15. 7.
(නිවනට හික්මෙන) මුනි තෙම සත්යයෙන් යුක්ත වූයේ වන්නේ යැ ප්රාගල්භ්ය රහිත වන්නේ ය, මායාවෙන් වෙන් වූයේ වන්නේ යැ, ප්රහීණ කළ පෛශුන්ය ඇත්තේ වන්නේ යැ, ක්රෝධ නො කරනුයේ ලොභපාපය ද මාත්සර්ය්යය ද ඉක්මවන්නේ යි.
සච්චො සියා අප්පගබ්භො - ‘සච්චො සියා’ යනු: සත්යවචනයෙන් සමන්විත වූයේ වන්නේ යැ, සම්යග්දෘෂ්ටියෙන් සමන්විත වූයේ වන්නේ යැ, ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයෙන් සමන්විත වූයේ වන්නේ නුයි, ‘සච්චො සියා’ යනු වේ. අප්පගබ්භො යනු: ප්රාගල්භ්ය තුනෙකි: කායිකප්රාගල්භ්ය යැ වාචසිකප්රාගල්භ්ය යැ චෛතසිකප්රාගල්භ්ය යැයි … මේ චෛතසිකප්රාගල්භ්ය යයි. යමක්හු විසින් මේ තුන් ප්රාගල්භ්යයෝ ප්රහීණ කරන ලද්දාහු මුලසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හේ ‘අප්පගබ්භ’ යී කියනු ලැබේ නුයි ‘සච්චො සියා අප්පගබ්භො’ යනු වේ.
අමායො රිත්තපෙසුනො - ‘මායා’ යී වාඤ්චනික හැසිරීම කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිර, බසින් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, එය වසනු නිසා ලාමක ආශාව පිහිටුවයි; ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි; ‘නහමක් මා දනීව’ යි සලකයි; ‘නහමක් මා දනීව’ යි වචන කියයි; ‘නහමක් මා දනීව’ යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ යම් මායාවක් මායා ඇතිබවක් ඉක්මැයෑමක් වඤ්චාවක් (ප්රතිරූපයෙන් රවටන) නිකෘතියක් (පාපය) යටපත් කිරීමක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් ප්රකාශ නො කිරීමක් ප්රකට නො කිරීමක් මොනොවට වැසීමක් පාපක්රියාවක් වේ ද, මෝ මායා යී කියනු ලබයි. යමක්හු විසින් තෙල මායාව ප්රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්යොත්පත්තිකක වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘අමාය’ යී කියනු ලැබෙයි. රිත්තපෙසුනො ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි කිසිවෙක් පිසුනුබස් කියන්නේ වෙයි … මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියයි. යමකු විසින් තෙල පෛශුන්යය ප්රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘රිත්තපෙසුන’ යැ විවිත්තපෙසුන යැ පවිවිත්තපෙසුන යැයි කියනු ලැබේනුයි - ‘අමායො රිත්තපෙසුනො’ යනු වේ.
අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනී - ‘අක්කොධනො’ යී මැ වදාරන ලද. තවද ක්රෝධය පළමු කොට කියයුත්තේ යැ; දස අයුරකින් ක්රෝධය උපදී: ‘මඩ අවැඩ කළැ’ යි ක්රෝධය උපදී … යමක් විසින් තෙල ක්රෝධය ප්රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්රොධවස්තුව පරිඥානය කළ බැවින් ‘අක්කෝධන’ යැ. ක්රොධහෙතුව සිඳින ලද බැවින් ‘අක්කෝධන’ යී. ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවක් … දැඩි ලොභයෙක් ලෝභ සඞ්ඛ්යාත අකුශලමූලයෙක් වේ ද එයයි: වෙවිච්ඡ යී පඤ්ච මාත්සර්ය්යයෝ කියනු ලැබෙත්. ආවාසමාත්සර්ය්යයැ … ග්රාහනය ( - දැඩිව ගැනීම) ‘මාත්සර්ය්ය’ යයි කියනු ලැබේ. මුනි යනු: ’මොන’ යී ඥානය කියනු ලැබෙයි … ‘සඞ්ගජාලමතිච්ච සො මුනි’. අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි - මුනි තෙම ලෝභ සඞ්ඛ්යාත පාපය ද මාත්සර්ය්යය ද තරණය කෙළේ ය, උත්තරණය කෙළේ ය, ප්රතරණය කෙළේ ය, ඉක්ම වූයේ ය, වෙසෙසින් ඉක්මවූයේ ය, ව්යතික්රමණය කෙළේ නුයි ‘අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සච්චො සියා අප්පගබ්භො -පෙ- වෙවිච්ඡං විතරෙ මුනි” යී.
15. 8.
නිවනෙහි නැමුණු සිත් ඇති සත්ත්ව තෙමේ (වේදනාදි ස්කන්ධත්රය සඞ්ඛ්යාත) නාමකායයාගේ අකර්මණ්ය බව (- මිද්ධය) ද කායාලස්යය ද චිත්තයාගේ අකර්මණ්ය බව ද මැඩපවත්වන්නේ යැ, ස්මෘතිවිප්රවාසය (සඞ්ඛ්යාත) ප්රමාදයෙන් නො වසන්නේ යැ, අතිමානයෙහි නො පවත්නේ යි.
නිද්දං තන්දිං සහෙ ථීනං - ‘නිද්දා’ නම්: ස්කන්ධත්රය සඞ්ඛ්යාත නාමකායයා ගේ අකල්ය (-ගිලන්) බවෙක් අකර්මණ්ය බවෙක් (මේඝය අහස මෙන්) කය පහත් කොට බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්මණ්යභාවයෙන්) පෙළීමෙක් නිදීමෙක් කපිනිද්රාවක් නිදීමෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් වේ ද එයයි. තන්දිං යනු: තන්ද්රාවක් තන්ද්රාකාරයෙක් තන්ද්රාවෙන් මඩනා ලද සිත් ඇති බවෙක් ආලස්යයක් අලසබවක් ආලස්යාකාරයක් ආලස්යයෙන් මඩනා ලද සිත් ඇති බවක් වේ ද එය යි. ථීනං යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්මණ්ය බවෙක් එලෙන අයුරෙක් මැනවින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පැතුරුණු බවෙක් වේ ද එයයි. නිද්දං තන්දිං සහෙ ථීනං - ගිලන් බව ද ආලසය්ය ද තදබව ද; සහෙ - සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ, මඩනේ යැ, යටපත් කරන්නේ යැ, අල්වාගන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘නිද්දං තන්දිං සහෙ ථීනං’ යනු වේ.