15.
පිඞ්ගිය කිම තෙපි ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතක් පවා වෙන් වැ වසවු ද?
කින්නු තම්හා විප්පවස්සි යනු: කිම බුදුන් කෙරෙන් වෙන් වැ වසවු ද? පහවවු ද? බැහැර වවු ද? වෙන් වවු දැ?යි ‘කින්නු තම්හා විප්පවසසී’ යනු වේ.
මුහුත්තම්පි පිඞ්ගිය යනු: මොහොතෙක්හි දු, ඇසිල්ලෙක්හි දු,ලයෙක් හි දු වියෙක්හි දු ජීවිත කාලයෙක්හි දු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. පිඞ්ගිය යනු: බාවරී බමුණු ඒ බෑනණුවන් නමින් අමතයි.
ගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙක් ප්රකට වූ, ප්රඥාධ්වජ ඇති, ප්රඥාකෙතු ඇති, ප්රඥාධිපති වූ විචය බහුල වූ ප්රවිචය බහුල වූ ප්රෙක්ෂණබහුල වූ සමීක්ෂණ බහුල වූ ප්රකට විහරණ ඇති ඒ ප්රඥාවට බැස සරන එය බහුල කොට ඇති එය ගරු කොට ඇති එයට නැමුණු එයට මැනැවින් නැමුණු එයට බර වූ එහි අධිමුක්ත වූ එය අධිපති කොට ඇති ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
ගොතමා භූරිමෙධසා - ‘භූරි’යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්රඥායෙන් සමන්වාගතයහ. ‘මේධා’යි ප්රඥාව කියනු ලැබෙයි. යම් ප්රඥායෙක් ප්රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යක්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් ප්රඥායෙන් උපෙතයහ සමුපෙතයහ උපගතයහ සමුපගතයහ නො වෙන් වූහ පරිපූර්ණයහ සමන්වාගතයහ එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කින්නුතම්හා විප්පවස්සි -පො- ගොතම භූරිමෙධසා” යි.
16.
පිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබියයුතු ඵල ඇති තෘෂ්ණා ක්ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද,
යො තෙ ධම්මදෙසෙසි යනු: යම් භාග්යවත් කෙනෙක් ... එහිදු සර්වඥ භාවයට පැමිණියාහු බලධර්මයනහිදු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ. ධම්මමදෙසෙසි- ධම්මං යනු: ආදියෙහි කල්යාණ වූ මධ්යයෙහි කල්යාණ වූ ... නිවන ද නිර්වාණගාමී ප්රතිපදාව ද වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවෘත කළහ විභාග කළහ ප්රකට කළහ ප්රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
සන්දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’ යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් වි න් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්ය්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩා ද ඒ මාර්ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම් සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබති කල් බලති. මේ දහම එසේ නො මැ වෙයි. යමෙක් මෙ අත් බැව්හි මැ ආර්ය්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩා ද ඒ මාර්ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබයි. පර අත්බැව්හි නො වෙයි පර ලෙව්හි නො වෙයි. මෙසෙයින් අකාලික නුයි ‘සන්දිට්ඨික මකාලිකං’ යනු වේ.
තණ්හක්ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ... ධර්මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්ෂය යැ රාගක්ෂය යැ ද්වේෂක්ෂය යැ මෝහක්ෂය යැ ගතික්ෂය යැ උපප්රාප්තික්ෂය යැ ප්රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං යනු: කුලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යයි කියනු ලැබෙති. ඊතිප්රහාණය ඊතිව්යුපශමය ඊති දුරැලීම ඊති සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘තණ්හක්ඛය මනීතිකං’ යනු වේ.
යස්ස නත්ථි උපමා ක්වචි- ‘යස්ස’ යනු: නිවනට. නත්ථි උපමා යනු: උපමා නැත, උපනිධි නැත, සදෘශයෙක් නැත, ප්රතිභාගයෙක් නැත, විද්යමාන නො වෙයි. නො ලැබේ. කච්චි යනු: අධ්යාත්ම වේවයි බාහ්ය වේවයි අධ්යාත්මබාහ්ය වේවයි කිසිවෙකැ කිසිවක්හි කිසි තැනෙක්හි නුයි ‘යස්ස නත්ථි උපමා ක්වචි’ යනු වේ.
එයින් කී යැ ඒ බාවරී බමුණු:
“යො තෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්ථි උපමා ක්වචි” යී.