9. 6.
(මාගන්‍දිය තෙම මෙසේ කීය:) ඉදින් දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියවු නම්, ශ්‍රැතියෙන් - සමාපත්තිඥානයෙන් - ශීලව්‍රතයෙනු දු නො කියවු නම්, යලි දෘෂ්ටියෙන් වෙන් වැ ශ්‍රැතියෙන් වෙන් වැ ඥානයෙන් වෙන් වැ ශීලයෙන් වෙන් වැ ව්‍රතයෙන් වෙන් වැ ශුද්ධිය නො කියවු නම්, ඒ දෘෂ්ට්‍යාදිමාත්‍රයෙනුදු නො කියවු නම්, මම තොපගේ මේ ධර්‍මය අතිශයින් මූඪ වූවක් මැ කොට සිතම්. ඇතැම් මහණ බමුණු කෙනෙක් දෘෂ්ටියෙන් ශුද්ධිය කැමැතිවෙත්.
නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන - දෘෂ්ටියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ තෙපි නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු; ශ්‍රැතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය... දෘෂ්ටිශ්‍රැතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය... ඥානයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු නුයි ‘නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන’ යනු වේ. ඉති මාගන්දියො - ‘ඉති’ යනු: පදසන්ධියැ... මාගන්දියො යනු: ඒ බමුණාගේ නම යැ... ‘ඉති මාගන්දියො’ යනු වේ.
සීලබ්බතෙනාපි න සුද්ධිමාහ - ශීලයෙනු දු ශුද්ධිය... ව්‍රතයෙනු දු ශුද්ධිය... ශීලයෙන් හා ව්‍රතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය ‘නාහ’ නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු නුයි ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ’ යනු වේ.
අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන - දෘෂ්ටියත් කැමැති වියයුතු ය’යි මෙසේ කියවු, ශ්‍රවණයත් කැමැති වියයුතුය’යි මෙසේ කියවු, ඥානයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු, ශීලයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු, ව්‍රතයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු; ඒකාන්තයෙන් අනුඥා කරන්නට නො හැකියවු, ඒකාන්තයෙන් ප්‍රතික්‍ෂේප කරන්නටත් නො හැකියවු නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නො’පි තෙන’ යනු වේ.
මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං - ‘මේ තොපගේ අතිමූඪධර්‍මයෙක බාලධර්‍මයෙක මූඪධර්‍මයෙක අඥානධර්‍මයෙක අමරාවික්‍ෂෙපධර්‍මයෙකැ’යි මෙසේ හඟිමි, මෙසේ දනිමි, මෙසේ හාත්පසින් දනිමි, මෙසේ වෙසෙසින් දනිමි, මෙසේ අවබෝධ කෙරෙමි, මෙසේ ප්‍රතිවේධ කෙරෙම් නුයි ‘මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං’ යනු වේ.
දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං - දෘෂ්ටියෙන් ඇතැම් මහණ බමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිති: ‘ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව, අන්‍යය මොඝයැ’යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණෝ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිති; ‘ලෝකය අශාශ්වත යැ,... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, සෙස්ස මොඝයැ’යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණෝ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිත් නුයි ‘දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“නො චෙ කිර දිට්ඨියා -පෙ- දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං” යී.