16. 9.
(ශාරීපුත්රය යී බුදුහු මෙසේ වදාළහ) ජාත්යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්තාසනය ශයනය සෙවුණා වූ (සතර මාර්ගඥාන සඞ්ඛ්යාත) සම්බෝධිය කැමැත්තා වූ මහණ හට යම් ඒ ඵාසුවිහරණයෙක් වේ ද, යම් අනුධර්මයකුත් වේ ද, එය තොපට (ප්රත්යක්ෂ කොට) දතුවකු සෙයින් ප්රකාශ කරන්නෙමි.
විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු - ‘විජිගුච්ඡමානස්ස’ යනු: ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් … දෘෂ්ටිව්යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක් වන්නහුට ලජ්ජා වන්නහුට නුයි ‘විජිගුච්ඡමානස්ස’ යනුවේ. යදිදං ඵාසු යනු: යම් ඵාසුවිහරණයෙක් වේ නම්, එය කියන්නෙමි. ඵාසුවිහරණය කවරැ යත්: සම්යක්ප්රතිපත්ති යැ අනුලොමප්රතිපත්ති යැ අවිරුද්ධප්රතිපත්ති යැ අන්වර්තථප්රතිපත්ති යැ ධර්මානුධර්මප්රතිපත්ති යැ ප්රාතිමෝක්ෂශීලයෙහි පරිපූර්ණකාරී බව යැ ඉන්ද්රියයන්හි පියූ දොර ඇති බව යැ භෝජනයෙහි පමණ දන්නා බව යැ නිදි දුරු කිරීමෙහි යෙදීම යැ ස්මෘතිසම්ප්රඥානය යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්ද්රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්යඞ්ගයෝ යැ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ග යැ නිර්වාණය ද නිර්වාණගාමිනී ප්රතිපත්තිය ද යන මේ ඵාසුවිහරණය නුයි ‘විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු’ යනු වේ.
සාරිපුත්ත - යනු: බුදුහු ඒ තෙරුන් නමින් අමතන සේක. භගවා යනු: ගෞරවාධිවචන යැ; තවද, බුන් රාග ඇත් නුයි භගවත් යැ, බුන් ද්වේෂ ඇත් නුයි භගවත් යැ, බුන් මෝහ ඇත් නුයි භගවත් යැ, බුන් මාන ඇත් නුයි භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් කටු ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි භගවත් යැ, දහම්රුවන් භාග - විභාග - ප්රවිභාග කළාහු නුයි භගවත් යැ, භවයන් කෙළවර කළාහු නුයි භගවත් යැ, භාවිත ( - වඩන ලද) කය ඇත් නුයි, භාවිත ශීල - භාවිතචිත්ත - භාවිතප්රඥා ඇත්තාහු නුයි භගවත් යැ; නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස් කරුණුවලට තැන් වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් වනපර්ය්යන්ත සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාතසෙනාසන ග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අර්තථරසයට ධර්මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර ධ්යානයන්ට සතර අප්රාමාණ්යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අෂ්ට විමෝක්ෂයන්ට සතර අභිභායතනයන්ට නව අනුපූර්වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ සංඥාභාවනාවන්ට දශ කෘත්ස්නසමාපත්තීන්ට අනාපානස්මෘතිසමාධියට අශුභ සමාපත්තියට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර සතිපට්ඨානයන්ට සතරසම්යක්ප්රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්යඞ්ගයන්ට ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්යයන්ට සතර ප්රතිසංවිද්ධර්මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධධර්මයන්ට හිමි වූවාහු නුයි භගවත් නම් වූහ. ‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද, යම් මේ ‘භගවත්’ යන නාමයෙක් වී නම්, තෙල භාග්යවත් වූ බුදුවරයන්ට අර්හන්මාර්ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්වඥතාඥානය ලැබීම සමඟ රහත්ඵලය (හෝ සර්වධර්මයන්) ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් වී නුයි ‘සාරිපුත්තාති භගවා’ යනු වේ.
රිත්තාසනං සයනං සෙවතො චෙ - යම් තැනෙක හිඳී නම්, එය ‘ආසන’ යී කියනු ලැබෙයි: ඇඳ පුටු බිසි තට්ටිකා සම්කඩ තණඇතිරිය පන්ඇතිරිය පිදුරුඇතිරිය යි, සේනාසනය ‘සයන’ යී කියනු ලැබෙයි: විහාර යැ ගුරුළුවක් ගෙයැ ප්රාසාදය යැ හර්ම්ය යැ ගුහා යි; ඒ ශයනාසනය අසත්ප්රායරූපදර්ශනයෙන් රික්ත යැ විවික්ත යැ ප්රවිවික්ත යි; අසත්ප්රාය ශබ්දශ්රවණයෙන් … අසත්ප්රාය වූ පඤ්චකාමගුණයන් ගෙන් සිස් යැ විවෙක යැ අතිශයින් විවෙක යි. විවෙක වූ ශයනාසනය සෙවුණාහට නිති සෙවුණාහට මැනැවින් සෙවුණාහට වෙසෙසින් සෙවුණාහට නුයි ‘රිත්තාසනං සයනං සෙවතො වෙ’ යනු වේ.