25.
අධිදේවකර ධර්මයන් ප්රත්යක්ෂයෙන් දැන හීන-ප්රණීත වූ (හෝ තමාත් මෙරමා ත් පිළිබඳ වූ) අධිදේවත්වකර සියලු ධර්මජාතය දතු වහ. ශාස්තෘහු සැක ඇතියන් වැ මැ ‘නිසැකයම්හ’ යි පිළින කරනුවන්ගේ ප්රශ්න කෙළවර කරනුවහ.
අධිදෙවෙ අභිඤ්ඤා - ‘දේව’ යනු: දෙවියෝ තිදෙනෙකි. සම්මුති දේව යැ උත්පත්ති දේව යැ විශුද්ධි දේව යැ යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජවරු ද රාජකුමාරයෝ ද දෙවීහි ද ‘සම්මුති දේවහ’යි කියනු ලැබෙති. මොහු සම්මුති දේවහ යි කියනු ලැබෙත්. උත්පත්ති දේවයෝ කවරහ යත්: සිව්මහරද වැසි දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද ... බ්රහ්මකායික දෙවියෝ ද එයින් මත්තෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙති. මොහු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙත්. විශුද්ධිදේවයෝ කවරහ යත්: තථාගතයෝ ද තථාගත ශ්රාවකයෝ ද ක්ෂිණාශ්රව රහත්හු ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු දු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙති. මොහු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙත්. බුදුහු සම්මුති දෙවියනට අධිදේවහ’යි දැන උත්පත්ති දෙවියනට අධිදේවහ’යි දැන විශුද්ධි දෙවියනට අධිදේවහ’යි දැන, දැන ගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත (ප්රකට) කොට නුයි ‘අධි දෙවෙ අභිඤ්ඤාය’ යනු වේ.
සබ්බං වෙදි පරොපරං යනු: බුදුහු තමාගේ ද මෙරමා ගේ ද අධිදෙව කරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්රතිවේධ කළහ. තමහට අධිදෙව කර ධර්මයෝ කවරහ යත්: ප්රශස්ත ප්රතිපදා යැ අවිරුද්ධ ප්රතිපදා යැ අප්රත්යනීක ප්රතිපදා යැ අර්ථානුගතප්රතිපදා යැ ධර්මානුධර්ම ප්රතිපදා යැ ශීලයෙහි සපුරා කරන බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව යැ වැළඳීමෙහි පමණ දන්නා බව යැ නිදිවැරීමෙහි යෙදීම යැ ස්මෘති සම්ප්රජන්ය යැ සතර සතිපට්ඨානයෝ යැ ... ආර්ය්ය අෂ්ටාංගිකමාර්ගය යැ යන මොහු ‘තමහට අධිදෙවකර ධර්මහ’යි කියනු ලැබෙත්. මෙරමාහට අධිදෙවකර ධර්මයෝ කවරහ යත්: ප්රශස්ත ප්රතිපදා යැ ... ආර්ය්ය අෂ්ටාංගිකමාර්ගය යැ යන මොහු ‘මෙරමාහට අධිදෙවකර ධර්මහ’යි කියනු ලැබෙත්. මෙසෙයින් බුදුහු තමහට ද ‘මෙරමා හට අධිදේවකරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්රතිවේධ කළාහු නුයි ‘සබ්බං වෙදි පරොපරං’ යනු වේ.
පඤ්හානන්තකරො සත්ථා යනු: බුදුහු පාරායනිය බ්රාහ්මණයන්ගේ ප්රශ්නයන් අවසාන කරනුවහ කෙළවර කරනුවහ මර්ය්යාදා කරනුවහ පිරිවැටුම් (නිගමන) කරනුවහ. සභිය ප්රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්ය්යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ. ශක්ර ප්රශ්නයන් සුයාම ප්රශ්නයන් මහණුන්ගේ ප්රශ්නයන් මෙහෙණන්ගේ ප්රශ්නයන් උවසුවන්ගේ ප්රශ්නයන් උවැසියන්ගේ ප්රශ්නයන් රජුන්ගේ ප්රශ්නයන් ක්ෂත්රියයන්ගේ ප්රශ්නයන් බ්රාහ්මණයන්ගේ ප්රශ්නයන් වෛශ්යයන්ගේ ප්රශ්නයන් ශුද්රයන්ගේ ප්රශ්නයන් දෙවියන්ගේ ප්රශ්නයන් බඹුන්ගේ ප්රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්ය්යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ නුයි පඤ්හානන්තකරො’ යනු වේ. සත්ථා යනු: බුදුහු සාර්ථවාහයහ: යම්සේ සාත්තුනායක ගැල්සාත්තු කාන්තාරය තරණය කරවා ද, සොර කතර තරවා ද, වල් කතර තරවා ද, දුබික්කතර තරවා ද, මරු කතර තරවා ද, උත්තරණ නිස්තරණ ප්රතරණ කරවා ද, ක්ෂේමභූමියට මැනැවින් පමුණුවා ද, එසෙයින් මැ බුදුහු සාත්තුනායක වූවාහු සත්ත්වයන් කතර තරවති: ජාතිකාන්තාරය තරණය කරවති. ජරා-ව්යාධි-මරණ-ශෝක-පරිදේව- දුඃඛ-දෞර්මනස්ය-උපායාස කාන්තාරය තරණය කරවති, රාග- කාන්තාරය තරණය කරවති, ද්වේෂ-මෝහ-මාන-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිත කාන්තාරය තරණය කරවති, රාගගහනය තරණය කරවති, ද්වේෂගහනය- මොහගහනය-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිතගහනය තරණය කරවති, උත්තරණ නිස්තරණ ප්රතරණ කරවති, ක්ෂේමභූමි වූ අමාමහනිවනට පමුණුවා නුයි මෙසේ ත් බුදුහු සාර්ත්ථවාහ වෙති.
නොහොත් බුදුහු (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ (විනයන කරන හෙයින්) විනේතෘ වූහ අනුනේතෘ වූහ (සැක සිඳඅර්ථය) පනවනුවහ නිශ්චය කරනුවහ (පිළිවෙත් දක්වනුවහ ප්රතිපත්ති ඵලයෙන් පහදනුවහු නුයි මෙසේත් බුදුහු සාර්ත්ථවාහ වෙති. නො හොත් බුදුහු (ස්වසන්තානයෙහි) නූපන් මාර්ගය උපදවනුහ (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාත මාර්ගය දනවනුවහ. ප්රකාශ නො කළ මාර්ගය ප්රකාශ කරනුවහ. මාර්ගය දතුවහ, මාර්ගය දන්නා සුල්ලහ මාර්ගයෙහි විචක්ෂණයහ ඒ බුදුන් විසින් හෙළි කළ මාර්ග හේතු කොට මෙකල්හි මාර්ගය අනුව යන ශ්රාවකයෝ (ශීලාදි ගුණයන්) පසු පසැ යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු සාර්ත්ථවාහ නම් වෙත්.
කඞ්ඛීනං පටිජානතං - සශංක වැ අවුත් නිශ්ශංකයෝ වෙති සලෙඛ (විචිකිත්සායෙන් රෙඛිත මනස ඇති) වැ අවුත් නිල්ලෙඛයෝ වෙති ද්වේළ්හක (අනෛකාන්තග්රාහ) සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් විචිකිත්සා රහිතයෝ වෙති සරාග වැ අවුත් වීතරාගයෝ වෙති සදෝස වැ අවුත් වීතදොසයෝ වෙති සමෝහ වැ අවුත් වීතමෝහයෝ වෙති ක්ලේශ සහිත වැ අවුත් ක්ලේශ රහිතයෝ වෙත් නුයි ‘කඞ්ඛීනං පටිජානතං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“අධිදෙවෙ අභිඤ්ඤාය -පෙ- කඞ්ඛීනං පටිජානතං” යී.