11.
යම්සේ පක්ෂි මම් ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැර පියා (අනවතප්තාදි) තෙම වනය හැරපියා බොහෝ පලවැළ ඇති වනයකට පැමිණ වසන්නේ ද, එසෙයින් මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්යා - ‘ද්විජ’ යි පක්ෂියා කියනු ලැබෙයි. කවර කරුණෙකින් පක්ෂියා ‘ද්විජ’ යි කියනු ලැබෙයි යත්: මව් කුසින් ද බිජුවටින් දැයි දෙයළක් උපදී නුයි ද්විජ යැ, එ කරුණින් පක්ෂි තෙම ‘ද්විජ’ යි කියනු ලැබේ නුයි ද්විජ යැ. යථා කුබ්බනකං පහාය යනු: යම් සේ පක්ෂි තෙම මඳ වූ පල වැළ ඇති මඳ වූ ගොදුරු ඇති මඳ වූ දිය ඇති කුඩා වනය මඳ වූ වනය ස්වල්ප වූ වනය හැර හැරපියා ඉක්මවා මැනැවින් ඉක්මවා වෙසෙසින් ඉක්මවා බොහෝ පලවැළ ඇති බොහෝ අහර ඇති බොහෝ රුක් ඇති බොහෝ ජලය ඇති අන්ය මහවනයකට වන ලැහැබකට පැමිණෙන්නේ නම් ලබන්නේ නම් පිළිලබන්නේ නම් එ වනලැහැබ්හි වාසය කරන්නේ නුයි ‘ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්යා’ යනු වේ.
එවම්පහං අප්පදස්සෙ පහාය මහොද්ධිං හංසොරිව අජ්ඣපත්තො - ‘එවං’ යනු: උපමා සම්ප්රතිපාදන යැ. අප්පදස්සෙ පහාය යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද, අන්ය වූ ඔවුන්ගේ යම් ආචාර්ය්ය කෙනෙකුත් වෙත් ද ඔහු තුමූ භාග්යවත් බුදුන් පිණිස, අල්පදර්ශන ඇතියහ අත්යල්ප දර්ශන ඇතියහ මඳ වූ දර්ශන ඇතියහ පහත් දර්ශන ඇතියහ ලාමක දර්ශන ඇතියහ නො අගනා දර්ශන ඇතියාහු හෝ වෙති. අල්ප දර්ශීන් අත්යල්ප දර්ශීන් මන්දදර්ශීන් පහත්දර්ශීන් ලාමකදර්ශීන් අධමදර්ශීන් හැර හැරපියා ඉක්ම මොනොවට ඉක්ම වෙසෙසින් ඉක්ම අප්රමාණදර්ශන ඇති අග්රදර්ශන ඇති ශ්රෙෂ්ඨදර්ශන ඇති විශිෂ්ට දර්ශන ඇති ප්රමුඛදර්ශන ඇති උත්තමදර්ශන ඇති ප්රවරදර්ශන ඇති අසම වූ අසමසම වූ අප්රතිසම වූ අප්රතිභාග වූ අප්රතිපුද්ගල වූ දේවාතිදේව වූ නරශ්රේෂ්ඨ වූ පුරුෂසිංහ වූ පුරුෂ නාග වූ පුරුෂාජානේය වූ පුරුෂනිසභ වූ පුරුෂධෞරය වූ දශබලධාරී වූ භාග්යවත් බුදුන් ලදිමි ලැබුයෙමි ප්රතිලාභ කෙළෙමි. යම්සේ හංස තෙම නො කැලඹුණු අප්රමාණ වූ ජලය ඇති උදකරාශී ඇති මහත් වූ මදොල්විල් හෝ නුතත් දහතළා හෝ මහමුහුද හෝ ලබා නම් විඳී නම් ප්රතිලාභ කෙරේ නම් එ පරිද්දෙන් මැ නො කැලඹුණු අප්රමාණ ඥානතෙජස් ඇති ප්රභේදගත (දශබලඥානාදි) ඥාන ඇති සමතැස් ඇති ප්රඥාප්රභෙදයෙහි දක්ෂ වූ ලබන ලද සිව්පිළිසිඹියා ඇති චතුර්වෛශාරද්යප්රාප්ත වූ ඵලසමවත්හි අධිමුක්ත වූ පිරිසුදු වූ ආවේණික ආත්මභාව ඇති අද්වය භාණී වූ (ඉෂ්ටානිෂ්ටයෙහි නො සැලෙන බැවින් තාදී වූ ප්රතිඥා නො ඉක්මෙන අල්ප නො වූ මහත් වූ ගම්භීර වූ ප්රමාණාර්භ නො වූ බැසගත නො හෙන (ශ්රද්ධා දි) බොහෝ වූ රත්න ඇති සාගරසම වූ ෂඩඞ්ගෝපේක්ෂායෙන් සමන්වාගත වූ (තුලනය කළ නො හැකි බැවින්) අතුල වූ විපුල වූ අප්රමේය වූ ඒ තාදීගුණ සම්පන්න වූ කථිකයන් අතුරෙහි මඟ කියන සුලු වූ, පර්වතයන් අතුරෙහි මේරුපර්වතය බඳු වූ පක්ෂීන් අතුරෙහි ගුරුළුරජහු බඳු වූ මෘගයන් අතුරෙහි සීරජක්හු බඳු වූ අර්ණවයන් අතුරෙහි සමුද්රය බඳු වූ ඒ ශාස්තෘ වූ ජිනප්රවර වූ මහර්ෂී වූ භාග්යවත් බුදුන් ලදිම් නුයි ‘එවම්පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තො’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“ද්විජො යථා -පෙ- මහොදධිං හංසොරිව අජ්ඣපත්තො” යි.