16. 13.
සොරකම් නො කරන්නේ යැ. මුසවා නො කියන්නේ යැ. තෘෂ්ණා සහිත වූ ද ස්ථාවර වූ ද (-පෘථග්ජන ක්ෂීණාස්රව) පුද්ගලයන් මෙත්සිතින් පතුරුවන්නේ යැ. යම් චිත්තයාගේ කැලැඹුණු බවක් දන්නේ නම්, එය මාරයාගේ පක්ෂයෙහි වනැයි දුරු කරන්නේ යි.
ථෙය්යං න කරෙය්ය න මුසා භණෙය්ය - ‘ථෙය්යං න කරෙය්ය’ යනු මෙහි මහණ තෙමෙ අයිනාදන් හැරැපියා අයිනාදනින් වෙන් වූයේ වන්නේ ය, දුන් දැය ගන්නේ දුන් දෙය කැමැති වනුයේ සොර නො වූ පිවිතුරු වූ සිතින් යුතු වැ වාසය කරන්නේ නුයි ‘ථෙය්යං න කරෙය්ය’ යනු වේ. න මුසා භණෙය්ය යනු: මෙහි මහණ තෙමෙ මුසවා හැරැපියා මුසවායෙන් වෙන් වූයේ වන්නේ ය, සබවස කියනුයේ සැබැවින් සැබැව ගළපනුයේ තිර වූයේ හැදැහියැ යුතු බස් ඇතියේ ලොව නො රවටනුයේ වන්නේ නුයි ‘ථෙය්යං න කරෙය්ය න මුසා භණෙය්ය’ යනු වේ.
මෙත්තාය ඵස්සෙ තසථාවරානි - ‘මෙත්තා’ නම්: සත්ත්වයන් කෙරෙහි යම් මෛත්රියෙක් මෛත්රී ආකාරයෙක් මෛත්රීසහගත සිත් ඇති බවෙක් අනුද්දයාවක් අනුද්දයාකාරයෙක් අනුද්දයා ඇති බවෙක් හිතෛෂී බවෙක් අනුකම්පාවක් අව්යාපාදයෙක් අව්යාපාද බවෙක් අද්වෙෂකුශලමූලයෙක් වේ ද එය යි. තස නම්: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව අප්රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු අප්රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘තසයෝ’ යැයි කියනු ලැබෙත් ද? ඔහු ත්රස්ත වෙති, උත්රස්ත වෙති, පරිත්රස්ත වෙති, බිය වෙති, සන්ත්රාසයට පැමිණෙත්; එකරුණෙන් ‘තස’ යී කියනු ලැබත්. ථාවරා යනු: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව ප්රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු ප්රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබත් ද? ඔහු ත්රස්ත නො වෙති, උත්රස්ත නො වෙති, පරිත්රස්ත නො වෙති, බිය නො වෙති, සන්ත්රාසයට නො පැමිණෙත්; එ කරුණෙන් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබෙත්. මෙත්තාය ඵස්සෙ තසථාවරානි - ත්රස්තයන් ද ස්ථාවරයන් ද මෙත්සිතින් ස්පර්ශ කරන්නේ ය, පතුරුවන්නේ ය, විපුල වූ මහද්ගත වු අප්රමාණ වූ අවෛර වූ ව්යාපාද රහිත වූ මෛත්රීසහගත සිතින් පතුරුවා වාසය කරන්නේ නුයි ‘මෙත්තාය ඵස්සෙ තසථාවරානි’ යනු වේ.
යදාවිලත්තං මනසො විජඤ්ඤා - ‘යදා’ යනු: යම් ; මනසො යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගසිතෙක් මනසෙක් මනසඞ්ඛ්යාත ආයතනයෙක් මනෙන්ද්රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, එය යි. කායදුශ්චරිතයෙන් සිත කැලැඹුණේ ක්ෂෝභ වූයේ කම්පිත වූයේ ගැටුණේ සැලුණේ භ්රාන්ත වූයේ නො සන්හිඳුනේ වෙයි; වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් - රාගයෙන් - ද්වේෂයෙන් - මෝහයෙන් - ක්රෝධයෙන් - උපනාහයෙන් - මකුබැවින් - පලාසයෙන් - ඊර්ෂ්යායෙන් - මාත්සර්ය්යයෙන් - මායායෙන් - ශාඨ්යයෙන් - ස්තම්භයෙන් - සාරම්භයෙන් - මානයෙන් - අතිමානයෙන් - මදයෙන් - ප්රමාදයෙන් - සියලු ක්ලේශයන් ගෙන් - සියලු දුශ්චරිතයන් ගෙන් සියලු දරථයන් ගෙන් - සියලු පරිදාහයන් ගෙන් - සියලු සන්තාපයන් ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත ආවිල වූයේ ලුලිත වූයේ කම්පිත වූයේ ඝට්ටිත වූයේ චලිත වූයේ භ්රාන්ත වූයේ අව්යුපශාන්ත වූයේ වෙයි; යදාවිලත්තං මනසො විජඤ්ඤා - චිත්තයාගේ කැලැඹුණු බව දන්නේ නම් හාත්පසින් දන්නේ නම්, වෙසෙසින් දන්නේ නම්, සර්වප්රකාරයෙන් දන්නේ නම්, ප්රතිවේධ කරන්නේ නම් යී ‘යදාවිලත්තං මනසො විජඤ්ඤා’ යනු වේ.