8. 4.
යම් හෙයකින් ඔහුගේ වාදය ප්‍රශ්නවීමංසකයෝ හීන වූයේ බැහැර කරන ලදැයි කියත් ද, (එහෙයින්) පිරිහුණු වාද ඇති හෙතෙම ‘වාදයෙන් මා ඉක්මැ ගියේ යැ’යි වැලැපෙයි ශෝක කෙරෙයි තතනන්නේ යි.
යමස්ස වාදං පරිහීනමාහු - යම් හෙයකින් ඔහුගේ වාදය හීන යැ නිහීන යැ පරිහීන යැ පිරිහෙළන ලද නො පුරන ලදැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති, මෙසේ දක්වති මෙසේ වහරත් නුයි ‘යමස්ස වාදං පරිහීනමාහු’ යනු වේ.
අපාසදං පඤහවීමංසකා සෙ - පිරිස් වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්නවීමංසකයෝ වෙත් ද, ඔවුහු බැහැර කෙරෙති: ‘අර්ත්‍ථ රහිත ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘බ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි බ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්ත්‍ථව්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි අර්ත්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ත්‍ථය තා විසින් වරදවා එළවන ලද, බ්‍යඤ්ජනය තා විසින් වරදවා තබන ලද, අර්ත්‍ථව්‍යඤ්ජනය තා විසින් වරදවා කියන ලද තබන ලද, නිග්‍රහය තා විසින් නො කරන ලද, ප්‍රතිකර්‍මය තා විසින් වරදවා කරන ලද, විශේෂය තා විසින් නො කරන ලද, ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද, වෙළුම තා විසින් නො කරන ලද, වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද, වාදච්ඡෙදය තා විසින් නො කරන ලද, වාදමණ්ඩලය තා විසින් වරදවා කරන ලද, විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූප කොට කියන ලදැ’යි බැහැර කෙරෙත් නුයි ‘අපාසදං පඤ්මවීමංසකා සෙ’ යනු වේ.
පරිදෙවති සොචති හීනවාදො - ‘පරිදෙවති’ යනු: ‘අන් කරුණක් මා විසින් (සිතට) නතු කරන ලද, අනෙකක් සිතන ලද, අනෙකක් විමසන ලද, අනෙකක් හික්මෙන ලද, අනෙකක් සලකන ලද. හේ මහාපක්‍ෂ ඇතියේ යැ, මහපිරිස් ඇතියේ යැ, මහපිරිවර ඇතියේ යැ. මෝ පිරිස වර්‍ග වූ යැ. සමගි නො වේ. සමගි පිරිස හේතු කොට කථාසංලාපය වෙයි. නැවත බිඳින්නෙමී’ මෙබඳු වූ යම් වචනය ප්‍රලාපය විප්‍රලාපය පුන පුනා ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘පරිදෙවති’ යනු වේ. ‘සොචති’ - ‘ඔහුට ජය යැ’යි ශෝක කෙරෙයි, ‘මට පරාජය යැ’යි ශෝක කෙරෙයි, ‘ඔහුට ලාභ යැ’යි සොවී, ‘මට අලාභ යැ’යි සොවී, ‘ඔහුට කීර්‍තතිය යැ’යි සොවී, ‘මට අපකීර්‍තතිය යැ’යි සොවී, ‘ඔහුට ප්‍රශංසාව යැ’යි සොවී, ‘මට නින්‍දාව යැ’යි සොවී, ‘ඔහුට සැප යැ’යි සොවී, ‘මට දුකැ’යි සොවී. ‘හෙතෙම සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද සලකන ලද චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබන සුලු යැ, මම් අසත්කෘතයෙමි අගරුකෘතයෙමි අමානිතයෙමි අපූජිතයෙමි අනපචිතයෙමි චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර නො ලැබෙමී’ ශෝක කෙරෙයි, වෙහෙසෙයි වැලැපෙයි ළෙහි පැහැර හඬයි මුළාවට පැමිණේ නුයි ‘පරිදෙවති සොචති’ යනු වේ. හීනවාදො - හීනවාද ඇතියේ නිහීනව ද ඇතියේ පරිහීණවාද ඇතියේ පිරිහෙළු වාද ඇතියේ නො පිරුණු වාද ඇතියේ නුයි ‘පරිදෙවති සොචති හීනවාදො’ යනු වේ.
උපච්චගා මන්ති අනුත්‍ථුතාති - ‘හෙතෙම මා වාදයෙන් වාදය ඉක්මැ ගියේ යැ අතිශයින් ඉක්මැ ගියේයැ ඉක්මැවූයේ යැ අතිශයින් ඉක්මැවූයේ යැ පසු කෙළේ යැ’යි මෙසේත් ‘උපච්චගා මං’යී; නොහොත් ‘මා වාදයෙන් වාදය යට කොට වතුරුවා අල්වාගෙන මැඩැගෙන හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි පාලන යපන යාපනය කෙරේ නුයි මෙසේත් ‘උපච්චගා මං’ යී. අනුත්‍ථුතාති - බෙණෙයි, (මෙබඳු වූ) වචනය ප්‍රලාපය විප්‍රලාපය ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘උපච්චගා මන්ති අනුත්‍ථුතාති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යමස්ස වාදං -පෙ- උපච්චගා මන්ති අනුත්‍ථුතාති” යි.
8. 5.
තෙල දෘෂ්ටිවිවාදයෝ බාහ්‍ය පරිව්‍රාජකයන් කෙරෙහි උපන්නාහුය. තෙල වාදවිෂයෙහි (ජය-පරාජයාදි වශයෙන්) අනුග්‍රහ නිග්‍රහ ද වෙයි. මේ ආදීනවය ද දැක කලහය දුරු කරන්නේය. ප්‍රශංසා ලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් මෙහි නැති හෙයිනි.
එතෙ විවාදා සමණෙසු ජාතා - ‘සමණ’ යනු මේ ශාසනයෙන් බැහැර පිරිවැජි බවට එළැඹි, පිරිවැජි බවට පැමිණි යම් කිසි කෙනෙකි. තෙල දෘෂ්ටිකලහයෝ දෘෂ්ටිභණ්ඩනයෝ දෘෂ්ටිවිග්‍රහයෝ දෘෂ්ටිවිවාදයෝ දෘෂ්ටිමෙධගයෝ පරිව්‍රාජකශ්‍රමණයන් කෙරෙහි උපන්නාහු මොනවට උපන්නාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු පහළ වූවාහු නුයි ‘එතෙ විවාදා සමණෙසු ජාතා’ යනු වේ.
එතෙසු උග්ඝාති නිඝාති හොති - ජය පරාජය වෙයි, ලාභඅලාභ-යශස් අයශස් - නින්‍දා ප්‍රශංසා - සුඛ දුඃඛ - සොම්නස් දොම්නස් - ඉෂ්ට අනිෂ්ට - ස්නෙහ කෝප - අනුග්‍රහ නිග්‍රහ - අනුනය කෝප වෙයි. ජය හේතු කොට සිත අනුගෘහීත වෙයි, පරාජය හේතු කොට සිත නිගෘහීත වෙයි. ලාභයෙන් සිත අනුගෘහීත වෙයි. අලාභයෙන් නිගෘහීත වෙයි. යශසින් සිත අනුගෘහීත වෙයි. අයශසින් නිගෘහීත වෙයි. ප්‍රශංසාවෙන් සිත අනුගෘහීත වෙයි. නින්‍දාවෙන් නිගෘහීත වෙයි. සැපයෙන් සිත අනුගෘහීත වෙයි, දුකින් නිගෘහීත වෙයි. සොම්නසින් සිත අනුගෘහීත වෙයි. දොම්නසින් නිගෘහීත වෙයි. උන්නතියෙන් සිත අනුගෘහීත වෙයි, අවනතියෙන් සිත නිගෘහීත වේ නුයි ‘එතෙසු උග්ඝාති නිඝාති හොති’ යනු වේ.
එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං - ‘එතම්පි’ යනු: දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්‍රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි- ‘එතම්පි දිස්වා’ යනු වේ. විරමෙ කථොජ්ජං- ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්‍රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං යනු: තෙද රහිත වූ මේ කථාව යැ. ඒ නිස්තෙජ වූ කථාව නො කරන්නේ යැ කලහය නො කරන්නේ යැ ඩබරය නො කරන්නේ යැ විග්‍රහය නො කරන්නේ යැ විවාදය නො කරන්නේ යැ මෙධගය නො කරන්නේ යැ කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගය දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරු වන්නේ යැ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ විප්‍රයුක්ත වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං’ යනු වේ.