21.
ජීර්ණ වූ (එයින් මැ) අල්පවීර්ය්ය ඇති මාගේ කය එ කරුණින් මැ එහි නො යෙයි. සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.
ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස- ‘ජිණ්ණස්ස’ යනු: ජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ ත්රිවිධ වයෝ කොට්ඨාශයන් ඉක්මගිය තුන් වැනි වයසට පැමිණි. දුබ්බලථාමකස්ස යනු: දුර්වලවීර්ය්ය ඇති අල්පවීර්ය්ය ඇති මන්දවීර්ය්ය ඇති නුයි ‘ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස’ යනු වේ.
තෙනෙව කායෝ න පලෙති තත්ථ - බුදුහු යම් තැනෙක්හි වෙත් ද කය එතැනින් පලා නො යෙයි, නො යෙයි, ගමනය නො කෙරෙයි, නො පෙරටයේ නුයි ‘තෙනෙව කායෝ න පලෙති තත්ථ’ යනු වේ.
සඞ්කප්පයත්තාය වජාමි නිච්චං යනු: සංකල්ප ගමනින් විතර්ක ගමනින් ඥාන ගමනින් ප්රඥා ගමනින් බුද්ධි ගමනින් යෙමි ගමනය කෙරෙමි පෙරට යෙම් නුයි ‘සඞ්කප්පයත්තාය වජාමි නිච්චං’ යනු වේ.
මනෝ හි මෙ බ්රාහ්මණ තෙන යුත්තො- ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනොවිඥාන ධාතුයෙක් වේ ද එය යි. මනෝ හි මෙ බ්රාහ්මණ තෙන යුත්තො යනු: බුදුහු යම් තැනෙක්හි වෙත් ද සිත එතැන්හි යුක්ත යැ ප්රයුක්ත යැ සංයුක්ත නුයි ‘මනෝ හි මෙ බ්රාහ්මණ තෙන යුත්තො’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“ජිණ්ණස්ස මෙ -පෙ- මනෝ හි මෙ බ්රාහ්මණෙ තෙන යුත්තො” යි.
22.
කාමපඞ්කයොහි හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්යාත ද්වීපයෙන් ද්වීපයට පා වැ ගියෙමි. ඉක්බිති (පහණසෑ වෙහෙරෙහි දී චතුරෝඝය තරණය කළ ආශ්රව රහිත වූ සම්බුදුන් දිටිමි.)
පඞ්කෙසයානො පරිඵන්දමානො- ‘පඞ්කෙසයානො’ යනු: කාමපඞ්ක (මඩ) යෙහි කාමකර්දමයෙහි කාමක්ලේශයෙහි කාමපලිපයෙහි කාම පරිදාහයෙහි කාමපරිරොධයෙහි හෝනෙම් ශයනය කරනු යෙම් වසනුයෙම් වෙසෙසින් වසනුයෙම් සර්වප්රකාරයෙන් වසනුයෙම් නුයි ‘පඞ්කෙසයානො’ යනු වේ. පරිඵන්දමානො යනු: තෘෂ්ණාස්පන්දයෙන් ස්පන්දනය වනුයෙම් (සැලෙනුයෙම්) දෘෂ්ටිස්පන්දයෙන් සැලෙනුයෙම් ක්ලෙශස්පන්දයෙන් සැලෙනුයෙම් ප්රයෝගස්පන්දයෙන් සැලෙනුයෙම් විපාකස්පන්දයෙන් සැලෙනුයෙම් මනොදුශ්චරිතස්පන්දයෙන් සැලෙනුයෙම් රක්ත වැ රාගයෙන් සැලෙනුයෙම් දුෂ්ට වැ ද්වේෂයෙන් සැලෙනුයෙම් මූඪ වැ මෝහයෙන් සැලෙනුයෙම් විනිබද්ධ වැ මානයෙන් සැලෙනුයෙම් පරාමෘෂ්ට වැ දෘෂ්ටියෙන් සැලෙනුයෙම් වික්ෂෙපගත වැ ඖද්ධත්යයෙන් සැලෙනුයෙම් නිශ්චයට නො පැමිණ විචිකිත්සායෙන් සැලෙනුයෙම් ථාමගත වැ අනුශයෙන් සැලෙනුයෙම් ලාභයෙන් සැලෙනුයෙම් අලාභයෙන් සැලෙනුයෙම් යසසින් සැලෙනුයෙම් අයසසින් සැලෙනුයෙම් ප්රශංසායෙන් සැලෙනුයෙම් නින්දායෙන් සැලෙනුයෙම් සුඛයෙන් සැලෙනුයෙම් දුඃඛයෙන් සැලෙනුයෙම්