9. 9.
ඒ ක්ෂීණාස්රව බ්රාහ්මණ තෙම (මෙය මැ) සැබැවැයි කවර වස්තුවක් (හෝ කුමන කරුණෙකින්) කියන්නේ ද, හෙතෙම (තා කියන්නේ) මෘෂා යැයි හෝ කවර මානයකින් (දෘෂ්ටියකින් හෝ පුද්ගලයකු හා සමග) විවාද කරන්නේ ද, යමක්හු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයකින් වාදයෙහි යෙදෙන්නේ ද.
සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය - ‘බ්රාහ්මණො’ යනු: සප්තධර්ම කෙනකුන් බාහිත වන බැවින් බ්රාහ්මණ යැ... (4. 3 නිර්දෙශය) සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව, අන්යය මෝඝ යැ’යි බ්රාහ්මණ තෙමේ කිම කියන්නේ ද? පවසන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද? කිම වහරන්නේ ද? ‘අශාශ්වත යැ ලෝකය... සත්ත්ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්යය මෝඝ යැ’යි බ්රාහ්මණ තෙමේ කිම පවසන්නේ ද? කියන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද කිම වහරන්නේ ද? එයින් ‘සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය’ යනු වේ.
මුසාති වා සො විවදෙථ කෙන - බාහිතපාපී බ්රාහ්මණ තෙම ‘මා කියන්නක් මැ සැබව තාගේ බස මෘෂා යැ’යි කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුඟුලක්හු සමග කලහ කරන්නේ ද, ඩබර විග්රහ - විවාද - අරගල කරන්නේ ද; ‘තෝ මේ ධර්මවිනය නො දන්නෙහි..., ඉදින් පොහෝනෙහි නම් තමා මුදාගනැ’යි ‘මුසාති වා සො විවදෙථ කෙන’ යනු වේ.
යස්මිං සමං විසමං වාපි නත්ථි - ‘යස්මිං’ යනු: යම් අර්හත් ක්ෂීණාස්රව පුද්ගලයක්හු කෙරෙහි ‘මම් සදෘශ වෙමි’ මානයෙක් නැත, මම් ශ්රෙෂ්ඨයෙමී අතිමානයෙක් නැත, ‘මම් හීනයෙමී’ අවමානයෙක් නැත, නො වෙයි විද්යමාන නො වෙයි නො ලැබෙයි, ප්රහීණ යැ සමුච්ඡින්න යැ වෙසෙසින් නසන ලද දුරලන ලද අභව්යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්මිං සමං විසමං වා පි නත්ථි’ යනු වේ.
ස කෙන වාදං පටිසංයුජෙය්ය - හෙතෙම කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුද්ගලයක්හු සමග වාදයෙහි යෙදෙන්නේ ද, හැසිරෙන්නේ ද, කලහ කරන්නේ ද, ඩබර කරන්නේ ද, විග්රහ කරන්නේ ද, විවාද කරන්නේ ද, අරගල කරන්නේ ද: ‘තෙපි මේ ධර්මවිනය නො දන්නවු යැ...ඉදින් සමර්ත්ථයවු නම් තමා මුදාලව’යි ‘ස කෙන වාදං පටිසංයුජෙය්ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සච්චන්ති සො බ්රාහ්මණො -පෙ- වාදං පටිසංයුජෙය්ය” යී.
9. 10.
(රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනිකෙතසාරී වූ ක්ෂීණාසුව මුනි තෙම රූපවස්ත්වාදි විඥානගොචරය - ඕකය හැරපියා ගම්හි ගිහීසන්ථවයන් නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන් වූයේ (මතු අත්බව්හි තෘෂ්ණාවශයෙන්) වට්ටය පෙරටු නො කරනුයේ ජනයා සමග විග්රාහිකකථාව නො කරන්නේ යී.