15. 11.
(මම් වූ කලි තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන බැවින්) ගේධ යැයි කියමි. මහවතුරෙකැයි ද, (දිවෙන හෙයින්) ආජවයෙකැයි ද ජල්පනයෙකැයි ද ආලම්බනයෙකැයි ද ප්රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය තෙමේ ඉක්මැවිය නො හැක්කේ යි.
ගෙධං බ්රෑමි මහොඝොති - ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘මහොඝ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුසලමූලයෙක් වේ ද එය යි. ගෙධං බ්රෑමි මහොඝොති - ගේධය මහෞඝ යැයි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණය කරමි, විභාග කරමි, ප්රකට කරමි, ප්රකාශ කෙරෙම් නුයි ‘ගෙධං බ්රෑමි මහොඝොති’ යනු වේ.
ආජවං බ්රෑමි ජප්පනං - ‘ආජවා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ආජවං බ්රෑමි ජප්පනං - ආජවය ‘ජප්පනා’ යැයි කියමි, පවසමි … ප්රකට කරමි, ප්රකාශ කෙරෙම් නුයි ‘ආජවං බ්රෑමි ජප්පනං’ යනු වේ.
ආරම්මණං පකම්පනං - ‘ආරම්මණ’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පකම්පන’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය නුයි ‘ආරම්මණං පකම්පනං’ යනු වේ.
කාමපඞ්කො දුරච්චයො - කාම නැමති මඩ කාමකදීමය කාමක්ලෙශය කාමලෙපය කාමපරිරොධය පසු කළ නො හැක්ක, ඉක්මැවිය නො හැක්ක, තරණය - ප්රතරණය - සමතික්රමණය ව්යතික්රමණය කළ නො හැක්කේ නුයි ‘කාමපඞ්කො දුරච්චයො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ගෙධං බ්රෑමි මහොඝොති -පෙ- කාමපඞ්කො දුරච්චයො” යී.
15. 12.
සත්යයෙන් නො ඉක් මැ සිටිනා වූ මුනි වූ ඒ ක්ෂීණාස්රව බ්රාහ්මණ තෙම නිර්වාණස්ථලයෙහි සිටී. හෙතෙම ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා (සිටියේ) ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
සච්චා අවොක්කමං මුනි - සත්යවචනයෙන් නො ඉක්මෙනුයේ සම්යග්දෘෂ්ටියෙන් නො ඉක්මෙනුයේ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් නො ඉක්මෙනුයේ; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි … සඞ්ගජාලය ඉක්මවා හෝ මුනි වූයේ නුයි ‘සච්චා අවොක්කමං මුනි’ යනු වේ.
ථලෙ තිට්ඨති බ්රාහ්මණො - ‘ථල’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්ෂය වීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. බ්රාහ්මණො යනු: සප්ත ධර්ම කෙනෙකුන් බාහිත වන බැවින් බ්රාහ්මණ යැ … තාදී වූ හෙතෙම බ්රාහ්මණ යයි කියනු ලැබේ. ථලෙ තිට්ඨති බ්රාහ්මණො යනු: ස්ථලයෙහි සිටී, ද්වීපයෙහි සිටී, ත්රාණයෙහි සිටී, ලෙණයෙහි සිටී, සරණයෙහි සිටී: අභයයෙහි සිටී, අච්යුතයෙහි සිටී, අමෘතයෙහි සිටී, නිර්වාණයෙහි සිටී නුයි ‘ථලෙ තිට්ඨති බ්රාහ්මණො’ යනු වේ.