23.
මුක්තශ්‍රද්ධා ඇති වක්කලී ස්ථවිර යැ භද්‍රාවුධ යැ ආලවිගොතම යැ යන මොහු යම් බඳු වූහු ද එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව පිඞ්ගිය තෙපි මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච - යනු: යම් සේ වක්කලී තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධා පුරොගාමී කොට ඇතියාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ භද්‍රාවුධ තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ ආලවිගොතම තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු දැ යි ‘යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච’ යනු වේ.
එවමෙව ත්‍වම්පි පමුඤ්චස්සු සද්ධං යනු: එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධාව මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ... යම් කිසි සමුදයස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව නුයි ‘එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං’ යනු වේ.
ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘මච්චුධෙය්‍ය’යී කියනු ලැබෙයි. ‘මෘත්‍යුධෙයයාගේ පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන් ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙන් නිර්‍වාණයෙක් වේ ද එය යි. ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං යනු: තෙපි පරතෙරට යව පාරය අධිගම කරව පාරය දකු පාරය ප්‍රත්‍යක්‍ෂ කරව නුයි ‘ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යථා අහු වක්කලි -පෙ- මච්චුධෙය්‍යස්ස පාරං” යී.
24.
තෙල මම් මුනීන්‍ද්‍රයන් වහන්සේගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු විවෘත වූ (රාගාදි) සියන් ඇතියහ, ‘(රාගාදි) ඛිල රහිතයහ, ප්‍රතිභාන ප්‍රතිසංවිද්ඥාන ඇතියහ.
එස හීයො පසීදාමි යනු: තෙල මම් බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි බෙහෙවින් පහදිමි ... ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි බෙහෙවින් පහදිමි ... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එම හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙම්’ නුයි ‘එස හීයො පසීදාමි’ යනු වේ.