8. 5.
තෙල දෘෂ්ටිවිවාදයෝ බාහ්ය පරිව්රාජකයන් කෙරෙහි උපන්නාහුය. තෙල වාදවිෂයෙහි (ජය-පරාජයාදි වශයෙන්) අනුග්රහ නිග්රහ ද වෙයි. මේ ආදීනවය ද දැක කලහය දුරු කරන්නේය. ප්රශංසා ලාභයෙන් අන්ය වූ අර්ත්ථයෙක් මෙහි නැති හෙයිනි.
එතෙ විවාදා සමණෙසු ජාතා - ‘සමණ’ යනු මේ ශාසනයෙන් බැහැර පිරිවැජි බවට එළැඹි, පිරිවැජි බවට පැමිණි යම් කිසි කෙනෙකි. තෙල දෘෂ්ටිකලහයෝ දෘෂ්ටිභණ්ඩනයෝ දෘෂ්ටිවිග්රහයෝ දෘෂ්ටිවිවාදයෝ දෘෂ්ටිමෙධගයෝ පරිව්රාජකශ්රමණයන් කෙරෙහි උපන්නාහු මොනවට උපන්නාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු පහළ වූවාහු නුයි ‘එතෙ විවාදා සමණෙසු ජාතා’ යනු වේ.
එතෙසු උග්ඝාති නිඝාති හොති - ජය පරාජය වෙයි, ලාභඅලාභ-යශස් අයශස් - නින්දා ප්රශංසා - සුඛ දුඃඛ - සොම්නස් දොම්නස් - ඉෂ්ට අනිෂ්ට - ස්නෙහ කෝප - අනුග්රහ නිග්රහ - අනුනය කෝප වෙයි. ජය හේතු කොට සිත අනුගෘහීත වෙයි, පරාජය හේතු කොට සිත නිගෘහීත වෙයි. ලාභයෙන් සිත අනුගෘහීත වෙයි. අලාභයෙන් නිගෘහීත වෙයි. යශසින් සිත අනුගෘහීත වෙයි. අයශසින් නිගෘහීත වෙයි. ප්රශංසාවෙන් සිත අනුගෘහීත වෙයි. නින්දාවෙන් නිගෘහීත වෙයි. සැපයෙන් සිත අනුගෘහීත වෙයි, දුකින් නිගෘහීත වෙයි. සොම්නසින් සිත අනුගෘහීත වෙයි. දොම්නසින් නිගෘහීත වෙයි. උන්නතියෙන් සිත අනුගෘහීත වෙයි, අවනතියෙන් සිත නිගෘහීත වේ නුයි ‘එතෙසු උග්ඝාති නිඝාති හොති’ යනු වේ.
එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං - ‘එතම්පි’ යනු: දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි- ‘එතම්පි දිස්වා’ යනු වේ. විරමෙ කථොජ්ජං- ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං යනු: තෙද රහිත වූ මේ කථාව යැ. ඒ නිස්තෙජ වූ කථාව නො කරන්නේ යැ කලහය නො කරන්නේ යැ ඩබරය නො කරන්නේ යැ විග්රහය නො කරන්නේ යැ විවාදය නො කරන්නේ යැ මෙධගය නො කරන්නේ යැ කලහභණ්ඩනවිග්රහවිවාදමෙධගය දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්රහවිවාදමෙධගයෙන් දුරු වන්නේ යැ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ විප්රයුක්ත වූයේ විසංයුක්ත වූයේ විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං’ යනු වේ.
න හඤ්ඤදත්ථ’ත්ථි පසංසලාභා - ප්රශංසාලාභයෙන් අන්ය වූ අර්ත්ථයෙක් නැති: ආත්මාර්ත්ථයෙක් හෝ පරාර්ත්ථයෙක් හෝ උභයාර්ත්ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ත්ථයෙක් හෝ සාම්පරායිකාර්ත්ථයෙක් හෝ නො ගැඹුරු අර්ත්ථයෙක් හෝ ගැඹුරු අර්ත්ථයෙක් හෝ සැඟැවුණු අර්ත්ථයෙක් හෝ අප්රකට අර්ත්ථයෙක් හෝ නෙය්යාර්ත්ථයෙක් හෝ නීතාර්ත්ථයෙක් හෝ අනවද්යාර්ත්ථයෙක් හෝ නික්ලෙශාර්ත්ථයෙක් හෝ පරිශුද්ධාර්ත්ථයෙක් හෝ පරමාර්ත්ථයෙක් හෝ නැති, නො වෙති, විද්යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න හඤ්ඤදත්ථ’ත්ථි පසංසලාභා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතෙ විවාදා -පෙ- න හඤ්ඤදත්ථ’ත්ථි පසංසලාභා” යී.
8. 6.
තවද (යමෙක්) ඒ ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ හෝ වේ ද, හෙතෙම පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය ප්රකාශ කොට ඒ ජයාර්ත්ථයට පැමිණ සිත් සේ වූ හෙයින් ඒ ජයහෙතුයෙන් (දත් විදහා) සිනා සෙයි. යළි උඩඟු වේ.
පසංසිතො වා පන තත්ථ හොති - ‘තත්ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ ස්තුති කරන ලදුයේ කීර්තතනය කරන ලදුයේ වර්ණනා කරන ලදුයේ වේ නුයි ‘පසංසිතො වා පන තත්ථ හොති’ යනු වේ.
අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ - කැත්පිරිස් හෝ බමුණුපිරිස් හෝ ගැහැවිපිරිස් හෝ මහණපිරිස් හෝ මැද තමාගේ වාදය කියා ප්රකාශ කොට අනුවාදය කියා ප්රකාශ කොට පුරා වඩා දක්වා බබුළුවා ව්යවහාර කොට පරිග්රහණය කොට නුයි ‘අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
සො තං හසති උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්ථයෙන් තුටු වූයේ හටු වූයේ පහටු වූයේ සතුටුසිත් ඇතියේ පිරිපුන් අදහස් ඇතියේ නොහොත් දත් විදහා සෙමින් හේ සිනා සෙයි. උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්ථයෙන් උඩඟු වෙයි, නැගුණේ ධ්වජයක් මෙන් වූයේ ඔසවාගත් සිතැතියේ චිත්තයාගේ කෙතුකම්යතාව නුයි ‘සො තං හසති උන්නමතිච්ච තෙන’ යනු වේ.
පපපුය්ය තමත්ථං යථාමනො අහු - ඒ ජයාර්ත්ථයට පැමිණ සපැමිණ අධිගමය කොට ලැබ ප්රතිලාභ කොට; යථාමනො අහු - සිත් සේ විය, යථාචිත්ත විය, යථාසංකල්ප විය යථාවිඥාන වූයේ නුයි ‘පපපුය්ය තමත්ථං යථාමනො අහු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පසංසිතො වා පන -පෙ- පපපුය්ය තමත්ථං යථාමනො අහු” යී.