14. 9.
මහණ තෙම යම් කලෙක රොගසපර්ශයෙන් මඩනා ලදුයේ වන්නේ නම්, (එකල්හි) පරිදේවනා නො කරන්නේ ය. (කාමභවාදි) භවය ද නො පතන්නේ ය. භය අරමුණු නිමිති කොට ද කම්පා නො වන්නේ යි.
ඵස්සෙන යදා ඵුට්ඨස්ස - ‘ඵස්ස’ නම්: රොගස්පර්ශ යැ, රෝග පහසින් ස්පර්ශ කරන ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්වාගත වූයේ වන්නේ නම්, චක්ෂුරෝගයෙන් ස්පර්ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්විත වූයේ වන්නේ නම්, ශ්රොත්රරොගයෙන් - ඝ්රාණරොගයෙන් ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්ෂරොගයෙන් - කර්ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසින් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්ෂිරොගයෙන් - මුර්ඡාවෙන් - ලෝහිත - පිත්තයෙන් - ආමශූලයෙන් - මහාවිරේචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - ශ්වේතකුෂ්ට (කබරරොග) යෙන් - ක්ෂයරොගයෙන් - අපස්මාරයෙන් - දදයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහාරින් වූ රෝගයෙන් - අතුල් පතුල් පැළීමෙන් - රක්තපිත්තයෙන් - මධුමෙහයෙන් - අර්ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තජ ආබාධයෙන් - ශ්ලේෂ්මජ ආබාධයෙන් - වාතජ ආබාධයෙන් - සන්නිපාතික ආබාධයෙන් - ඍතුජ ආබාධයෙන් - විෂමවිහරණයෙන් වූ ආබාධයෙන් - ඖපක්රමික ආබාධයෙන් - කර්මවිපාකජ ආබාධයෙන් - ශීතයෙන් උෂ්ණයෙන් - ජිඝත්සායෙන් - පිපාසායෙන් - උච්චාරයෙන් ප්රස්රාවයෙන් - මැසි මදුරු - වා අව් - දීර්ඝ ජාතීන්ගේ පහසින් ස්පර්ශ කරන ලදුයේ මඩනා ලදුයේ සමවහිත වූයේ සමන්විත වූයේ නුයි ‘ඵස්සෙන යදා ඵුට්ඨස්ස’ යනු වේ.
පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි - නම කියා හැඬීම, ගුණ කියා හැඬීම නම කියා හඬන අයුර ගුණ කියා හඬන අයුර නම කියා හඬන බව ගුණ කියා හඬන බව, බස සිස් බස විරූප වූ හිස් බස. පුනපුනා කීම පුනපුනා කියන අයුර පුනපුනා කියන බව නො කරන්නේ යැ, නො දැනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නො නිපදවන්නේ යි. කුහිඤ්චි - කොහි වත් කිසිවෙක්හි කිසි තැනෙක්හි අධ්යාත්මයෙහි හෝ බාහ්යයෙහි හෝ අධ්යාත්මබාහ්යයෙහි හෝ නුයි ‘පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි’ යනු වේ.
භවඤ්ච නාභිජප්පෙය්ය - කාමභවය නො පතන්නේ යැ, රූපභවය නො පතන්නේ යැ, අරූපභවය නො පතන්නේ යැ, ප්රජල්පනය නො කරන්නේ යැ, වෙසෙසින් ජල්පනය නො කරන්නේ යැ’ යි ‘භවඤ්ච නාභිජප්පෙය්ය’ යනු වේ.
භෙරවෙසු ච න සම්පවෙධෙය්ය - ‘භේරව’ නම්: එක් අයුරෙකින් භයත් භෛරවයත් හේ (එකෙක්) මැ ය. මේ වදාරන ලද මැ ය. බුදුන් විසින්: “තෙල ඒකාන්තයෙන් ඒ භයඅරමුණ පැමිණේ” යයි බාහ්යාලම්බනය වදාරන ලද්දේය: සිංහයෝ යැ ව්යාඝ්රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්සු යැ මිහිවෝ යැ අස්හු යැ ඇත්හු යැ සර්පයෝ යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසියෝ වන්නාහු ය. යළි අන් අයුරෙකින් අධ්යාත්මයෙහි වූ සිත්හි උපදනා බිය භයාකාරය තැතිගන්නා බව ලොමුදහ ගැන්ම චිත්තයාගේ උද්වේගය උත්රාසය ‘භය’ යී කියනු ලැබෙයි, ජාතිය නිසා උපදනා බිය ජරාභය ව්යාධිභය මරණභය රාජභය චෝරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය මුහුදුරළ නිසා උපදනා බිය මස්කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දියසුළි නිසා උපදනා බිය සැඬමසුන් (සුසුකා) නිසා උපදනා බිය දිවි පැවැතුම් හේතුවෙන් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැති ගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය දුගතිබිය (යන) මෙයින් උපදනා බිය, භයාකාරය, තැති ගන්නා බව, ලොමුදහ ගැන්ම, චිත්තයාගේ උද්වේගය, උත්රාසය යි. භෙරවෙසු ච න සම්පවෙධෙය්ය - භය අරමුණු දැක හෝ අසා හෝ නො වෙවුලන්නේ යැ වෙසෙසින් නො සැලෙන්නේ යැ පුනපුනා නො සැලෙන්නේ යැ, නො තැවෙන්නේ යැ වෙසෙසින් නො තැවෙන්නේ යැ පුනපුනා නො තැවෙන්නේ යැ, නො බිය වන්නේ යැ, සන්ත්රාසයට නො පැමිණෙන්නේ යැ, බියසුලු නො වන්නේ යැ, නො තැතිගන්නා සුලු ත්රස්ත නො වන සුලු - නො පලායන සුලු වන්නේ යැ, ප්රහීණ වූ භය අරමුණු ඇති වැ පහවූ රොමොද්ගම ඇති වැ වාසය කරන්නේ යැ යි ‘භෙරවෙසු ච න සම්පවෙධෙය්ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඵස්සෙන යදා ඵුට්ඨස්ස -පෙ- භෙරවෙසු ච න සම්පවෙධෙය්ය” යී.