14. 6.
මහාසාගරයාගේ (යොදුන් සාරදහසක් පමණ වූ) මධ්යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද, (නිශ්චල ව) සිටියේ වේ ද, එසෙයින් තෘෂ්ණා රහිත වූ ක්ෂීණාස්රව තෙම (අටලෝදහමින් නො සැලී) සිටියේ වන්නේ ය. එබඳු මහණ කිසිවෙක්හි (රාගාදි) උස්සදයක් නො කරන්නේ යි.
මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති - සමුද්රය යට පත්ලෙන් සූවාසුදහසක් යොදුන් ගැඹුරු යැ. යටින් සතලිස්දහසක් යොදුන් ජලය මස්කැස්බන්ගෙන් කම්පා වෙයි. මත්තෙහි සතලිස්දහසක් යොදුන් දිය වාතයෙන් කම්පා වෙයි. මැද සාරදහසක් යොදුන් දිය නො සැලෙයි, ඔබිනොබ නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි, කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො කැරැකුණේ සන්හිඳුණේ වෙයි. එහි රළ නූපදී, සමුද්රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ. නොහොත් (යුගන්ධරාදි) සත් පර්වයතයන් අතරැ සප්ත සීදන්තර මහාසමුද්රයෝ වෙති, එහි දිය කම්පන විකම්පන නො වෙයි, නො සැලෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි. කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො බැමුණේ සන්හිඳුණේ වෙයි, එහි රළ නූපදී, සමුද්රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ.
එවං ඨිතො අනෙජස්ස - ‘එවං’ යනු ඖපම්යසම්ප්රතිපාදන යැ, ඨිතො යනු: ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහිදු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්රශංසායෙහි දු නො සැලෙයි නින්දායෙහි දු නො සැලෙයි, සුවයෙහි දු නො සැලෙයි, දුකෙහි දු නො සැලෙයි, ඔබිනොබැ නොසැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, පරිභ්රම නො වේ නුයි මෙසේ සිටියේ; අනෙජස්ස යනු: ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. යමක්හු විසින් තෙල එජාව තෘෂ්ණාව ප්රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්යොත්පත්තික වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබේ. එජාව ප්රහීණ බැවින් ‘අනෙජ’ යී. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්රශංසායෙහි දු - නින්දායෙහි දු - සුවයෙහි දු - දුකෙහි දු නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, ඔබිනොබැ නො වෙවුලයි, නො පෙරැළේ නුයි ‘එවං ඨිතො අනෙජස්ස’ යනු වේ.
උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි - ‘උස්සද’ යනු: උත්සද සතෙකි; රාගොත්සදය ද්වෙෂොත්සදය මොහොත්සදය මානොත්දය දෘෂ්ට්යුත්සදය ක්ලෙශොත්දය කර්මොත්සය නො කරන්නේ ය. නො පහළ කරන්නේ ය. කුහිඤ්චි යනු: කිසිවෙක්හි කිසි තැනෙක්හි කවර තැනෙක්හි අධ්යාත්මයෙහි හෝ බාහ්යයෙහි හෝ අධ්යාත්මබාහ්යයෙහි හෝ නුයි ‘උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මජ්ඣෙ යථා සමුද්දස්ස -පෙ- උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි” යී.
14. 7.
අනාවරණ වූ පසැස් ඇතියේ උවදුරු දුරු කරන්නා වූ තමන් අයත් වූ නොහොත් තමන් විසින් ප්රත්යක්ෂ කළ ධර්මය වදාළේ ය. මුබට කල්යාණයෙක් වේවා. නොහොත් මුබගේ භද්ර වූ ප්රතිපදාව වදාළ මැනවි. ප්රතිමොක්ෂය ද යළි සමාධිය ද වදාළ මැනැවි.
අකිත්තයී විවටචක්ඛු - ‘අකිත්තයී’ යනු: දක්වන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරනලද ප්රකට කරන ලද ප්රකාශ කරන ලද නුයි ‘අකිත්තයී’ යනු වේ. විවටචක්ඛු යනු: බුදුහු පසැසකින් විවටචක්ඛු වූහ: මසැසිනු දු විවටචක්ඛු යහ, දිවැසිනු දු විවටචක්ඛු යහ, පැනැසිනු දු විවටචක්ඛු යහ, බුදුඇසිනු දු විවටචක්ඛු යහ, සමතැසිනු දු විවටචක්ඛු වූහ.