16. 15.
(බුද්ධානුස්මෘති ආදීන් ගේ වශයෙන්) කල්යාණප්රීතියෙන් යුක්ත වූයේ ප්රඥාව පෙරටු කොට ඒ (ප්රකට - ප්රතිච්ඡන්න) උපද්රවයන් යටපත් කරන්නේ යැ, ප්රාන්තසෙනාසනයෙහි අරතිය (- නො ඇලීම) මැඩපවත්වන්නේ යැ. චතුර්විධ පරිදෙවධර්මයන් අභිභවනය කරන්නේ යි.
පඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීති - ‘පඤ්ඤා’ යනු: යම් ප්රඥාවක් ප්රකර්ෂයෙන් දැනීමෙක් විමසීමෙක් ප්රකර්ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් … අමෝහයෙක් සම්යග්දෘෂ්ටියක් වේ ද එය යි. පඤ්ඤං පුරක්ඛත්වා - මෙහි කිසිවෙක් ප්රඥාව පෙරටු කොට හැසිරෙයි, ප්රඥාව ධ්වජ කොට ඇත්තේ ප්රඥාව කෙහෙලි කොට ඇත්තේ ප්රඥාව අධිපති කොට ඇත්තේ විමසීම බහුල කොට ඇත්තේ වෙසෙසින් විමසීම බහුල කොට ඇත්තේ නුවණින් දැකීම බහුල කොට ඇත්තේ සෙවීම බහුල කොට ඇතියේ ප්රකට වූ විහරණ ඇතියේ ඒ ප්රඥාව චරිතය කොට ඇතියේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ ඊට නැමුණේ ඊට නතු වූයේ ඊට බරවූයේ එහි ඇලුණේ එය අධිපති කොට ඇත්තේ නුයි මෙසේ ද ‘පඤ්ඤං පුරක්ඛත්වා’ යනු වේ.
නොහොත් ඉදිරියට යෙමින් හෝ ‘ඉදිරියට යෙමී’ දැනගනී, සිටියේ හෝ ‘සිටියෙම් වෙමී’ දැනගනී, හුන්නේ හෝ ‘හුන්නෙම් වෙමී’ දැනගනී, හෝනේ හෝ ‘හෝනෙම් වෙමී’ දැනගනී, යළි යම් යම් පරිද්දෙකින් හෝ ඔහුගේ කය පිහිටියේ වී නම්, ඒ ඒ පරිද්දෙන් එය දැනගනී නුයි මෙසේත් ‘පඤ්ඤං පුරක්ඛත්වා’ යනු වේ. නොහොත් ඉදිරියට යෑමෙහි ද නැවැත්මෙහි ද නුවණින් දැන කරන්නේ වෙයි, ඉදිරිය බැලීමෙහි හා අවට බැලීමෙහි ද සම්පජානකාරී වෙයි, අතපය දිගුකිරීමෙහි ද හැකිළීමෙහි ද සම්පජානකාරී වෙයි, සඟළ - පා - සිවුරු දැරීමෙහි සම්පජානකාරී වෙයි, වැළැඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සම්පජානකාරී වෙයි, උච්චාර - ප්රස්රාවකර්මයෙහි සම්පජානකාරී වෙයි, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් දැන කරන්නේ වේ නුයි මෙසේත් ‘පඤ්ඤං පුරක්ඛත්වා’ යනු වේ. කළ්යාණපීති යනු: බුද්ධානුස්මෘතිවශයෙන් ප්රීතිපාමොද්යය, කල්යාණප්රීතිය උපදී. ධර්මානුස්මෘතිවශයෙන් - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්යාගානුස්මෘති - දේවතානුස්මෘති - වෙදනානුස්මෘති - ආනාපානස්මෘති - මරණානුස්මෘති - කායගතස්මෘති උපශමානුස්මෘති වශයෙන් ප්රීතිප්රාමෝද්යය කල්යාණප්රීතිය උපදී නුයි ‘පඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීති’ යනු වේ.
වික්ඛම්භයෙ තානි පරිස්සයානි - ‘පරිස්සය’ නම්: ප්රකට පරිශ්රයයෝ ද, ප්රතිච්ඡන්නපරිශ්රයයෝ දැ’යි පරිශ්රයයෝ දෙදෙනෙකි … මොහු ප්රතිච්ඡන්න පරිශ්රයයෝ යැයි කියනු ලැබෙත් … මෙසේත් ‘තත්රාසය’ නුයි - පරිශ්රය නම් වෙත්. වික්ඛම්භයෙ තානි පරිස්සයානි - ඒ උපද්රවයන් විෂ්කම්භණය කරන්නේ යැ, මැඩ පවත්වන්නේ යැ, යටපත් කරන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘වික්ඛම්භයෙ තානි පරිස්සයානි’ යනු වේ.
අරතිං සහෙථ සයනම්හි පන්තෙ - ‘අරති’ යනු: යම් අරතිය (-නො ඇලීමෙ) ක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරතාකාරයෙක් උකටලි බවෙක් තැවෙන අයුරෙක් වේ ද එය යි. සයනම්හි පන්තෙ වනකෙළවර සෙනසුන්හි හෝ අන්යතරාන්යතර කුශලධර්මයන්හි නො ඇලීම නසන්නේ ය, අභිභවනය කරන්නේය, යටපත් කරන්නේ ය, හාත්පසින් ගන්නේ ය. මඩින්නේ නුයි ‘අරතිං සහෙථ සයනම්හි පන්තෙ’ යනු වේ.
චතුරො සහෙථ පරිදෙවධම්මෙ - චතුර්විධ පරිදෙවනීයධර්මයන් සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ මැඩපවත්වන්නේ යැ, යටපත් කරන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘චතුරො සහෙථ පරිදෙවධම්මෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පඤ්ඤං පුරක්ඛත්වා -පෙ- චතුරො සහෙථ පරිදෙවධම්මෙ” යී.
16. 16.
කුමක් වළඳම් ද, කොහි හෝ වළඳම් ද, මේ රෑ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙම්, අද රෑ කොහි හොවිම් ද, යන වැලැපියයුතු වූ මේ සතර විතර්කයන් අපරිබොධ වැ හැසිරෙනසුලු ශෛක්ෂ තෙමේ දුරුකරන්නේ යි.