20.
මාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමසාශනයෙන් පහ වැ නො යෙති. විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දෙසකට වඩනාසේක් ද ඒ ඒ දෙසට මැ මම් නම්‍ර වූයෙම් වෙමි.
සද්ධා ච පීති ච මනෝ සතිමා- ‘සද්ධා’ යනු, භාග්‍යවතුන් ඇරැබ යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් ගුණයෙහි බැසගැනීමෙක් අතිශය ප්‍රසාදයෙක් හැදෑරීමෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් ... ප්‍රීති යනු: බුදුන් ඇරැබ යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමොදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් විත්තියක් තුෂ්ටියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද එය යි. මනෝ යනු: භාග්‍යවතුන් ඇරැබ යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගමනසෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥාන ධාතුයෙක් වේ ද එය යි. සති යනු: භාග්‍යවතුන් ඇරැබ යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද ඒ නුයි ‘සද්ධා ච පීති ච මනෝ සතීච’ යනු වේ.
නාපෙන්ති මෙ ගොතමසාසනම්හා යනු: මේ සතර ධර්‍මයෝ ගෞතමශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් ද්වෙද්වෙශාසනයෙන් අර්‍හත් ශාසනයෙන්. නාපෙන්ති යනු: නො පහ වෙති නො යෙති නො හරිති නො නැසෙත් නුයි ‘නාපෙන්ති මෙ ගොතමසාසනම්හා’ යනු වේ.
යං යං දිසං වජති භූරිපඤ්ඤො - ‘යං යං දිසං’ යනු: පෙරදිගට හෝ පෑළදිගට හෝ දකුණුදිගට හෝ උතුරුදිගට හෝ යේ ද ගමන් කෙරේ ද පිය නඟා ද ඉදිරියට හේ ද. ‘භූරිපඤ්ඤො’ යනු: පෘථුලප්‍රඥා ඇත්තේ මහා ප්‍රඥා ඇත්තේ තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේ විපුල ප්‍රඥා ඇත්තේ හර්‍ෂබහුල ප්‍රඥා ඇත්තේ ජවනප්‍රඥා ඇත්තේ නිර්වේධික ප්‍රඥා ඇත්තේ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. පෘථිවිය හා සම වූ ඒ විපුල වූ (විස්තෘත වූ) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ නුයි ‘යං යං දිසං වජති භූරිපඤ්ඤො’ යනු වේ.
ස තෙන තෙනෙ’ව නතො’හමස්මි යනු: ඒ බුදුහු යම් දිසාභාගයෙක්හි වෙත් ද ඒ දිසාභාගයෙහි මැ නැමුණෙම් එයට නිම්න වූයෙම් එයට නැඹුරු වූයෙම් එයට බර වූයෙම් එහි අධිමුක්ත වූයෙම් එය අධිපති කොට ඇතියෙම් නුයි ‘ස තෙන තෙනෙ’ව නතො’හමස්මි’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“සද්ධා ච පීතී ච -පෙ- ස තෙන තෙනෙ’ව නතො’හමස්මි” යි.
21.
ජීර්‍ණ වූ (එයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ කය එ කරුණින් මැ එහි නො යෙයි. සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්‍රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.
ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස- ‘ජිණ්ණස්ස’ යනු: ජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ ත්‍රිවිධ වයෝ කොට්ඨාශයන් ඉක්මගිය තුන් වැනි වයසට පැමිණි. දුබ්බලථාමකස්ස යනු: දුර්වලවීර්‍ය්‍ය ඇති අල්පවීර්‍ය්‍ය ඇති මන්දවීර්‍ය්‍ය ඇති නුයි ‘ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස’ යනු වේ.
තෙනෙව කායෝ න පලෙති තත්‍ථ - බුදුහු යම් තැනෙක්හි වෙත් ද කය එතැනින් පලා නො යෙයි, නො යෙයි, ගමනය නො කෙරෙයි, නො පෙරටයේ නුයි ‘තෙනෙව කායෝ න පලෙති තත්‍ථ’ යනු වේ.