8. 6.
තවද (යමෙක්) ඒ ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ හෝ වේ ද, හෙතෙම පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය ප්රකාශ කොට ඒ ජයාර්ත්ථයට පැමිණ සිත් සේ වූ හෙයින් ඒ ජයහෙතුයෙන් (දත් විදහා) සිනා සෙයි. යළි උඩඟු වේ.
පසංසිතො වා පන තත්ථ හොති - ‘තත්ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ ස්තුති කරන ලදුයේ කීර්තතනය කරන ලදුයේ වර්ණනා කරන ලදුයේ වේ නුයි ‘පසංසිතො වා පන තත්ථ හොති’ යනු වේ.
අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ - කැත්පිරිස් හෝ බමුණුපිරිස් හෝ ගැහැවිපිරිස් හෝ මහණපිරිස් හෝ මැද තමාගේ වාදය කියා ප්රකාශ කොට අනුවාදය කියා ප්රකාශ කොට පුරා වඩා දක්වා බබුළුවා ව්යවහාර කොට පරිග්රහණය කොට නුයි ‘අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
සො තං හසති උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්ථයෙන් තුටු වූයේ හටු වූයේ පහටු වූයේ සතුටුසිත් ඇතියේ පිරිපුන් අදහස් ඇතියේ නොහොත් දත් විදහා සෙමින් හේ සිනා සෙයි. උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්ථයෙන් උඩඟු වෙයි, නැගුණේ ධ්වජයක් මෙන් වූයේ ඔසවාගත් සිතැතියේ චිත්තයාගේ කෙතුකම්යතාව නුයි ‘සො තං හසති උන්නමතිච්ච තෙන’ යනු වේ.
පපපුය්ය තමත්ථං යථාමනො අහු - ඒ ජයාර්ත්ථයට පැමිණ සපැමිණ අධිගමය කොට ලැබ ප්රතිලාභ කොට; යථාමනො අහු - සිත් සේ විය, යථාචිත්ත විය, යථාසංකල්ප විය යථාවිඥාන වූයේ නුයි ‘පපපුය්ය තමත්ථං යථාමනො අහු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පසංසිතො වා පන -පෙ- පපපුය්ය තමත්ථං යථාමනො අහු” යී.
8. 7.
යම් උන්නතිය (-උඩඟුබව) ක් වේ ද එය ඔහුට උපද්රව භූමි වෙයි. යළි හෙතෙම මානය ද අතිමානය ද පවසයි. තෙල ආදීනවය ද දැක විවාද නො කරන්නේ යැ. ස්කන්ධාදියෙහි නිපුණයෝ ඒ දෘෂ්ටිවාදයෙන් ශුද්ධිය නො මැ කියත්.
යා උන්නති සාස්ස විඝාතභූමී - ‘යා’ යනු: යම් බඳු උන්නාමය ධ්වජය නඟා ගැනීම චිත්තයාගේ කෙතුකම්යතාව නුයි - යා උන්නති, යනු වේ. සාස්ස විඝාතභූමී - ඒ (උඬගුව) ඔහුට විඝාතභූමි යැ උපඝාතභූමි යැ පෙළෙන බිම යැ ගැටෙන බිම යැ උපද්රවභූමි යැ උපස්සර්ගභූමි නුයි ‘යා උන්නති සාස්ස විඝාතභූමී’ යනු වේ.
මානාතිමානං වදතෙ පනෙසො - ඒ පුද්ගල තෙම මානය ද පවසයි අතිමානය ද පවසා නුයි ‘මානාතිමානං වදතෙ පනෙසො’ යනු වේ.
එතම්පි දිස්වා න විවාදියෙථ - දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩන - දෘෂ්ටිවිග්රහ - දෘෂ්ටිවිවාද - දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විමසා විභූත කොට නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදියෙථ - කලහ නො කරන්නේ යැ, ඩබරය - විග්රහය - විවාදය මෙධගය නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්රහවිවාදමෙධගය හරණේ යැ දුරු කරන්නේ යැ සන්හිඳුවන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්රහවිවාදමෙධගයෙන් දුරුවන්නේ යැ වෙන් වූයේ හාත්පසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ නො යෙදුණේ නො බැඳුණේ නො හිම් කළ සිතින් වෙසේ නුයි ‘එතම්පි දිස්වා න විවාදියෙථ’ යනු වේ.
න හි තෙන සුද්ධිං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් ස්කන්ධයන්හි නිපුණයෝ වෙත් ද, ධාතු - ආයතන - ප්රතීත්යසමුත්පාද සතිපට්ඨාන - සම්යක්ප්රධාන - ඍද්ධිපාද - ඉන්ද්රිය - බල - බෝධ්යඞ්ග - මාර්ග - ඵල - නිර්වාණයෙහි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටිකලහයෙන් දෘෂ්ටිභණ්ඩනයෙන් දෘෂ්ටිවිග්රහයෙන් දෘෂ්ටිවිවාදයෙන් දෘෂ්ටිමෙධගයෙන් ශුද්ධිය විශුද්ධිය - පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො පවසති නො කියති නො බෙණෙති නො දක්වති ව්යවහාර නො කෙරෙත්නුයි ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යා උන්නති -පෙ- න හි තෙන සුද්ධිං කුසලා වදන්ති” යී.
8. 8.
යම්සේ රාජභෝජනයෙන් වැඩුණු ශූරයෙක් ප්රතිමල්ලයා පතනුයේ ගර්ජනා කෙරෙමින් ඒ ද, ශූරය, ඒ (තාගේ) ප්රතිශූර තෙමේ යම් තැනෙක්හි ද (තෝ) එහි මැ පලායව. කලහ සඳහා යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු පළමු මැ (බෝමුල්හි දී නැසූ හෙයින් මට) නැත.