෛත්රි සහගත වූ (එරණ විසින්) විපුල වූ (භූමි විසින්) මහද්ගත වූ (ආලම්බන) විසින් අප්රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් ස්පර්ශ (අරමුණු) කොට වාස කෙරෙති. කරුණා සහගත වූ ...මෘදුතා සහගත වූ ... උපේක්ෂාසහගත වූ ... සිතින් යුක්ත වැ වාස කෙරෙත්. චාතුද්දිසො අප්පටිඝො ච හොති යනු: මෛත්රිය භාවිත බැවින් පෙරදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්රතිකූල නො වෙති, දකුණුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්රතිකූල නො වෙති, අවරදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්රතිකූල නො වෙති, උතුරු දිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්රතිකූල නො වෙති, පැදුම් අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්රතිකූල වෙති, දකුණු අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්රතිකූල වෙති, පැළ අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්රතිකූල වෙති, උතුරු අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්රතිකූල වෙති, යට දෙස යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්රතිකූල වෙති, උඩ දෙස යම් සත්ත්ව කෙනෙක් ඇත්නම් ඔහු අප්රතිකූල වෙති, දසනුදසැ යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්රතිකූල වෙත්. කරුණාව භාවිත බැවින්-මෘදුතාව භාවිත බැවින්-උපේක්ෂාව භාවිත බැවින් පැදුම් දිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙති. ....දිශාවිදිශාවන්හි යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙත් නුයි ‘චාතුද්දිසො අප්පටිඝො ච හොති” යනු වේ:
සන්තුස්සමානො ඉතරීතරෙන යනු: ඒ පසේබුදුහු කුදුමහත් සිවුරින් සන්තුෂ්ට වෙති, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ, චීවර හේතුයෙන් අයුතු අනෙසනයට ද නොපැමිණෙති, සිවුරු නො ලැබ (චීවරලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. යළි (දැහැමින් සෙමෙන්) සිවුරු ලැබ ලොභග්රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණ ප්රඥා ඇත්තාහු වළඳති. තවද ඒ ඉතරීතර චීවරසන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්ර්කෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙත්.
යම් කෙනෙක් ඒ චීවර සන්තෝෂයෙහි දක්ෂ වූවාහු අනලස වූවාහු සම්යග්ඥාන ඇත්තාහු ස්මෘතිසම්ප්රයුත්ත වූවාහු වෙත් ද මේ පසේ බුදුහු පෞරාණික වූ ‘අග්ර’ යයි දතයුතු ආර්යවංශයෙහි සිටියාහ’යි කියනු ලැබෙත්. ඉතරීතර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ශයනාසනයෙන් සන්තුෂ්ට වෙති ... ඉතරීතර ග්ලානප්රත්යය භෛසජ්යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ග්ලානප්රත්යය භෛසජ්යපරිෂ්කාරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ. ගිලන්පස බෙහෙසත් පිරිකර හෙයින් අයුතු අනෙසනයට නො ද පැමිණෙති, යළි ගිලන්පසබෙහෙසත් පිරිකර නො ලැබ (ලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. (දැහැමින් සෙමෙන්) ගිලන්පසබෙහෙසත් පිරිකර ලැබ ද, ලොභග්රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණප්රඥා ඇති වැ වළඳති. තවද ඒ ඉතරීතර ග්ලානප්රත්යය භෛසජ්යපරිෂ්කාර සන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්කර්ෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙති, යම් කෙනෙක් එහි දක්ෂ වූවාහු අනලස වූවාහු සම්යක්ඥාන ඇත්තාහු සිහි ඇත්තාහු වෙත්ද, මේ පසේ බුදුහුපෞරාණික වූ ‘අග්ර’ යයි දතයුතු ආර්ය්යවංශ යෙහි සිටියාහ’යි කියනු ලැබෙත් නුයි ‘සන්තුස්සමානො ඉතරීතරෙන’ යනු වේ.
පරිස්සයානං සහිතා අජම්හී- ‘පරිස්සයා’ යනු: උපද්රව දෙකෙකි: ප්රකට උපද්රව ද ප්රතිච්ඡන්න උපද්රව දැ යි. ප්රකට උපද්රව නම් කවරැ යත්: සිහ යැ වග යැ වලස් යැ තරස් යැ කොක්නා යැ මියු යැ ඇත් යැ සප් යැ නුහුසු යැ පත්තෑ යැ කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ. චක්ෂුරෝග යැ ශ්රෝත්රරෝග යැ ඝ්රාණයොග යැ ජිහ්වාරෝග යැ කායරෝග යැ ශීර්ෂරෝග යැ කර්ණරෝග යැ මුඛරෝග යැ දන්ත රෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජීවර යැ කුක්ෂිරෝග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්රණ යැ විතච්ඡිකා (තලරෝග) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්දරා යැ පිතින් නැගි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්ය්යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්රමයෙන් උපන් ආබාධ යැ කර්මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්රස්රාව යැ මැසි-මදුරු-වා-අව්-දික්දෑ යන මොවුන්ගේ පහසින් උපත් පීඩන යැ යන මේ හෝ යි, මොහු ප්රකට උපද්රාවයෝ යි කියනු ලැබෙත්.