9.
ඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගෙයි වසන ගෘහස්ථයෝ ද සඞ්ග්රහ කිරීමට දුෂ්කර වෙති. (එහෙයින්) පරපුත්රයන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
දුස්සඞ්ගහා පබ්බජිතා’පි එකෙ යනු: මෙලොවැ ඇතැම් පැවිද්දෝ ත් නිස දෙනු ලබන කල්හිදු උදෙස් දෙනුලබන කල්හිදු පරිපෘච්ඡා දෙනු ලබන කල්හිදු සිවුරු දෙනුලබන කල්හිදු පාත්ර දෙනු ලබන කල්හිදු ලොහො තලි දෙනු ලබන කල්හිදු ඩබරා දෙනුලබන කල්හිදු පෙරහන දෙනු ලබන කල්හිදු ථවිකා (පසුඹි) දෙනු ලබන කල්හිදු වහන් දෙනු ලබන කල්හිදු කාබහන් දෙනු ලබන කල්හිදු නො අසති, කන් යොමු නො කෙරෙති, දැනගනු පිණිස සිත නො පිහිටුවති අවවාද නො අසන්නාහු වචන නො කරන්නාහු විරුද්ධවැ පවත්නාහු ඉවත බලත්නුයි. ‘දුස්සඩ්ගහා පබ්බජිතාපි එකෙ’ යනු වේ.
අථො ගහට්ඨා ඝරමාවසන්තා යනු: මෙලොවැ ඇතැම් ගෘහස්ථයෝ ද ඇතකුදු දෙනු ලබන කල්හි ....රියකුදු - කෙතකුදු - වත්නකුදු - අමුරනුදු-රත්රනුදු දෙනු ලබන කල්හි ගමකුදු- නියම්ගමකුදු - නුවරකුදු- රටකුදුදනව්වකුදු දෙනු ලබන කල්හි නො අසති ...
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා යනු: තමා හැර හැම දෙන මෙ අරුත්හි පරපුත්ර නම් වෙති. ඒ පරපුත්රයන් කෙරෙහි අල්පොත්සුක වැ ව්යාපෘත නො වැ අපේක්ෂා රහිත වත්නුයි ‘අප්පොස්සුක්කෝ පරපුත්තෙසු හුත්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“දුස්සඞ්ගහා පබ්බජිතා පි -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
10.
ගිලිහුණු පත්ර ඇති කොබළලරුකක් සෙයින් (කෙහෙ රවුළු ඈ) ගිහිව්යඤ්ජනයන් බැහැර කොට මාර්ගවීර්ය්ය ඇත්තේ ගිහි (කාම) බන්ධනයන් (මාර්ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
වොරොපයිත්වා ගිහිඛ්යඤ්ජනානි- ‘ගිහිඛ්යඤජන’ යි කෙස් ද රවුළු ද මල් ද ගඳ ද විලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්තූ ද පොරෝනා ද හිස් වෙළුම ද සුවඳසුණු ගැල්වීම (තෙල්ගල්වා) පිරිමැදීම සුවඳපැනින් නැහැවීම (මල්යයන්ගේ අත්පා සෙයින් මුගුරින් මැඩ කරන) සම්බාහනය කැටපත් අඳුන් මල්ගඳවිලෙවුන් මුවසුණු මුඛලෙපන හස්තබන්ධ ශිඛාබන්ධ සෝලුලීය (ලීලාදණඩ) චිත්රනාළිකා විසිතුරු කොපු ඇති කඩු විචිත්ර ඡත්ර විසිතුරු වහන් නළල්පට මිණි වල්විදුනා දික්දහවලු ඇති සුදුවත් යන මොහු හෝ කියනු ලැබෙති. වොරොපයිත්වා ගිහිඛ්යඤජනානි’ යනු: ගිහිව්යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහා තබා පටිප්පස්සම්භනය කොට නුයි ‘වොරොපයිත්වා ගිහිඛ්යඤජනානි’ යනු වේ.
සංසීනපත්තො යථා කොවිළාරො- යම්සේ කොබළලරුකක්හු ගේ පත්රයෝ ගිලිහුණාහු ද මොනොවට ගිලිහුණාහු ද වැටුණාහු ද වෙසෙසින් වැටුණාහු ද එසෙයින් මැ ඒ පසේබුදුන් ගේ ගිහිව්යඤ්ජනයෙන් ගිලිහුණාහු මොනොවට ගිලිහුණාහු වැටුණාහු වෙසෙසින් වැටුණාහු වෙත් නුයි ‘සංසීනපත්තො යථා කොවිළාරො’ යනු වේ.
ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි- ‘විරෝ’ යනු: වීර්ය්ය්යවත් නුයි වීර යැ ප්රභූ නුයි වීරයැ, වශයෙහි පවත්නේ නුයි වීරයැ, සමර්ථසිත් ඇත්තේ නුයි වීර යැ, ශූර නුයි වීර යැ, වික්රම ඇත්තේ යැ. බිය නැත්තේ යැ නො තැති ගන්නේයැ, උත්රාස නැත්තේයැ නො පලායන්නේ යැ ප්රහීණ කළ බිය හා බිය අරමුණු ඇත්තේ නුයි. වීරයැ, පහ වු ලොමුදහගැනුම් ඇත්තේ නුයි වීර යැ.
1. ‘මෙලොවැ සියලු පාපයන් ගෙන් වෙන් වූ වීර්ය්ය්යයට නිවාස වූ ඒ ක්ෂීණාස්රව තෙම නිරයදුක් ඉක්මැ සිටියේ වෙයි. වීර්ය්ය්යය ඇති ප්රධන්වීර්ය්ය ඇති ඒ වීර තෙම තථ බැවින් ‘තාදි’ යයි කියනු ලැබේ’ යයි.
‘ගිහිබන්ධන’යි අඹුදරුවෝ ද දැසිදස්හු ද එළුබැටළුවෝ ද කුකුළුවෝ ද හූරෝ ද ඇත්- ගව- අස්- වෙළඹහු ද කෙත්වතු ද අමුරන් ද රත්රන් ද ගම්නියම්ගම් රජදහන් ද රටදනවු ද කොටු ද කොටු ගුළු ද යම්කිසි සිත් අලවන වස්තු කෙනෙක් වෙත් නම් ඔහු කියනු ලැබෙත්. ‘ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි’ යනු: ඒ පසේබුත් වීරයෝ ගිහිබන්ධනයන් සිඳපියා මොනවට සිඳපියා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“වොරොපයිත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
ප්රථමවර්ගය යි.