8. 8.
යම්සේ රාජභෝජනයෙන් වැඩුණු ශූරයෙක් ප්රතිමල්ලයා පතනුයේ ගර්ජනා කෙරෙමින් ඒ ද, ශූරය, ඒ (තාගේ) ප්රතිශූර තෙමේ යම් තැනෙක්හි ද (තෝ) එහි මැ පලායව. කලහ සඳහා යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු පළමු මැ (බෝමුල්හි දී නැසූ හෙයින් මට) නැත.
සූරො යථා රාජඛාදාය ඵුට්ඨො - ‘සූරො’ යනු සුරු වූයේ විරු වූයේ විකුම් ඇතියේ බියසුලු නො වූයේ නො තැතිගන්නේ උත්රාස රහිත වූයේ නො පැනයන සුලු වූයේ; රාජඛාදාය ඵුට්ඨො - රාජඛාද්යයෙන් රාජභොජ්යයෙන් පුෂ්ට පොෂණය කළ පාලනය කළ වඩන ලදුයේ නුයි ‘සූරො යථා රාජඛාදාය ඵුට්ඨො’ යනු වේ.
අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං - හෙතෙම ගර්ජන කෙරෙමින් උත්කට ගර්ජන කෙරෙමින් සිංහනාද කෙරෙමින් එයි පැමිණෙයි එළැඹෙයි, ප්රතිශූරයකු විරුද්ධ පුරුෂයකු විරුද්ධ ව සිටි සතුරකු ප්රතිමල්ලයකු ඉස්නේ ඉවසනුයේ පතනුයේ කැමැතිවනුයේ අභිගර්ජන කරනුයේ නුයි ‘අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං’ යනු වේ.
යෙනෙව සො තෙන පලෙහි සූර - ඒ දෘෂ්ටිගතික තෙමේ යම් තැනෙක්හි මැ වේ ද, එහි පලායව, එහි වදුව, එහි යව, එහි නික්මෙව, හේ තට ප්රතිශූර යැ ප්රතිපුරුෂ යැ ප්රතිශත්රැ යැ ප්රතිමල්ල වූයේ නුයි ‘යෙනෙව සො තෙන පලෙහි සූර’ යනු වේ.
පුබ්බේව නත්ථි යදිදං යුධාය - පෙර මැ බෝමුල්හි දී ප්රතිපක්ෂකර වූ හානිකර වූ ප්රතිකණ්ටකර වූ ප්රතිවිරුද්ධකර වූ යම් ක්ලේශ කෙනෙක් වෙත් ද ඔවුහු නැත නො වෙති විද්යමාන නො වෙති නො ලැබෙත්; ප්රහීණ වූවාහු මුලුසුන් වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දැවුණාහුය; යදිදං යුධාය - යුද්ධ සඳහා කලහ සඳහා ඩබර සඳහා විග්රහ සඳහා විවාද සඳහා මෙධග සඳහා නුයි ‘පුබ්බේව නත්ථි යදිදං යුධාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සූරො යථා -පෙ- යදිදං යුධාය” යී.
8. 9.
යම් කෙනෙක් (දෙසැට දිටු අතුරෙන්) එක්තරා දෘෂ්ටියක් දැඩිව ගෙන විවාද කෙරෙත් ද, යළි මෙය මැ සැබවැයි කියත් ද, තෝ ඔවුනට කිය, වාදයක් උපන් කල්හි විරුද්ධකාරක වූ ඔහු මේ සස්නෙහි නැති හෙයිනි.
යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති - යම් කෙනෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ගෙන ග්රහණය කොට දැඩිව ගෙන පරාමර්ෂණය කොට අභිනිවේශය කොට විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, මෙධග කෙරෙති: ‘තෝ මේ ධර්මවිනය නො දන්නෙහි ය, මම් මේ ධර්මවිනය දනිමි, කිමැ තෝ මේ ධර්මවිනය දනී ද? තෝ වරදවා පිළිපන්නෙහි ය, මම් සම්යක්ප්රතිපන්නයෙමි, මාගේ වචනය අර්ත්ථසහිත ය, තාගේ වචනය අනර්ත්ථසංහිතය, පළමු කියැයුත්ත පසුව කිවුය, පසුව කියැයුත්ත පළමු කිවුය. තා විසින් ආචීර්ණ වූ දෙය (මාගේ වාදයට පැමිණ) නැවැතිණ, තට (මා විසින්) දෝෂාරෝපණය කරන ලද. නිග්රහ කරන ලදුයෙහි දොසින් මිදෙනු සඳහා පිළිතුරු සොයා යව. පොහොසත්හි නම් (මා නැගූ දොසින්) මිදෙව’යි ‘යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති’ යනු වේ.