6.
එකෙකි පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙතෙම අපාර සංඛ්යාත සසරින් පරතෙරට යන්නේ යැ.
එකමෙකස්ස පඤ්හස්ස යනු: එකෙකි අජිත පැනයට එකෙකි තිස්සමෙත්තෙය්ය පැනයට ... එකෙකි පිඞ්ගිය පැනයට නුයි ‘එකමෙකස්ස පඤ්හස්ස’ යනු වේ.
යථා බුද්ධෙන දෙසිතං - ‘බුද්ධ’ යනු: යම් භාග්යවත් කෙනෙක් ස්වයම්භූ වෙත් ද ... මේ ‘බුද්ධ’ යනු: බෝමුල්හි අර්හත්ඵල ප්රත්යක්ෂයෙන් උපන් ප්රඥප්තියකි. යථා බුද්ධෙන දෙසිතං යනු: යම්සේ බුදුන් විසින් වදාරන ලද ද, දෙසන ලද ද, පනවන ලද ද, තබන ලද ද, විවෘති කරන ලද ද, විභාග කරන ලද ද, පාළ කරන ලද ද, ප්රකාශ කරන ලද දැයි ‘යථා බුද්ධෙන දෙසිතං’ යනු වේ.
තථා යො පටිපජ්ජෙය්ය යනු: සම්යක් ප්රතිපදාව අනුලොමප්රතිපදාව අවිරුද්ධප්රතිපදාව අන්වර්ථ ප්රතිපදාව ධර්මානුධර්මප්රතිපදාව පිළිපදනේ නම් නුයි ‘තථා යො පටිපජ්ජෙය්ය’ යනු වේ.
ගචෙඡ පාරං අපාරතො - ‘පාර’ යී අමාමහනිවන කියනු ලැබෙයි: ... නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ගච්ඡෙ පාරං අපාරතො යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය ස්පර්ශ කරන්නේ යැ පාරය ප්රත්යක්ෂ කරන්නේනුයි ‘ගච්ඡෙ පාරං අපාරතො’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“එකමෙකස්ස පඤ්හස්ස -පෙ- ගච්ඡෙ පාරං අපාරතො”යී.
7.
උතුම් වූ ආර්ය්යමාර්ගය වඩනුයේ අපාර සංඛ්යාත සසරින් පරතෙරට යන්නේ යැ පාරගමනයට හේ මාර්ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.
අපාරා පාරං ගච්ඡෙය්ය - ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... තෘෂ්ණාවගේ ක්ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. අපාරා පාරං ගච්ඡෙය්ය යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය පහස්නේ යැ පාරය ප්රත්යක්ෂ කරන්නේ නුයි ‘අපාරා පාරං ගච්ඡෙය්ය’ යනු වේ.
භාවෙන්තොමග්ගමුත්තමං - ‘මග්ගමුත්තමං’ (උත්තමමාර්ග) යි ආර්ය්ය අෂ්ටාංගිකමාර්ගය කියනු ලැබෙයි. හෙ මෙසේයි. සම්යග්දෘෂ්ටි යැ ... සම්යක් සමාධි යි. මග්ගමුත්තමං යනු: අග්ර මාර්ග යැ ශ්රේෂ්ඨ ජ්යේෂ්ඨ ප්රමුඛ උත්තම ප්රවර මාර්ගය. භාවෙන්තො යනු: වඩනුයේ සෙවුනේ බහුල කරනුයේ නුයි ‘භාවෙන්තො මග්ගමුත්තමං’ යනු වේ.
මග්ගෝ සො පාරං ගමනාය යනු:
1. මග්ග යැ පන්ථක යැ පථ යැ පජ්ජ යැ අඤජසය යැ වටුම යැ අයන යැ නාවා යැ උත්තරසෙතු යැ කුල්ල යැ හිසි යැ සඞ්කම යි.
පාරං ගමනාය යනු: පරායට යනු පිණිස පරායට පැමිණෙනු පිණිස පරායට මැනැවින් පැමිණෙනු පිණිස ජරාමරණයාගේ තරණය පිණිස නුයි ‘මග්ගෝ සො පාරං ගමනාය’ යනු වේ.
තස්මා පාරායනං ඉති - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්රත්යයෙන් තත්නිදානයෙන්. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. ‘අයන’ යි මාර්ගය කියනු ලැබෙයි. ඉති යනු: පද සන්ධි යැ .. තෙල ‘ඉති’ යනු පදානුපූර්වතා නුයි ‘තස්මා පාරායනං ඉති’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“අපාරා පාරං ගච්ඡෙය්ය -පෙ- තස්මා පාරායනං ඉති” යි.