24.
තෙල මම් මුනීන්‍ද්‍රයන් වහන්සේගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු විවෘත වූ (රාගාදි) සියන් ඇතියහ, ‘(රාගාදි) ඛිල රහිතයහ, ප්‍රතිභාන ප්‍රතිසංවිද්ඥාන ඇතියහ.
එස හීයො පසීදාමි යනු: තෙල මම් බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි බෙහෙවින් පහදිමි ... ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි බෙහෙවින් පහදිමි ... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එම හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙම්’ නුයි ‘එස හීයො පසීදාමි’ යනු වේ.
සුත්‍වාන මුනිනො වචො - ‘මුනි’ යනු: ‘මොන’යි ඥාන ය කියනු ලැබෙයි. ... (රාගාදි) සංගජාලය ඉක්ම සිටි හෝ මුනි නම් වෙයි. සුත්‍වාන මුනිනො වචො යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය අනුසිට්ඨිය අසා උගෙන ධරා ගෙනැ විමසා ගෙනැ නුයි ‘සුත්‍වාන මුනිනො වචො’ යනු වේ.
විවත්තච්ඡදො සම්බුද්ධෝ - ‘ඡද්නං’ යනු: ඡද්නයෝ පස් දෙනෙකි: තෘෂ්ණාඡද්න යැ දෘෂ්ටි ඡද්න යැ ක්ලේශ ඡද්න යැ දුශ්චරිතඡද්න යැ අවිද්‍යා ඡද්න යැ යි. ඒ ඡද්නයෝ (සියන්) භාග්‍යවත් බුදුන් විසින් විවෘත කරන ලදහ විධ්වංසනය කරන ලදහ උපුරන ලදහ වෙසෙසින් උපුරන ලදහ ප්‍රහීණය හ සිඳුනා ලදහ සන්හිඳුවන ලදහ අප්‍රවෘත්තියට පමුණුවන ලදහ යළි උපදනට නො නිසි කරන ලදහ නුවණගින්නෙන් දවන ලදහ. එයින් බුදුහු ‘විවත්තච්ඡද’ නම් වෙති. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු: බෝධිමූලයෙහි දී අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘විවත්තච්ඡදො සම්බුද්ධෝ’ යනු වේ.
අඛිලො පටිභානවා - ‘අඛිලො’ යනු රාගය ඛිල යැ ද්වේෂය ඛිල යැ මෝහය ඛිල යැ ක්‍රෝධය ඛිල යැ බද්ධවෛරය ඛිල යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ ඛිලයෝ යි. ඒ ඛිලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලදහ අනුඅභාවය කරන ලදහ ආයති භවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අඛිලයහ. පටිභානවා යනු: ප්‍රතිභානවත්හු තිදෙනෙකි: පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යැ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යැ අධිගම ප්‍රතිභාන ඇත්තේ යී. පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් පියවින් සූත්‍ර ගෙය වෛය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධර්‍ම වෙදල්ල යන මේ පිරිවහන ලද වෙයි. ඔහට පර්‍ය්‍යාප්තිය නිසා වැටහෙයි. මේ පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යි.
පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්‍හත්ඵලයෙහි ද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි ද (අනිත්‍යාදි) ලක්‍ෂණයෙහි ද හේතුයෙහි ද කාරණාකාරණයෙහි ද ලා පිළිවිස්නේ වෙයි. ඔහට පරිපුච්ඡාව නිසා වැටහෙයි. මේ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යි. අධිගම ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් සතර සතිපට්ඨානයෝ සතර සම්‍යක් ප්‍රධානයෝ සතර ඍද්ධිපාදයෝ පඤ්චේන්‍ද්‍රියයෝ පඤ්චබලයෝ සප්තබෝධ්‍යංගයෝ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය සතර ආර්‍ය්‍යමාර්‍ග හා සතර ශ්‍රාමාණ්‍යඵල හා සතර ප්‍රතිසංවිත් හා ෂඩ්භිඥා හා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්‍ත්‍ථය දන්නා ලද යැ ධර්‍මය දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්‍ත්‍ථය දන්නා ලද කල්හි අර්‍ත්‍ථය වටහයි ධර්‍මය දන්නා ලද කල්හි ධර්‍මය වටහයි. නිරුක්තිය දන්නා ලද කල්හි නිරුක්තිය වටහයි. මේ ත්‍රිවිධ ඥානයෙහි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි. බුදුහු මේ ප්‍රතිභානප්‍රතිසංවිදායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු එළඹ සිටියාහු මොනොවට එළඹ සිටියාහු සමෘද්ධ වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ප්‍රතිභානවත්හ. යමක්හට පර්‍ය්‍යාප්ති නැද්ද පරිපුච්ඡා නැද්ද අධිගම නැද්ද, කුමක් ඔහට වැටහෙන්නේ ද? යී ‘අඛිලො පටිභානවා’ යනු වේ.