17. පාරායණානුගීති නිර්දෙශය
“භාග්යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩ වසනසේක් මේ පාරායණ සූත්රය වදාළසේක (බාවරි) ඇතැවැසි (පිඞ්ගිය හා සමග) සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුළුවුත්හු පැන විසඳුසේක.”
ඉදමවො ච භගවා යනු: මේ පාරායණ සූත්රය වදාළහ. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවත්’ යනු බෝමුල්හි සිව්සස් පසක් කිරීමෙන් උපන් ප්රඥප්තියක් නුයි ‘ඉදමවො ච භගවා’ යනු වේ.
මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ - මගධෙසු යනු: ‘මගධ’ නම් ඇති දනවියෙහි. විහරන්තො යනු: හැසිරෙන්නාහු වෙසෙන්නාහු ඉරියවු පවත්වන්නාහු වැටෙන්නාහු පාලනය කරන්නාහු යැපෙන්නාහු යාපනය කරන්නාහු. පාසාණකෙ චෙතියෙ යනු: ‘පාසාණක චේතිය’ යි බුද්ධාසනය කියනු ලැබේ නුයි ‘මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ’ යනු වේ.
පරිචාරකසොළසානං බ්රහ්මණනාං යනු: පිඞ්ගිය බ්රාහ්මණ තෙම බාවරී බමුණු ගේ ඇතැවැසි වූයේ පසැහි හැසිරෙනුයේ පරිචාරක වූයේ ශිෂ්ය වූයේ යි. පිඞ්ගිය හා සමග ඔහු සොළොස් දෙනෙක් වෙත් නුයි මෙසේත් ‘පරිචාරකසොළසානං බ්රාහ්මණනාං’ යනු වේ. නොහොත් ඒ සොළොස් බමුණුහු භාග්යවත් බුදුන්ගේ ඇතැවැසියහ, පසැ හැසිරෙනුවහ, පරිචාරකයහ, ශිෂ්යහ’යි මෙසේත් ‘පරිචාරකසොළසානං බ්රාහ්මණනාං’ යනු වේ.
අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං ඛ්යාකාසි- ‘අජ්ඣිට්ඨො’ යනු: අයදනා ලදහු අධ්යෙෂණ කරන ලදහු. පුට්ඨො පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු පුළුවුස්නා ලදහු විචාරන ලදහු විචාරන ලදහු යදනා ලදහු යදනා ලදහු අධ්යෙෂණ කරන ලදහු අධ්යෙෂණ කරන ලදහු පහදවන ලදහු පහදවන ලදහු. පඤ්හං ඛ්යාකාසි යනු: පැන විසඳූහ වදාළහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවෘත කළහ විභාග කළහ පහළ කළහ පැවැසූහ යි ‘අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං ඛ්යාකාසි’ යනු වේ. එයින් තෙල කියනු ලැබෙයි: “ඉදමවොච භගවා -පෙ- පඤ්හං ඛ්යාකාසි” යි.
“එකෙකි පැනයෙකැ පෙළ අරුත් දැන පෙළ දහම් දැන ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි (යමෙක්) පිළිපදනේ නම් හේ ජරාමරණයාගේ පරතෙරට යන්නේ මැ යැ, යම් හෙයෙකින් මේ ධර්මයෝ (නිර්වාණ) පාරගමනාර්භ වෙත් ද එහෙයින් මේ ධර්මපර්ය්යාය ‘පාරායණ’ යී මැ නම් වී”
එකමෙකස්ස චෙ’පි පඤ්හස්ස යනු: එකෙකි අජිත ප්රශ්නයාගේ ද එකෙකි තිස්සමෙත්තෙය්ය ප්රශ්නයාගේ ද එකෙකි පුණ්ණක ප්රශ්නයාගේ ද එකෙකි මෙත්තගූ ප්රශ්නයාගේ ද එකෙකි ධෝතක ප්රශ්නයාගේ ද එකෙකි උපසීව ප්රශ්නයාගේ ද එකෙකි නන්දක ප්රශ්නයාගේ ද එකෙකි හේමක ප්රශ්නයාගේ ද එකෙකි තෝදෙය්ය ප්රශ්නයාගේ ද එකෙකි කප්ප ප්රශ්නයාගේ ද එකෙකි ජතුකණ්ණි ප්රශ්නයාගේ ද එකෙකි භද්රාවුධ ප්රශ්නයාගේ ද එකෙකි උදය ප්රශ්නයාගේ ද එකෙකි පෝසාල ප්රශ්නයාගේ ද එකෙකි මෝඝරාජ ප්රශ්නයාගේ ද එකෙකි පිඞ්ගිය ප්රශ්නයාගේ ද.
අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු: එ මැ ප්රශ්නය ධර්ම යැ, විසර්ජනය අර්ත්ථ යි. අත්ථමඤ්ඤාය යනු: අරුත් දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට පහළ කොට නුයි ‘අත්ථමඤ්ඤාය’ යනු වේ. ධම්මමඤ්ඤාය යනු: පෙළ දහම දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය’ යනු වේ.
ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය යනු: සම්යක් ප්රතිපදාවට අනුලෝම ප්රතිපදාවට ප්රත්යනීක (අවිරුද්ධ) ප්රතිපදාවට අන්වර්ත්ථ ප්රතිපදාවට ධර්මානුධර්ම ප්රතිපදාවට පිළිපදනේ නම් නුයි ‘ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය’ යනු වේ.
ගච්ඡෙය්යෙ ව ජරාමරණස්ස පාරං- ජරාමරණයාගේ පාරය යි අමාමහ නිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එයයි. ගච්ඡෙය්යෙ’ව ජරාමරණස්ස පාරං යනු: ජරාමරණයාගේ පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය ස්පර්ශ කරන්නේ යැ පාරය ප්රත්යක්ෂ කරන්නේ නුයි ‘ගච්ඡෙය්යෙ’ව ජරාමරණස්ස පාරං’ යනු වේ.
පාරං ගමනියා ඉමෙ ධම්මා යනු: මේ ධර්මයෝ පාරගමනාර්භ වූවාහු පාරයට පමුණුවති පාරයට මැනැවින් පමුණුවති පාරයට මොනොවට පමුණුවති ජරාමරණයාගේ තරණය පිණිස පවතිත් නුයි ‘පාරං ගමනියා ඉමෙ ධම්මා’ යනු වේ.
තස්මා ඉමස්ස ධම්මපරියායස්ස - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත් ප්රත්යයෙන් තත්නිදානයෙන්. ඉමස්ස ධම්මපරියායස්ස යනු: මේ පාරායණ සුත්රයට නුයි ‘තස්මා ඉමස්ස ධම්මපරියායස්ස’ යනු වේ.