15. 2.
දියත්තෙක මසුන් මෙන් (තෘෂ්ණාදියෙන්) සැලෙන සත්ත්වවර්ගයා දැක, ඔවුනොවුන් හා සමග විරුද්ධ වූවන් දැක, බිය මා කරා පැමිණියේ යැ. (- මට බිය උපන.)
ඵනදමානං පජං දිස්වා - ‘පජා’ යනු: සත්ත්වයනට නමෙකි. තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව දෘෂ්ටිස්පන්දනයෙන් සැලෙන ක්ලෙශස්පන්දනයෙන් සැලෙන දුශ්චරිතස්පන්දනයෙන් සැලෙන කායාදි ප්රයොගස්පන්දනයෙන් සැලෙන විපාකස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව, රාගයෙන් රත් වැ සැලෙන, ද්වේෂයෙන් දුෂ්ට වැ සැලෙන, මෝහයෙන් මූඪ වැ සැලෙන, මානයෙන් විනිබද්ධ වැ සැලෙන, ඖද්ධත්‍යයෙන් වික්ෂේපයට පැමිණැ සැලෙන, විචිකිත්සාවෙන් නිෂ්ඨාවට නො පැමිණැ සැලෙන, අනුශයෙන් තදබවට පැමිණැ සැලෙන, ලාභයෙන් සැලෙන, අලාභයෙන් සැලෙන, යශසින් සැලෙන, අයශසින් සැලෙන, ප්‍රශංසායෙන් සැලෙන, නින්දායෙන් සැලෙන, සුවයෙන් සැලෙන, දුකින් සැලෙන, ජාතියෙන් සැලෙන, ජරායෙන් සැලෙන, ව්‍යාධියෙන් සැලෙන, මරණයෙන් සැලෙන, ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් සැලෙන, නිරෑදුකින් සැලෙන, තිරිසන්යොන්හි වූ දුකින් සැලෙන, ප්‍රේතවිෂයෙහි වූ දුකින් සැලෙන, -
මිනිස්ලොවැ වූ දුකින් සැලෙන, ගර්භාවක්රාන්තිමූලක දුකින් සැලෙන, ගර්භස්ථිතිමූලක දුකින් - ගර්භව්යුත්ථානමූලක දුකින් - උපන්නහු පිළිදග්නා දුකින් - උපන්නහු පරා අයත් දුකින් - ආත්මොපක්‍රම දුකින් - පරොපක්‍රම දුකින් - දුඃඛදුඃඛයෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාම - දුඃඛයෙන් - චක්‍ෂුරෝගයෙන් වූ දුකින් - ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්ෂරොගයෙන් - කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාසයෙන් - ශ්වාසයෙන් - පීනසින් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්ෂිරොගයෙන් - මුර්ඡායෙන් - ලොහිතාතීසාරයෙන් - ආමශූලයෙන් - විරෙචනයෙන් - කුෂ්ටරෝගයෙන් - ගණ්ඩරොගයෙන් - කබරයෙන් - ක්‍ෂයරොගයෙන් - අපස්මාරයෙන් - දදපොළින් - කුඩා පොළින් - මහපොළින් - නියහිරින් - අතුල් පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්ශසින් - ලේපොළින් - භගන්දරයෙන් - පිතින් උපදනා රෝගයෙන් - සෙමින් උපදනා රෝගයෙන් - වයින් උපදනා රෝගයෙන් - සාන්නිපාතික රෝගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපදනා රෝගයෙන් - විෂමවිහරණයෙන් උපදනා රෝගයෙන් - විෂම විහරණයෙන් උපදනා රෝගයෙන් - උපක්‍රමයෙන් හටගන්නා රෝගයෙන් - කර්මවිපාකයෙන් උපදනා රෝගයෙන් - ශීතයෙන් - උෂ්ණයෙන් - ජිඝත්සායෙන් - පිපාසායෙන් - උච්චාරයෙන් - ප්රස්රාවයෙන් - මැසි මදුරු වා අව් දික්දෑ පහසින් වූ දුකින් - මවගේ මරණයෙන් වූ දුකින් - පියාගේ මරණයෙන් වූ දුකින් - බෑයාගේ මරණයෙන් වූ දුකින් - බුනගේ මරණයෙන් වූ දුකින් - පුතා මළ දුකින් - දූ මළ දුකින් - නෑයන් මළ දුකින් - භොග විපත්ති දුකින් - රොගවිපත්ති දුකින් - ශීලවිපත්ති දුකින් - දෘෂ්ටිවිපත්ති දුකින් සැලෙන මොනොවට සැලෙන වෙසෙසින් සැලෙන වෙවුලන වෙසෙසින් වෙවුලන අතිශයින් වෙවුලන ප්‍රජාව; දිස්වා - දැක පෙනී තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘ඵනදමානං පජං දිස්වා’ යනු වේ.
මච්ඡෙ අප්පොදකෙ යථා - මඳ දියෙහි දිය සිඳුණු කල්හි කවුඩන් විසින් හෝ උකුස්සන් විසින් හෝ කොකුන් විසින් හෝ නසනු ලබන්නාවූ නඟනු ලබන්නා වූ කනු ලබන්නා වූ මත්ස්‍යයෝ යම් සේ සැලෙත්ද සර්වාකාරයෙන් සැලෙත් ද විවිධ වැ සැලෙත් ද, වෙවුලත් ද, වෙසෙසින් වෙවුලත් ද අතිශයින් වෙවුලත් ද, එපරිද්දෙන් ම ප්‍රජාව තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙති … දෘෂ්ටිව්‍යසන දුකින් සැලෙති සර්වාකාරයෙන් සැලෙති විවිධ වැ සැලෙති, වෙවුලති වෙසෙසින් වෙවුලති අතිශයින් වෙවුලත් නුයි ‘මච්ඡෙ අප්පොදකෙ යථා’ යනු වේ.
අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ - සත්ත්වයෝ ඔවුනොවුන් විරුද්ධ වූවාහු ප්‍රතිවිරුද්ධ වූවාහු කෝපයෙන් පහළාහු වෙසෙසින් පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු රජුහු දු රජුන් සමග විවාද කෙරෙති, ක්ෂත්රියයෝත් ක්ෂත්රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතා සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියාත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, බෑයාත් බෑයා සමග විවාද කෙරෙයි, භගිනිය (-බූන) ද භගිනිය සමග විවාද කෙරෙයි, බෑයාත් බූන සමග විවාද කෙරෙයි, බූන ද බෑයා සම විවාද කෙරෙයි, යහලුවාත් යහලුවා සමග විවාද කෙරෙයි.