5.
ඔහු පසැස් ඇති සූර්ය්ය බන්ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්රාඥ වූ සර්වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
තෙ තොසිතා චක්ඛුමතා - ‘තෙ’ යනු: පාරායණසමාගමයෙහි වූ සොළොස් බමුණහු යැ. තොසිතා යනු: තුටු කරන ලද්දාහු විවිධාකාරයෙන් තුටු කරන ලද්දාහු පහදවන ලද්දාහු සිද්ධියට පමුණුවන ලද්දාහු (සොම්නස් විසින්) සියමන ඇතියන් කරන ලද්දාහු නුයි ‘තෙ තොසිතා’ යනු වේ. චක්ඛුමතා යනු: බුදුහු පසැසින් චක්ෂුර්මත්හ: මසැසිනුදු චක්ෂුර්මත්හ, දිවැසිනුදු චක්ෂුර්මත්හ ... බුදුහු සමතැසිනුදු චක්ෂුර්මත්හ’යි ‘තෙ තොසිතා චක්ඛුමාතා’ යනු වේ.
බුද්ධෙනාදිච්චබන්ධුනා - ‘බුද්ධ’ යනු: යම් භාග්යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්ෂාත් ප්රඥප්තියකි. ආදිච්චබන්ධුනා - ‘ආදිච්ච’යි සූර්ය්යයා කියනු ලැබෙයි. හේ ගෝත්රයෙන් ගෞතම යැ. බුදුහු ද ගෝත්රයෙන් ගෞතම යැ බුදුහු සූර්ය්යහට ගෝත්රයෙන් ඥාතීහ ගෝත්රයෙන් බන්ධුහ එයින් බුදුහු ‘ආදිත්ය බන්ධු නම් වෙතී” ‘බුද්ධෙනා දිච්ච බන්ධුනා’ යනු වේ.
බ්රහ්මචරියමචරිංසු - ‘බ්රහ්මචරිය’ යි අසද්ධර්ම සමාපත්තියෙන් දුරුවීම වෙන්වීම සර්වාකාරයෙන් වෙන්වීම, විරමණභාවය, විරමණය, නො කිරීම, අකරණය, ඊට නො පැමිණීම, මර්ය්යාදා නො ඉක්මවීම, හේතු නැසීම කියනු ලැබෙයි. තවද නිෂ්පර්ය්යාය විසින් ‘බ්රහ්මචරිය’ යි ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය කියනු ලැබෙයි. හේ මෙසේයි: සම්යග්දෘෂ්ටි යැ සම්යක්සංකල්ප යැ සම්යග් වචන යැ සම්යක් කර්මාන්ත යැ සම්යගාජීව යැ සම්යග්ව්යායාම යැ සම්යක් ස්මෘති යැ සම්යක් සමාධි යි. බ්රහ්මචරියමචරිංසු යනු: බ්රහ්මචාර්ය්යායෙහි හැසුරුණහ වෙසෙසින් හැසුරුණහ මොනොවට ගෙන පැවැත්තාහු නුයි ‘බ්රහ්මචරියමචරිංසු’ යනු වේ.
වරපඤ්ඤස්ස සන්තිකේ යනු: උතුම් ප්රඥා ඇතියහුගේ අග්රප්රඥා ඇතියහු ගේ ශ්රෙෂ්ඨප්රඥා ඇතියහුගේ ජ්යෙෂ්ඨප්රඥා ඇතියහු ගේ අධිකප්රඥා ඇතිය හුගේ උත්තමප්රඥා ඇතියහුගේ ප්රවර ප්රඥා ඇතියහු ගේ. සන්තිකේ යනු: සමීපයෙහි වෙතැ ආසන්නයෙහි නුදුරෙහි ඉතා ළඟැනුයි ‘වරපඤ්ඤස්ස සන්තිකේ’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“තෙ තොසිතා චක්ඛුමතා -පෙ- වරපඤ්ඤස්ස සන්තිකේ” යී.
6.
එකෙකි පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙතෙම අපාර සංඛ්යාත සසරින් පරතෙරට යන්නේ යැ.
එකමෙකස්ස පඤ්හස්ස යනු: එකෙකි අජිත පැනයට එකෙකි තිස්සමෙත්තෙය්ය පැනයට ... එකෙකි පිඞ්ගිය පැනයට නුයි ‘එකමෙකස්ස පඤ්හස්ස’ යනු වේ.
යථා බුද්ධෙන දෙසිතං - ‘බුද්ධ’ යනු: යම් භාග්යවත් කෙනෙක් ස්වයම්භූ වෙත් ද ... මේ ‘බුද්ධ’ යනු: බෝමුල්හි අර්හත්ඵල ප්රත්යක්ෂයෙන් උපන් ප්රඥප්තියකි. යථා බුද්ධෙන දෙසිතං යනු: යම්සේ බුදුන් විසින් වදාරන ලද ද, දෙසන ලද ද, පනවන ලද ද, තබන ලද ද, විවෘති කරන ලද ද, විභාග කරන ලද ද, පාළ කරන ලද ද, ප්රකාශ කරන ලද දැයි ‘යථා බුද්ධෙන දෙසිතං’ යනු වේ.
තථා යො පටිපජ්ජෙය්ය යනු: සම්යක් ප්රතිපදාව අනුලොමප්රතිපදාව අවිරුද්ධප්රතිපදාව අන්වර්ථ ප්රතිපදාව ධර්මානුධර්මප්රතිපදාව පිළිපදනේ නම් නුයි ‘තථා යො පටිපජ්ජෙය්ය’ යනු වේ.