14. 4.
ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්යාත නන්දිය ‘සංයොගයෙකැ’ යි දැන තෙල මෙසේ මැ විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්යාදි විසින්) විදර්ශනා කෙරෙයි. වැස නිමවූ මාර්ග බ්රහ්මචර්ය්යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්ගඥානය අවිපරීත වේ යයි.
ආකිඤ්චඤ්ඤාසම්භවං - ආකිඤ්චඤ්ඤාසම්භව’ යි ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පවත්නා කර්මාභිසංස්කාරය කියනු ලැබෙයි. ආකිඤ්චඤ්ඤායතන සංවත්තනික වූ කර්මාභිසංස්කාරය ‘ආකිඤ්චඤ්ඤාසම්භව’ යි දැන ‘ලග්නයෙකැ’ යි දැන ‘බන්ධනයෙකැ’යි දැන ‘පළිබොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා’ යනු වේ.
නන්දිසංයොජනං ඉති - ‘නන්දිසංයොජන’යි අරූපරාගය කියනු ලැබෙයි. අරූපරාගයෙන් ඒ කර්මය ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ යැ, අරූපරාගය නන්දිසංයොජනයෙකැ’ යි දැන බන්ධනයෙකැ’ යි දැන පරිරොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. ඉති යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්වතා යැ තෙල ‘ඉති’ යනු.
එවමෙතං අභිඤ්ඤාය - තෙල මෙසේ දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘එවමෙතං අභිඤ්ඤාය’ යනු වේ.
තතො තත්ථ විපස්සතී - ‘තත්ථ’ යනු: ආකිඤ්චඤ්ඤායතනයට සම වැද එයින් නැඟී සිටි එහි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්ය හෙයින් විදර්ශනා කෙරෙයි දුඃඛ හෙයින් විදර්ශනා කෙරෙයි රෝග හෙයින් ... නිස්සරණ හෙයින් විදර්ශනා කෙරෙයි දකියි අවලෝකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘තතො තත්ථ විපස්සතී’ යනු වේ.
එතං ඤාණං තථං තස්ස - ඒ රහත් පුඟුල්හු ගේ තෙල රහත්මඟනුවණ තථ්ය යැ භූත යැ යථාස්වභාව ඇත්තේ යැ අවිපරීත නුයි “එතං ඤාණං තථං තස්ස” යනු වේ.
බ්රාහ්මණස්ස වුසීමතො - ‘බ්රාහ්මණ’ යනු: (සත්කාය දෘෂ්ටි ආදි) සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් බ්රාහ්මණ යැ ... (තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්රය නැති බැවින්) ‘අසිත’ යයි ද (ලොකධර්මයෙන් නිර්විකාර බැවින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම ‘බ්රාහ්මණ’ නම් වෙයි. බ්රාහ්මණස්ස වුසීමතො යනු: පෘථග්ජන කල්යාණයා පටන් සප්ත ශෛක්ෂයෝ නො පැමිණි රහත්බවට පැමිණෙනු පිණිස අවබෝධ නො කළ රහත්බව අවබෝධ කරනු පිණිස පසක් නො කළ රහත්බව පසක් කරනු පිණිස වෙසෙති වැද වෙසෙති වෙසෙසින් වෙසෙති සර්වප්රකාරයෙන් වෙසෙති, රහත්පුඟුල් තෙම වැස නිමවූ බඹසර ඇත්තේ කළ (සිව්මඟ) කිස ඇත්තේ බහා තබන ලද (කෙලෙස්) බර ඇත්තේ පැමිණි උත්තමාර්ත්ථ ඇත්තේ ක්ෂය කළ භවසංයෝජන ඇත්තේ මොනොවට රහත්මඟින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙයි. හෙතෙම වැස නිමවූ බඹසරවස් ඇත්තේ යැ පරිචිත චරණ ධර්ම ඇත්තේ යැ ... ජාතිමරණ සංඛ්යාත පුනර්භවය ඔහුට නැත් නුයි ‘බ්රාහ්මණස්ස වුසීමතො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආකිඤ්චඤ්ඤාසම්භවං -පෙ- බ්රාහ්මණස්ස වුසීමතො” යි.
ගාථා පර්ය්යවසානය හා සමඟ ... බුදුහු මාගේ ශාස්තෘහ, මම් ශ්රාවක යෙමී.
පෝසාල සූත්රනිර්දේශය නිමි.