15. 3.
නිරයාදි ලෝකය හාත්පසින් නිසරු යැ. සියලු දෙස අනිත්යතායෙන් කම්පිත යැ. (එයින්) තමහට ත්රාණය කැමැති වන්නෙම් ජරාදීන් නො මැඩුණු තැනක් නුදුටිමි.
සමන්තමසාරො ලෝකෝ - ‘ලෝක’ නම්: නිරයලෝක යැ තිරශ්චීනලෝක යැ ප්රෙතවිෂයලෝක යැ මනුෂ්යලෝක යැ දේවලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලොව යැ පරලොව යැ බඹලොව යැ දෙව්ලොව යැ. (යන) මේ’ ලෝක’ යී කියනු ලැබේ. නිරයලොකය නිත්යසාර සාරයෙන් හෝ සුඛසාර (සඞ්ඛ්යාත) සාරයෙන් හෝ ආත්මසාර (සඞ්ඛ්යාත) සාරයෙන් හෝ නිත්යයෙන් හෝ ධ්රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තිරශ්චීනයොනිලෝකය - ප්රේතවිෂයලෝකය - මනුෂ්යලෝකය - දේවලෝකය - ස්කන්ධලෝකය - ධාතුලෝකය - ආයතනලෝකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්යසාර (සඞ්ඛ්යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්යයෙන් හෝ ධ්රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වාභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ ශාස්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තවද බටගස යම්සේ හර රහිත වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ එරඬු ගස අසාර වූයේ නිසරු වූයේ සාරයෙන් අපගත ද, යම්සේ දිඹුල්ගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ වරණගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ එරබදුගස අසරු වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ පෙණපිඬ අසරු ද නිසරු ද හර නැත් ද, යම්සේ දියබුබුළ අසරු ද, නිසරු ද හර නැත් ද, යම්සේ මිරිඟුව අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ කෙසෙල්කඳ අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ මායාව අසරු ද නිසරු ද සාරාපගත ද, එසෙයින් මැ නිරයලොකය නිත්යසාර (සඞ්ඛ්යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්යයෙන් හෝ ධ්රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත වූයේ යි.
තිරශ්චීනයොනිලොකය - ප්රෙතවිෂයලොකය - මනුෂ්යලෝකය - දෙවලොකය නිත්යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්යයෙන් හෝ ධ්රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. ස්කන්ධලෝකය - ධාතුලෝකය - ආයතනලොකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්යයෙන් හෝ ධ්රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත නුයි. ‘සමන්තමසාරො ලෝකෝ’ යනු වේ.
දිසා සබ්බා සමෙරිතා - පෙර දිග යම් සංස්කාර කෙනෙක් වෙත් නම්, ඔවුහු ද අනිත්යතායෙන් කම්පිත වූවාහුය මොනොවට කම්පිත වූවාහුය සැලුණාහුය ගැටුණාහුය, ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය දුකෙහි පිහිටියාහුය, ත්රාණ (ආරක්ෂා) රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, පිහිට නැත්තාහුය, (තුමූ) පිහිට නො වන්නාහුය. පැලදෙස යම් සංස්කාර කෙනෙක් - උතුරු දෙස යම් සංස්කාර කෙනෙක් - දකුණු දෙස යම් සංස්කාර කෙනෙක් - පූර්ව අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - පශ්චිම අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උත්තර අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දක්ෂිණ අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - යට දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උඩ දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දශදිශාවන්හි යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔවුහු ද අනිත්යතායෙන් කම්පිත වූවාහුය, සඞ්කම්පිත වූවාහුය, සැලුණාහුය, ගැටුණාහුය; ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය, දුකෙහි පිහිටියාහුය, පාලන රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, අසරණ වූවාහුය, සරණ නො වන්නාහු යි.
මේ කියන ලද මැ යැ:
1. “තවද තාගේ තෙල විමන උතුරු දෙස බබුළුවමින් දිලියේ නමුදු (ජාතිජරාභඞ්ග සඞ්ඛ්යාත) වූ රූපයෙහි දෝෂය දැක සියලු කල්හි ශීතාදියෙන් කම්පිත වූ රූපය දැක, එ කරුණෙන් සොඳුරු නුවණැති ශාස්තෘ තෙම රූපයෙහි නො ඇලෙ.”
2. “ලෝවැසි තෙම මරණයෙන් මඩනා ලද, ජරාවෙන් පිරිවරන ලද, තෘෂ්ණා නැමැති ශල්යයෙන් අවතීර්ණ යැ. සියලු කල්හි ඉච්ඡා (-ආශාවෙන්) දුමන ලද්දේ යි.”
3. “සියලු සත්ත්ව ලෝක තෙමේ හාත්පසින් දැල්වෙන ලද. සියලු ලෝකය දුමන ලද. සියලු ලෝකය ප්රජ්වලිත යැ. සියලු ලෝකය ප්රකම්පිත වූයේ ය යි.”
‘දිසා සබ්බා සමෙරිතා’ යනු වේ.