9. 12.
සිවුමඟ නුවණට පැමිණි (මා වැනියෙක්) දෘෂ්ටියට (හෝ දෘෂ්ටියෙන්) යන්නෙ නො වෙයි. හෙතෙම (මුතරූපාදි භේද වූ) මුතියෙනු දු මානයට නො පැමිණෙ යි. හේ (තෘෂ්ණා - දෘෂ්ටි විසින්) නො මැ තමමය වෙයි. කර්මයෙන් හෝ ශ්රැතයෙන් හෝ නො ද පැමිණැවියැ යුත්තේ, වෙයි. හේ තෘෂ්ණාදෘෂ්ටිනිවෙසනයන්හි අනූපනීත වේ.
න වේදගු දිට්ඨියා න මුතියා ස මානමෙති - ‘න’ යනු: ප්රතික්ෂේප යැ. වේදගු ‘වෙද’යි සතර මඟ නුවණ කියනු ලැබෙයි, ප්රඥාව ප්රඥෙන්ද්රියය ප්රඥාබලන ධර්මවිචයසම්බෝධ්යඞ්ගය වීමාංශාව විදර්ශනාව සම්යග්දෘෂ්ටිය යි. ඒ මාර්ගඥානවෙදයන්ගෙන ජාතිජරාමරණයාගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්ය්යන්තයට ගියේ පර්ය්යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්රාණයට ගියේ ත්රාණයට පැමිණියේ ලෙනයට ගියේ ලෙනයට පැමිණියේ ශරණයට ගියේ ශරණයට පැමිණියේ අභයට ගියේ අභයට පැමිණියේ අච්යුතයට ගියේ අච්යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙදයන්ගේ අන්තයට ගියේ නුයි - ‘වේදගු’යැ, වෙදයන්ගෙන් අන්තයට ගියේ නුයි හෝ - ‘වේදගු’ යැ. සප්තධර්මයන් විදිත හෙයින් ‘වේදගු’ යැ: සත්කායදෘෂ්ටිය දන්නා ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්රතපරාමර්ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. කෙලෙසට කරුණු වූ පුනර්භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති අනාගතයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්මයෝ ඔහු විසින් විදිත වූවාහු වෙත්.
1. (“සභිය, යී බුදුහු මෙසේ වදාළහ:) මාර්ගඥානවේදයට පැමිණි ඒ ක්ෂීණාස්රව තෙම මේ ලෝකයෙහි මහණබමුණන්ගේ ශාස්ත්ර සඞ්ඛ්යාත යම් වෙද කෙනෙක් ඇත් ද ඒ සියල්ල (අනිත්යාදි වශයෙන්) විමසා (එහි ඡන්දරාගප්රහාණයෙන්) සියලු ශාස්ත්රවෙදය ඉක්මැ සියලු වේදනාවන්හි වීතරාග වේ.”
න දිට්ඨියා - ඔහු විසින් දෙසැට දිටුහු පහන ලද්දාහු සිඳුණා ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු වෙති; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි; නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරනු ලැබේ. ඒ දෘෂ්ටියට නො ද සාර හෙයින් පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘න වේදගු දිට්ඨියා’ යනු වේ.
න මුනියා ස මානමෙති - මුත (-ගන්ධ රස ස්ප්රෂ්ටව්ය) රූපයෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජන සම්මුතියෙන් හෝ මානයට නො එයි නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො ඇලෙයි, නො පිවිසේ නුයි ‘න වේදගු න දිට්ඨියා න මුනියා ස මානමෙති’ යනු වේ.
න හි තම්මයො සො - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් තන්මය නො වෙයි, තත්පරායණ නො වේ. යම් තැනක සිට තෘෂ්ණාව ත් දෘෂ්ටිය ත් මානය ත් ඔහු විසින් ප්රහීණ කරන ලද්දාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් එය ප්රකෘති කොට ඇත්තේ නො වෙයි, තත්පරම නො වෙයි, තත්පරායණ නො වේ නුයි ‘න හි තම්මයො සො’ යනු වේ.
න කම්මුනා නො ‘පි සුතෙන නෙය්යො - ‘න කම්මුනා’ යනු: පුණ්යාභිසංස්කාරයෙන් හෝ අපුණ්යාභිසංස්කාරයෙන් හෝ ආනෙඤ්ජාභිසංස්කාරයෙන් හෝ නො යවනු ලැබෙයි, නො ගෙනයනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා’ යනු වේ. නො ‘පි සුතෙන නෙය්යො - ශ්රැතශුද්ධියෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජනසම්මුතියෙන් හෝ නො යවනු ලැබෙයි... නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා නො ‘පි සුතෙන නෙය්යො’ යනු වේ.
අනූපතීතො ස නිවෙසනෙසු - ‘උපය’ යනු: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙක් වෙති... ඔහු විසින් තෘෂ්ණාඋපය ප්රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද; තෘෂ්ණොපය ප්රහීණ වන බැවින් දෘෂ්ට්යුපය දුරලන ලද බැවින් හේ (අපායාදි) නිවේසනයන්හි නො පමුණුවන ලද්දේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො ඇතුළු වූයේ නික්මැගියේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො බැඳුණේ කෙලෙසුන් හා නො යෙදුණු සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනූපනීතො ස නිවෙසනෙසු යනු වේ.
එයින් වදාළහ:
“න වේදගු -පෙ- ස නිවෙසනෙසු” යී.
9. 13.
ප්රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්යාකායාදි) ග්රන්ථයෝ නො වෙති. විදර්ශනාප්රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාව ත් දෙසැට දෘෂ්ටිය ත් දැඩි වැ ගත්තාහු නම්, ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත්.
සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා - යමෙක් ශමථපූර්වඞ්ගම ආර්ය්ය මාර්ගය වඩා ද ආදියෙහි පටන් ඔහුගේ අභිධ්යාකායාදි ග්රන්ථයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ ග්රන්ථයෝ ද මෝහයෝ ද නීවරණයෝ ද කාමසංඥා ව්යාපාදසංඥා විහිංසාසංඥා දෘෂ්ටිසංඥා ද ප්රහීණ වූවාහු වෙති, උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි ‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා’ යනු වේ.
පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා - යමෙක් විදර්ශනා පූර්වඞ්ගම වූ ආර්ය්යමාර්ගය වඩා ද, ඔහුගේ ආදියෙහි පටන් මෝහයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ මෝහයෝ ද ග්රන්ථයෝ ද නීවරණයෝ ද කාම - ව්යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥා ද ප්රහීණ වූවාහු වෙති සිඳින ලද මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනාභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි - ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා’ යනු වේ.