8. 11.
තවද තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට ජය වේ දෝ හෝයි ආදිය) විතර්ක කෙරෙමින් ආයෙහි. ධුතක්ලෙශ වූ බුදුන් සමග යුගග්රාහයට ආයෙහි. එතෙකුදුවත් තෝ සමීපයට පැමිණෙන්නට නො හැකි වන්නෙහි.
අථ ත්වං පවිතක්කමාගමො - ‘අථ’ යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්වතා නමැ තෙල ‘අථ’ යනු. පවිතක්කමාගමො - තර්ක කෙරෙමින් සලකමින් ‘මට ජය වන්නේ දෝ හෝ මට පරාජය වන්නේ දෝ හෝ කෙසේ නිග්රහ කෙරෙම් ද, කෙසේ පිළියම් (-ලබ්ධිශුද්ධිය) කෙරෙම් ද, කෙසේ විශේෂ කෙරෙම් ද, කෙසේ ප්රතිවිශෙෂ කෙරෙම් ද, කෙසේ ආවෙෂ්ටන කෙරෙම් ද, කෙසේ නිර්වෙෂ්ටන කෙරෙම් ද, කෙසේ වාදච්ඡෙද කෙරෙම් ද, කෙසේ වාදමණ්ඩල කෙරෙම් දැ’යි මෙසේ තර්කණ විතර්කණ සංකල්පන කෙරෙමින් ආයෙහි පැමිණියෙහි සපැමිණියෙහි මා සමග එක්වූයෙහි නුයි ‘අථ ත්වං පවිතක්කමාගමො’ යනු වේ.
මනසා දිට්ඨිගතානි චින්තයන්තො - ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩර (-භවාඞ්ග) සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්රියයෙක් විඥානයෙක් විඥානස්න්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, ඒ සිතින් ‘ලෝකය ශාශ්වතැ’යි, හෝ ලෝකය අශාශ්වතැ’යි හෝ ... සත්ත්ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි හෝ’යි දෘෂ්ටිය සිතනුයේ වෙසෙසින් සිතනුයේ නුයි ‘මනසා දිට්ඨිගතානි චින්තයන්තො’ යනු වේ.
ධොනෙන යුගං සමාගමො නහි ත්වං සක්ඛසි සම්පයාතවෙ - ‘ධොනා’ යී ප්රඥාව කියනු ලැබෙයි, යම් ප්රඥාවක් දැනීමෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ප්රඥාව ‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්රඥාවෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද ද දොවුණා ලද ද මැනවින් දොවුණා ලද ද වෙසෙසින් දොවුණා ලද ද වෙයි, වාග්දුශ්චරිතය... සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත ද වෙත්; නොහොත් සම්යග්දෘෂ්ටියෙන් මිත්ථ්යාදෘෂ්ටිය, සම්යක් සංකල්පයෙන් මිත්ථ්යාසංකල්පය... සම්යග්විමුක්තියෙන් මිත්ථ්යාවිමුක්තිය ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙයි, නොහොත් අර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙත්. බුදුහු මේ ධෞනෙයධර්මයන්ගෙන් උපෙතයහ සමුපෙතයහ සමුපාගතයහ අවියුක්තයහ පරිපූර්ණයහ සමන්විතයහ, එහෙයින් බුදුහු ධොනයෝ යැ; ඒ භාග්යවත්හු ධුතරාගයහ ධුතපාපයහ ධුතක්ලෙශයහ ධුතපරිදාහයෝ නුයි ‘ධොන’ නම් වෙත්.