16.
පිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබියයුතු ඵල ඇති තෘෂ්ණා ක්ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද,
යො තෙ ධම්මදෙසෙසි යනු: යම් භාග්යවත් කෙනෙක් ... එහිදු සර්වඥ භාවයට පැමිණියාහු බලධර්මයනහිදු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ. ධම්මමදෙසෙසි- ධම්මං යනු: ආදියෙහි කල්යාණ වූ මධ්යයෙහි කල්යාණ වූ ... නිවන ද නිර්වාණගාමී ප්රතිපදාව ද වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවෘත කළහ විභාග කළහ ප්රකට කළහ ප්රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
සන්දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’ යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් වි න් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්ය්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩා ද ඒ මාර්ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම් සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබති කල් බලති. මේ දහම එසේ නො මැ වෙයි. යමෙක් මෙ අත් බැව්හි මැ ආර්ය්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩා ද ඒ මාර්ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබයි. පර අත්බැව්හි නො වෙයි පර ලෙව්හි නො වෙයි. මෙසෙයින් අකාලික නුයි ‘සන්දිට්ඨික මකාලිකං’ යනු වේ.
තණ්හක්ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ... ධර්මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්ෂය යැ රාගක්ෂය යැ ද්වේෂක්ෂය යැ මෝහක්ෂය යැ ගතික්ෂය යැ උපප්රාප්තික්ෂය යැ ප්රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං යනු: කුලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යයි කියනු ලැබෙති. ඊතිප්රහාණය ඊතිව්යුපශමය ඊති දුරැලීම ඊති සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘තණ්හක්ඛය මනීතිකං’ යනු වේ.
යස්ස නත්ථි උපමා ක්වචි- ‘යස්ස’ යනු: නිවනට. නත්ථි උපමා යනු: උපමා නැත, උපනිධි නැත, සදෘශයෙක් නැත, ප්රතිභාගයෙක් නැත, විද්යමාන නො වෙයි. නො ලැබේ. කච්චි යනු: අධ්යාත්ම වේවයි බාහ්ය වේවයි අධ්යාත්මබාහ්ය වේවයි කිසිවෙකැ කිසිවක්හි කිසි තැනෙක්හි නුයි ‘යස්ස නත්ථි උපමා ක්වචි’ යනු වේ.
එයින් කී යැ ඒ බාවරී බමුණු:
“යො තෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්ථි උපමා ක්වචි” යී.
17.
බ්රාහ්මණයෙනි, මම් ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු වැ නො වෙසෙමි.
නාහං තම්හා විප්පවසාමි යනු: මම් බුදුන් කෙරෙන් වෙන් වැ නො වෙසෙමි, නො පහවෙමි, නො බැහැර වෙමි වෙන් නො වෙම් නුයි ‘නාහං තම්හා විප්පවසාමි’ යනු වේ.
මුහුත්තම්පි බ්රාහ්මණ යනු: මොහොතෙක්හිදු ඇසිල්ලෙක්හිදු ලයෙක් හිදු වියෙක්හි දු ආයුකාලයෙක්හිදු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. බ්රාහ්මණ යනු: ගෞරවයෙන් මයිලණුවන් අමතයි.
ගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙන් ප්රකට වූ ප්රඥාධ්වජ ඇති ප්රඥාකෙතු ඇති ප්රඥාධිපති වූ විචයබහුල වූ ප්රවිචය බහුල වූ ප්රෙක්ෂණ බහුල වූ සමීක්ෂණබහුල වූ ප්රකටවිහරණ ඇති තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්රවණ තත්ප්රාග්භාර තද්ධිමුක්ත තද්ධිපති වූ ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
ගොතමා භූරිමෙධසා- ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවිසම විපුල වූ පතළ වූ ප්රඥායෙන් සමන්වාගතයහ. ‘මේධා’ යි ප්රඥාව කියනු ලැබෙයි. යම් ප්රඥායෙක් ප්රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයෙක් සම්යක්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු මේ මෙධායෙන් ප්රඥායෙන් උපේතයහ සමුපේතයහ එළඹ සිටියහ මැනැවින් එළඹ සිටියහ යුක්තයහ පරිපූර්ණයහ සමන්වාගතයහ. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“නාහං තම්හා විප්පවසාමි -පෙ- ගොතමා භූරිමෙධසා” යි.
18.
යම් කෙනෙක් මට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක් ද, යම් කෙනෙකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද උන් වහන්සේ යි.
යො මෙ ධම්මමදෙසෙසි යනු: යම් භාග්යවත් කෙනෙක් තුමූ මැ සර්වඥ වූවාහු ආචාර්ය්යයකු රහිත වැ පෙර නො ඇසූ විරූ දහම් විෂයෙහි තුමූ මැ සිව්සස් අවබෝධ කළාහු ද ඒ සත්යයන්හි දු සර්වඥ බවට පැමිණියාහු ද බලයන්හි දු වශී බවට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි- ‘ධම්මං’ යනු: ආදි කල්යාණ වූ... පර්ය්යාවසාන කල්යාණ වූ අර්ත්ථ සහිත වූ ව්යඤ්ජන සහිත වූ සියල්ල පිරිපුන් පිරිසිදු සසුන් බඹසර, සතර සතිපට්ඨානය සතර සම්යක්ප්රධානය, සතර ඍද්ධිපාදය, පඤ්චේන්ද්රියය, පඤ්චබලය, සප්තබෝධ්යඞ්ගය, ආර්ය්ය අෂ්ඨාඞ්ගිකමාර්ගය නිවන හා නිර්වාණ ගාමිනී ප්රතිපදාව හා වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.