26.
යම් නිවනකට කිසි තැනෙක්හි උපමා නැද්ද (රාගාදියෙන්) ගෙන යා නො හැකි අකෝප්ය වූ නිවන එකත්නෙන් අධිගම කරනෙම් මෙහි ලා මට සැකයෙක් නැති, මෙසෙයින් (පිඞ්ගිය තෙපි) මා ශ්රද්ධායෙහි අධිමුක්තසිත් ඇතියකු කොට ධරව’ යි.
අසංහීරං අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංහීර’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. අසංහීරං යනු: රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්රෝධයෙන් බද්ධවෛරයෙන් මකු බැවින් පලාසයෙන් ඊර්ෂ්යායෙන් මාත්සර්ය්යයෙන් මායායෙන් සඨබැවින් ස්තම්භයෙන් කරණොත්තරිය කරණයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්රමාදයෙන් හැම කෙලෙසුන් විසින් හැම දුසිරිත් විසින් හැම පරිදාහ විසින් හැම ආස්රව විසින් හැම දරථ විසින් හැම තැවුලි විසින් හැම අකුසලාභිසංස්කාරයන් විසින් අසංහාර්ය්ය වූ නිවන නිත්ය යැ ධ්රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව ඇත් නුයි ‘අසංහීර’ නම් වෙයි. අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංකුප්ප’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් ... නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. යමක්හු ගේ උත්පාදය නො පැනේ ද, ව්යය නො පැනේ ද, අන්යථාභාවයෙක් නො පැනේ ද, ඒ අසංකෝප්ය වූ නිවන නිත්ය යැ ධ්රැව යැ ශාශ්වත යැ අවිපරිණාමස්වභාව ඇත් නුයි ‘අසංහීරං අසංකුප්පං’ යනු වේ.
යස්ස නත්ථි උපමා ක්වචි - ‘යස්ස’ යනු: නිවනට. නත්ථි උපමා යනු: උපමා නැති. උපනිධි නැති සදෘශයෙක් නැති ප්රතිභාගයෙක් නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබේ. ක්වචි යනු: අධ්යාත්ම වේවයි බාහ්ය වේවයි අධ්යාත්ම බාහ්ය වේවයි කිසිවෙකැ කිසි තැනෙකැ නුයි ‘යස්ස නත්ථි උපමා ක්වචි’ යනු වේ.
අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිස්සංශයවචන යැ නිසැක වචන යැ ද්විවිධ නො වූ වචන යැ (මෙසේ වී ලැයි) නො දෙහද වචන යැ නියෝග වචන යැ අන්වර්ත්ථ වචන යැ නො සිස් වචන යැ අවිරුද්ධ වචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. ගමිස්සාමි යනු: අවබෝධ කරනෙමි අධිගම කරනෙමි පහස්නෙමි පසක් කරනෙමි නුයි ‘අද්ධා ගමිස්සාමි’ යනු වේ. න මෙත්ථ කංඛා යනු: ‘එත්ථ’ යනු නිවනෙහි සැක නැති විසිකිස නැති දෙහද බව් නැති සංශය නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබෙයි ප්රහීණ යැ සිඳුනා ලද යැ සන්හින අප්රවෘත්ත යැ යළි උපදනට නො නිසි කරන ලද යැ නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අද්ධා ගමිස්සාමි න මෙත්ථ කංඛා’ යනු වේ.
එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං - ‘එවං මං ධාරෙහි’ යනු: මෙසෙයින් මා නිවනට නිම්න වූ නිවනට නැඹුරු වූ නිවනට බර වූ නිවනෙහි අධිමුක්ත වූ සිත් ඇතියකු කොට සලකව නුයි ‘එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“අසංහීරං අසංකුප්පං -පෙ- එවං මං ධාරෙහි අධිමුත්තචිත්තං” යි.
සොළොස් වැනි පිඞ්ගිය සූත්රාන්තය යි.
පරායණ වර්ගය නිමි.