11. ජතුකණ්ණී මාණව පෘච්ඡා
11-1. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඕඝය ඉක්ම වූ කෙනෙකැ යි අසා නිෂකාම වූ භාග්යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්ෂුස ඇතියාණෙනි ශාන්තිය හා ශාන්තිපදය (නිවන) හා වදාළ මැනැව. භාග්යවතුන් වහන්ස, තෙල කරුණ තථ්ය වූ පරිදි වදාළ මැනැවි.
11-2. යම් හෙයකින් භාග්යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඬලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනව.
11-3. (බුදුහු මෙසේ වදාළහ. ජතුකණ්ණී මාණවකය,) නෛෂ්ක්රම්යය ක්ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.
11-4. අතීතයෙහි යම් සංස්කාරයෙක් වී නම් එය වියළව, අනාගත සංස්කාරයට තට නහමක් කිඤ්චන (පලිබොධ) වේවා, ඉදින් ප්රත්යුත්පන්න සංස්කාරයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො ගන්නෙහි නම් නිවුණෙක් වැ හැසිරෙන්නෙහි.
11-5. බමුණ, සර්වප්රකාරයෙන් නාමරූපයෙහි පහකරන ලද තෘෂ්ණා ඇති ඒ රහත්හට යම් ආස්රව කෙනකුන් කරණ කොට මාරයාගේ වශයට යා නම්, ඒ ආස්රවයෝ නැත්තාහ’යි.
ජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි.
12. භද්රාවුධ මාණව පෘච්ඡා
12-1. (ආයුෂ්මත් භද්රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝදහම්හි නො සැලෙන, අනාගත ප්රාර්ත්ථනා සඞ්ඛ්යාත නන්දිය දුරැලූ චතුරෝඝය තරණය කළා වූ කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටිකල්ප දුරැලූ, ශෝභන ප්රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණ සෑයෙන් නික්ම යෙත්.
12-2. වීරයන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් කැමැති වූ නානා ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස් වූහු යැ. මුඹ වහන්සේ ඔවුනට දහම් දෙසුව මැනැව. යම් හෙයකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.
12-3. (බුදුහු මෙසේ වදාළහ: භද්රාවුධය,) අතීතානාගතවර්තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද, එහෙයින් මැ ස්කන්ධමාර තෙම සත්ත්වයා අනුවැ යෙයි.
12-4. එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්රජාව ‘මෘත්යුධෙයයෙහි ඇලිණැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ යි.
භද්රාවුධ මාණව පෘච්ඡා නිමි.