16. 3.
සතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද ලොවැ මෙ හැම තන්හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්රාණ ස්වාදන ස්පර්ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක් නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් (නිර්වාණ) දහමක් මම් දැන ගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
දිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධෝ දසදිසා ඉමායො යනු දස දික්හු යැ.
න තුය්හං අදිට්ඨං අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලෝකේ යනු: මුඹ වහන්සේ විසින් නුදුටු නො ඇසු නො වුන් නො දත් කිසි අත්මාර්ථයෙක් හෝ පරාර්ථයෙක් හෝ උභයාර්ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ථයෙක් හෝ සම්පරායිකාර්ථයෙක් හෝ උත්තානාර්ථයෙක් හෝ ගම්භීරාර්ථයෙක් හෝ ගුඪාර්ථයෙක් හෝ ප්රතිච්ඡන්නාර්ථයෙක් හෝ ඥෙයාර්ථයෙක් හෝ නීතාර්ථයෙක් හෝ නිරවද්යාර්ථයෙක් හෝ නික්ලේශාර්ථයෙක් හෝ ව්යවදානාර්ථයෙක් හෝ පරමාර්ථාර්ථයෙක් හෝ නැත. නො වෙයි විද්යමාන නො වෙයි නො ලැබේ නුයි ‘න තුය්හං අදිට්ඨං, අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලෝකේ’ යනු වේ.
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං- ‘ධම්මං’ යනු: ආදි කල්යාණ වූ .... නිර්වාණය ද නිර්වාණගාමිනී ප්රතිපත් ද වදාළ මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ පිහිටුව මැනැවැ විවෘති කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්රකාශ කළ මැනැව. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් මම් දැනගන්නෙම් නම් හාත්පසින් දැනගන්නෙම් නම් වෙසෙසින් දැනගන්නෙම් නම් මොනොවට දැනගන්නෙම් නම් ප්රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් පහස්නෙම් නම් පසක් කරන්නෙම් නම් නුයි ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.
ජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාමරණයාගේ ප්රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නුයි ‘ජාතිජරාය ඉධ විප්පහානං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“දිසා චතස්සො -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යි.
16. 4.
(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) (යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්වයන් හටගත් සිත් තැවුල් ඇතියන් ජරායෙන් මඩනා ලදුවන් වැ දක්නවු ද, එහෙයින් පිඞ්ගිය, තෙපි අප්රමත්ත වැ පුනර්භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරව යි.
තණ්හාධිපතිපන්නෙ මනුජෙ පෙක්ඛමානො- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ.... ධර්මතෘෂ්ණා යි. තණ්හාධිපන්නෙ යනු තෘෂ්ණායෙහි ගැලුණවුන් තෘෂ්ණාව අනුව ගියවුන් තෘෂ්ණායෙහි පිවිසියන් තෘෂ්ණායෙන් වැසුණවුන් තෘෂ්ණාවට පැමිණියවුන් ප්රතිපන්නයන් මඬනා ලද්දවුන් හාත්පසින් මැඩ ගත් සිත් ඇතියන්. මනුජෙ යනු: සත්ත්වයනට නමෙකි. පෙක්ඛමානො යනු: බලනුයේ දක්නේ අවලෝකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘තන්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො’ යනු වේ.
පිඞ්ගියාති භගවා යනු....