16. 4.
(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) (යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්වයන් හටගත් සිත් තැවුල් ඇතියන් ජරායෙන් මඩනා ලදුවන් වැ දක්නවු ද, එහෙයින් පිඞ්ගිය, තෙපි අප්රමත්ත වැ පුනර්භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරව යි.
තණ්හාධිපතිපන්නෙ මනුජෙ පෙක්ඛමානො- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ.... ධර්මතෘෂ්ණා යි. තණ්හාධිපන්නෙ යනු තෘෂ්ණායෙහි ගැලුණවුන් තෘෂ්ණාව අනුව ගියවුන් තෘෂ්ණායෙහි පිවිසියන් තෘෂ්ණායෙන් වැසුණවුන් තෘෂ්ණාවට පැමිණියවුන් ප්රතිපන්නයන් මඬනා ලද්දවුන් හාත්පසින් මැඩ ගත් සිත් ඇතියන්. මනුජෙ යනු: සත්ත්වයනට නමෙකි. පෙක්ඛමානො යනු: බලනුයේ දක්නේ අවලෝකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘තන්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො’ යනු වේ.
පිඞ්ගියාති භගවා යනු....
සන්තාපජාතෙ ජරසා පරෙතෙ- ‘සන්තාපජාතෙ’ යනු: ජාතියෙන් හටගත් තැවුලි ඇතියන් ජරායෙන් හටගත් තැවුලි ඇතියන් ව්යාධියෙන් හටගත් තැවුලි ඇතියන් මරණයෙන් හටගත් තැවුලි ඇතියන් ශෝක පරිදෙවදුඃඛදෞර්මනස්යයන්ගෙන් හටගත් තැවුලි ඇතියන් නිරෑදුකින් හටගත් තැවුලි ඇතියන්... දෘෂ්ටි ව්යසනදුඃඛයෙන් හටගත් තැවුලි ඇතියන් හටගත් දුක් ඇතියන් හටගත් උවදුරු ඇතියන් හටගත් උපසර්ග ඇතියනැ’ යි ‘සන්තාපජාතෙ’ යනු වේ. ‘ජරසා පරෙතෙ’ යනු: ජරායෙන් පහස්නා ලදුවන් මඬනාලදුවන් ඇතුළත පිවිසියන් සමන්වාගත වූවන් ජාතියෙහි පිවිසියන් ජරායෙන් වැසුණවුන් ව්යාධියෙන් මඬනාලදුවන් මරණයෙන් පහළ වුන් රක්ෂාස්ථාන රහිතයන් නිලීනස්ථාන රහිතයන් සරණරහිතයන් අසරණිභූතයනැ’යි ‘සන්තාපජාතෙ ජරසා පරෙතෙ’ යනු වේ.
තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් එ පසයෙන් ඒ නිදානයෙන්, මෙසේ තෘෂ්ණායෙහි ආදීනව දක්නේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය යනු වේ. අප්පමත්තො යනු: සකසා කරනසුලු... කුසල් දහම්හි නො පමා වූයේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො‘ යනු වේ.
ජයස්සු තණ්හං අපුනබ්හවාය- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ... ධර්මතෘෂ්ණා යි. ජයස්සු තණ්හං යනු: තෘෂ්ණාව හැරපියව තෘෂ්ණාව වෙසෙසින් හැරපියව තෘෂ්ණාව දුරු කරව තෘෂ්ණාව විගතාන්ත කරව තෘෂ්ණාව අනු අභාවයට පමුණුව. අපුනබ්භවාය යනු: යම්සේ තාගේ... වටාලා පිළිසඳ ඇති භවය නූපදනේ නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාමභවයෙහි හෝ රූපභවයෙහි හෝ අරූපභවයෙහි හෝ සංඥාභවයෙහි හෝ අසංඥාභවයෙහි හෝ නෛවසංඥානාසංඥාභවයෙහි හෝ ඒකවොකාරභවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවොකාරභවයෙහි හෝ පුනර්ගතියෙහි හෝ උපප්රාප්තියෙහි හෝ ප්රතිසන්ධියෙහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තියෙහි හෝ නූපදනේ නම් (අවයව ප්රාදුර්භාවයෙන්) මොනොවට නූපදනේ නම් නො නිපදනේ නම් වෙසෙසින් නො නිපදනේ නම් මෙ අත් බැව්හි ම නිරුද්ධ වන්නේ නම් සන්හිඳෙන්නේ නම් අස්තයට යන්නේ නම් නො පවත්නේ නම් නුයි ‘ජයස්සු තණ්හං අපුනබ්භවාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තණ්හාධිපන්නෙ -පෙ- ජහස්සු තණ්හං අපුනබ්භවාය” යි.
ගාථා පර්ය්යවසානය හා මැ එ බමුණු හා සමග එක් අදහස් ඇති එක් පියෝ ඇති එක් රිසි ඇති වඩන ලද එක් බැවුන් ඇති යම් කෙනෙක් වූහු නම් ඒ නොයෙක් දහස්ගණන් ප්රාණීන්ට ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි රාගාදි රජස් රහිත වූ රාගාදි මල රහිත වූ ධර්මචක්ෂුස පහළ විය. එ බමුණුහට ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි විරජ වූ වීතමල වූ ධර්මචක්ෂුස උපන.