16. පිඞ්ගිය සූත්ර නිර්දෙශය
16. 1.
(ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්ණයෙමි දුර්වලයෙමි විවර්ණයෙමි, (මාගේ) නේත්රයෝ ශුද්ධ නො වෙති, ශ්රවණය පහසු නො වෙයි, මම් (මුඹ වහන්සේ ගේ දහම්, පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
ජිණ්ණොහමස්මි අබලො විවණ්ණො ‘ජිණ්ණොහමස්මි’ යනු: ජිර්ණයෙමි වෘද්ධයෙමි මහලුයෙමි තුන් වැනි විය ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියෙමි ජාතියෙන් එක්සිය විසිවස් ඇත්තෙමි. අබලො යනු: බල රහිතයෙමි දුර්වලයෙම් අල්පබල ඇතියෙමි අල්පවීර්ය්ය ඇතියෙමි. විවණ්ණො යනු: පෙරැළුණු සිවිපැහැ ඇතියෙමි පහ වූ සිවිපැහැ ඇතියෙමි දුරු වූ සිවිපැහැ ඇතියෙමි පළමු යම් සොඳුරු සිවිපැහැයෙක් වී නම් ඒ අතුරු දහන්වී යැ ආදීනව පහළ වී නුයි ’ජිණ්ණොහමස්මි අබලො විවණ්ණො’ යනු වේ.
මෙසේ ආයුෂ්මත් පිඞ්ගිය යනු....
නෙත්තා න සුද්ධා සවනං න ඵාසු යනු: නේත්රයෝ අශුද්ධයහ විශුද්ධ නො වෙති අපරිශුද්ධයහ ප්රසන්න නො වෙති පෙර මෙන් ඇසින් රූ නොදක්මි නුයි ‘නෙත්තාන සුද්ධා’ යනු වේ. සවනංන ඵාසු යනු: ශ්රොත්රයෝ අශුද්ධයහ විශුද්ධ නො වෙති පරිශුද්ධ නො වෙති ප්රසන්න නො වෙති පෙර මෙන් කනින් හඬ නො අසම්නුයි ‘නෙත්තා න සුද්ධා සවනං න ඵාසු’ යනු වේ.
මාහං නස්සං මොමුහො අන්තරාව- ‘මාහං නස්සං’ යනු: මම් නහමක් නැසෙම්වයි මම් නහමක් වැනැසෙම්වයි මම් නහමක් විනාශ වෙම්වයි. මොමූහො යනු: අතිශයින් මූඪ වූයෙම් මෝහයෙන් මුළා වූයෙම් අවිද්වත් වූයෙම් අවිද්යාවට පැමිණියෙම් අඥාන වූයෙම් අපණ්ඩිත වූයෙම් දුෂ්ප්රාඥ වූයෙම්. අන්තරාව යනු: මුඹ වහන්සේගේ ධර්මය දෘෂ්ටිය ප්රතිපදාව මාර්ගය අවබෝධ නො කොට අධිගම නො කොට නො දැන නො ලැබ ස්පර්ශ නො කොට ප්රත්යක්ෂ නො කොට අතුරෙහි මැ කලුරිය කරන්නෙම් නුයි ‘මාහං නස්සං මොමූහො අන්තරාව’ යනු වේ.
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං - ‘ධම්මං’ යනු: ආදිකල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යවසාන කල්යාණ වූ අර්ත්ථ සහිත වූ ව්යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්ණ වූ පරිශුද්ධ වූ ශ්රේෂ්ඨචර්ය්යා වූ සතර සතිපට්ඨානයන් සතර සම්යක් ප්රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්ද්රියයන් පඤ්ච බලයන් සප්ත බොධ්යඞ්ගයන් ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණය හා නිර්වාණ ගාමී ප්රතිපත්ති හා වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පහළ කළ මැනැවැ ප්රකාශ කළ මැනැව නුයි ‘ආචික්ඛ ධම්මං’ යනු වේ. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් දැනගන්නෙම් නම් ඒකාන්තයෙන් දැනගන්නෙම් නම් විවිධාකාරයෙන් දැනගන්නෙම් නම් නොයෙක් අයුරින් දැනගන්නෙම් නම් ප්රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් ස්පර්ශ කරන්නෙම් නම් ප්රත්යක්ෂ කරන්නෙම් නම් නුයි ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං යනු වේ.
ජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාමරණයාගේ ප්රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නුයි ‘ජාතිජරාය ඉධ විප්පහානං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ජිණ්ණොහමස්මි -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යී.
16. 2.
(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනුවන් දැක (කුශල ධර්මයෙහි) ප්රමාද වූ ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශල ධර්මයෙහි) අප්රමත්ත වැ පුනර්භවය නො වනු පිණිස රූපය දුරු කරව.
දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. සත්ත්වයෝ රූප හේතුයෙන් රූපප්රත්යයෙන් රූපකාරණයෙන් නැසෙති වැනැසෙති වෙසෙසින් නසනු ලැබෙත්. රූපය ඇති කල්හි නො එක් කම්කටොලු කරවති: කසයෙනුදු තළති, වේවැලිනිදු තළති, අඩදඬියේ (මුගුරි) නුදු තළති, අත් ද සිඳිති, පා ද සිඳිති, අත්පා ද සිඳිති, කනුදු සිඳිති,