15. 2.
මේ මිනිස්ලෝවැසි තෙමේ ද අන් ලෝවැසි තෙමේ ද දෙවියන් සහිත වූ බඹලෝවැසි තෙමේ ද යශස්වී වූ ගෞතම ගෝත්ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනී.
අයං ලෝකෝ පරො ලෝකෝ- ‘අයං ලෝකෝ’ යනු: මනුෂ්යලෝක යැ ‘පරො ලෝකෝ’ යනු: මිනිස්ලොව තබා සියල්ල පරලොව් නුයි ‘අයං ලෝකෝ පරො ලෝකෝ’ යනු වේ.
බ්රහ්මලොකො සදෙවකො යනු: මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝක යැ දෙව්මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්රජාව නුයි ‘බ්රහ්මලොකො සදෙවකො’ යනු වේ.
දිට්ඨිං තෙ නාභිජානාති යනු: මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය ක්ෂාන්තිය රුචිය ලබ්ධිය අධ්යාශය අභිප්රාය ලෝවැසි තෙම නො දනියි: ‘මේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක, මෙ බඳු ක්ෂාන්ති ඇත්තෙක, මෙ බඳු රුචි ඇත්තෙක, මෙ බඳු ලබ්ධි ඇත්තෙක, මෙ බඳු අධ්යාශය ඇත්තෙක, මෙ බඳු අභිප්රාය ඇත්තෙකැ’ යි නො දනියි නො දකියි නො දක්නේ යැ නො පැමිණෙයි නො විඳියි නො ලබා නුයි ‘දිට්ඨිං තෙ නාභිජානාති’ යනු වේ.
ගොතමස්ස යසස්සිනො යනු: බුදුහු යසසට පැමිණියාහු නුයි යශස්වී යැ නොහොත් බුදුහු සත්කෘතයහ ගරුකෘතයහ මානිතයහ පූජිතයහ (අග්රදානාදීන්) අපචායන කරන ලදහ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබනසුල්ලභ’යි ‘ගොතමස්ස යසස්සිනො’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“අයං ලෝකෝ පරො ලෝකෝ -පෙ- ගොතමස්ස යසස්සිනො” යි.
15. 3.
මෙසේ පරමදර්ශී වූ සර්වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්ථී වැ ආයෙමි. ලොවැ කිසෙයින් බලන්නහු මෘත්යුරාජ තෙමේ නො දකී ද?
එවං අභික්කන්තදස්සාවිං යනු: මෙසෙයින් විශිෂ්ට දර්ශන ඇතියහු අග්රදර්ශන ඇතියහු ශ්රේෂ්ඨ දර්ශන ඇතියහු අතිශයින් ශ්රේෂ්ඨ දර්ශන ඇතියහු උත්තමදර්ශන ඇතියහු පරමදර්ශන ඇතියහු නුයි ‘එවං අභික්කන්තදස්සාවිං’ යනු වේ.
අත්ථි පඤ්හෙන ආගමං යනු: පැන පුළුවුස්නෙන අර්ත්ථ ඇතියමෝ ආම්හ ... තෙල බර උසුලනු මැනැවැ’යි මෙසේත් ‘අත්ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
කථං ලෝකං අවෙක්ඛන්තං යනු: කිසෙයින් ලොව බලන්නහු ප්රත්යවේක්ෂා කරන්නහු තුලනය කරන්නහු තීරණය කරන්නහු විභාවන කරන්නහු ප්රකට කරන්නහු නුයි ‘කථං ලෝකං අවෙක්ඛන්තං’ යනු වේ.
මච්චුරාජා න පස්සති යනු: මෘත්යුරාජයා නො දකී ද නො දක්නේ ද නො පැමිණේ ද නො ලබා ද ප්රතිලාභ නො කෙරේ දැ’ යි ‘මච්චුරාජා න පස්සති’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“එවං අභික්කන්තදස්සාවිං -පෙ- මච්චුරාජා න පස්සති” යි.