12.
පෙර (බාවරී ආදි) යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු නම් එ හැම ‘මෙසේ මෙසේ යැයි උපන් කථායෙක, එහැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනා සුලු යැ.
යෙ මෙ පුබ්බේ වියාකංසු - ‘යෙ’ යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද යම් අන්‍ය වූ ඔවුන්ගේ ආචාර්‍ය්‍ය කෙනෙකුත් වෙත් ද ඔහු ස්වකීය දෘෂ්ටිය සිය කැමැත්ත ස්වරුචිය ස්වලබ්ධිය සිය අදහස ස්වකීය අභිප්‍රාය විවරණ කළහ කීහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ.
හුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පළමු ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි ගෞතම ශාසනයෙන් පෙර ගෞතම ශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවාතිදේව ශාසනයෙන් අර්‍හත් ශාසනයෙන් ඉතා පළමු නුයි ‘හුරං ගොතමසාසනා’ යනු වේ.
ඉච්චාසි ඉති භවිස්සති යනු: මෙසේ වී ල මෙසේ වන්නේ ලැ’යි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.
සබ්බං තං ඉතිහීතිහං යනු: එ හැම මෙසේ මෙසේ යැයි උපන් කථා යැ මෙසේ ලැ යි උපන් කථා යැ ඇදුරොල්හි ආ කථා යැ අපගේ පිටකයෙහි මෙසේ යැයි උපන් කථා යැ තර්‍ක හෙයින් න්‍යාය හෙයින් ආකාර පරිවිතර්‍කයෙන් තමා සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳේ යයි කියන කථා යැ තුමූ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දන්නා ලද්දක්, තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මයක් නො කීවාහු නුයි ‘සබ්බං තං ඉතිහීතිහං’ යනු වේ.
සබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්‍ක වඩනාසුලු යැ විතර්‍ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්‍ක වඩනාසුලු යැ ව්‍යාපාද විතර්‍ක වඩනාසුලු යැ විහිංසා විතර්‍ක වඩනාසුලු යැ ඥාති විතර්‍ක වඩනාසුලු යැ ජනපද විතර්‍ක වඩනාසුලු යැ අමරා විතර්‍ක වඩනාසුලු යැ පරානුකම්පා ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ ලාභසත්කාර කීර්තිශබ්ද ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ අනවඥා ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ’යි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“යෙ මෙ පුබ්බේ වියාකංසු -පෙ- සබ්බං තං තක්කවඩ්ඪනං” යී.
13.
අවිදු අඳුරු දුරු කළා වූ ද්‍යුතිමත් වූ ප්‍රභාකර වූ මහත් වූ ඥාන ධ්වජ ඇති ඒ ගෞතමයන් වහන්සේ විපුල ප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ (පහණසෑ වෙහෙරෙහි) එකලා වැ වැඩහුන් සේක.
ඒකෝ තමොනුදාසිනො - ‘ඒකෝ’ යනු: බුදුහු ප්‍රව්‍රජා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යහ, අද්විතීයාර්ථයෙන් අතුල්‍යහ, තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් අසහායහ, එකාන්තවීතරාග නුයි අසහායහ, එකාන්තවීත්‍යාදොස නුයි අසහායහ, එකාන්තවීතමොහ නුයි අසහායහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, එකායනමාර්ගයට ගියාහු නුයි අසහායහ, අතුල්‍ය වූ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
කිසෙයින් බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙහෙ ඇත්තාහු භද්‍රයෞවනයෙන් යුත් ප්‍රථම වයසින්සමන්වාගත වූවාහු නො කැමැති වැ (එහෙයින් මැ) කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන වැලැපෙන මව්පියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා හැම ගෘහාවාස පරිරොධයන් සිඳපියා අඹුදරු පලිබොධ සිඳපියා ඥාතිපරිරොධ සිඳපියා සග යහළු පලිබොධ සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පිවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාතයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු අද්විතීයාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ, අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ, වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියව් පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ‘අද්විතීයාර්ථයෙන් එකයහ.
කිසෙයින් බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙය වූ සිත් ඇති වැ වසන්නාහු නෙරඤජරා නදීතීරයෙහි බෝරුක් මුල මහාප්‍රධන්වීර්‍ය්‍ය කරනසේක් කෘෂ්ණකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුච් නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.